(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති ධුරය පුරප්පාඩු වී නැති හෙයින් වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමට ජනපතිවරයාට බලයක් නැති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණ ආපස්සට හැරවීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නොහැකි බව කී අගමැතිවරයා පොලිස්පතිවරයෙකු කනෙන් අල්ලා එළියට දැමීමට කිසිවකුටත් නොහැකි බවද සඳහන් කළේය.
පොලිස්පති ධූරයේ කටයුතු තහනම් කිරීමට නීතියේ ප්‍රතිපාදන නැතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
අගමැතිවරයා මෙසේ පැවසුවේ පොලිස්පති ධූරයේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.