IMG-LOGO

පැන්ෂන් නැති කරනවාට හිටපු මන්ත්‍රීන්ගෙන් ඉන්දියාවට පැමිණිල්ලක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව ජිනීවා මානව හිමිකම් සංවිධානයටත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයටත් යුරෝපා පාර්ලිමේන්තු සංගමයටත් අසල්වැසි ඉන්දීය රජයටත් පැමිණිලි කර ඇත.

එසේම විශ්‍රාම වැටුප අහෝසි කරනු ලැබූවහොත්  ජනතා විමුක්ති පෙරමුණ එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලබාගත් මන්ත්‍රී වැටුප ඉල්ලා අධිකරණයට යෑමටද ජවිපෙ හිටපු මන්ත්‍රීවරු පිරිසක් තීරණය  කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ  මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද වලට අත තැබීමෙන් පසු මීළඟට අත තබන්නේ රාජ්‍ය සේවකයන්ට බවද ඔහු සඳහන් කළේය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළහොත් තමන් අධිකරණයට යන බව පැවසූ ප්‍රේමසිරි මානගේ මහතා අතීතයට බලපැවැත්වෙන පරිදි නීති සම්මත කළ නොහැකි බවට පවතින නීතිමය තර්කය සම්බන්ධයෙන්ද අධ්‍යයනය කරගෙන යන බව සඳහන් කළේය.

එසේම හිටපු ජනාධිපතිවරුන් මෙතෙක් භුක්ති විදි  වරප්‍රසාද අහිමි කිරීමද අනුමත නොකරන බව ඔහු කීවේය.



අදහස් (7)

පැන්ෂන් නැති කරනවාට හිටපු මන්ත්‍රීන්ගෙන් ඉන්දියාවට පැමිණිල්ලක්

sumith liyanage Sunday, 03 August 2025 04:24 PM

අතීතයටත් බලපාන පරිදි විශ්‍රාම වැටුප් වැඩිකරනකොට කිවුවද ඒක නීති විරෝධියි කියලා?

:       2       35

Jay Sunday, 03 August 2025 04:29 PM

කෙඳිරි නම් ගාන්න එපා...!

:       4       41

ජයරත්න Sunday, 03 August 2025 04:40 PM

මෙයාලාට අස්වැසුම දෙන්න.

:       4       31

සෑම් Sunday, 03 August 2025 05:02 PM

රට කාබාසිනියා කරලා බංකොලොත් කරලා නැති බංගස්ථාන කරන්න ඍජුවම සම්බන්ධ එවුන් එකමිටට තවත් කන්න ඉල්ලනවා. මොවුන්ට ගෙවපු පැන්ෂන් එකත් ආපහු ගන්නයි තියෙන්නේ....!

:       4       33

nihal Sunday, 03 August 2025 05:21 PM

පිනට කකා බිබී ඉන්න පුරුදු වෙලා... කාලකණ්ණි පින්ගුත්තරයෝ...

:       2       24

fairoos Sunday, 03 August 2025 05:23 PM

ඔහේම නීතියක් හදාගත්තේ ඔයාලම නේද? අතීතයට බලපාන්න ඕනේ නැහැ අනාගතයටම වගේ වියදම් ඕනේ නැහැ...

:       2       18

ගුණරත්න Sunday, 03 August 2025 06:38 PM

ආණ්ඩුවේ උත්සාහය චීන ක්‍රමයේ කොමියුනිස්ට් පාලනයක් හදන්න... තනි පක්ෂ ආණ්ඩුවක් තියෙන පක්ෂයේ ප්‍රධානියා ආණ්ඩුවේත් ප්‍රධානියා වෙන විදියේ, ඒකේ මුල් පියවර තමයි විපක්ෂයේ දේශපාලනය අවහිර කරන එක. වැටුප අහිමි කළාම සාමාන්‍ය මනුස්සයෙක්ට දේශපාලනය කරන්න බැහැ. ධනවත් ව්‍යාපාරිකයෝ ව්‍යාපාර වෙනත් අයෙක්ට පවරලා දේශපාලනයට එනවා අඩුයි. ඉතින් වෙන්නේ ආණ්ඩුවේ පැලවත්ත අරමුදලෙන් යැපෙන අය ටික විතරක් දේශපාලනය කරන එක. මේක ඉතාම නරක ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක්...

:       10       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 342 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site