(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක සිසුවියන් පස්දෙනකු මත්පෙති පානය කර සිටියදී සිය බාරයට ගත් බව මරදාන පොලිසිය කියයි.
එම සිසුවියකට මත්පෙති අලෙවි කළ බව කියන පුද්ගලයකුද මත් පෙති දෙකක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
විදුහල්පතිනිය තම විදුහලේ 09 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් මත් පෙති පානය කර ඇති බවට දුරකථනයෙන් කරන ලද දැනුම් දීමක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන් කීප දෙනකු එලෙස හඳුනාගත් සිසුවියන් පස්දෙනකු පොලිස් ස්ථානය වෙත රැගෙන ආ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම සිසුවියන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී එම සිසුවියන් අතර සිටින එක් සිසුවියක් තමන්ට මත් පෙති ලබා දුන් බවට සිසුවියන් සිව් දෙනකු ප්‍රකාශ කළ ඇත.
ඒ අනුව එම සිසුවියගෙන් ප්‍රශ්න කිරීමේදී පළමු වරට මත් පෙති තුනක් පාසල වෙත ගෙන ගොස් එම පෙති තුනෙන් එකක් තමා පානය කළ බවත් අනෙක් මත් පෙති දෙක මිතුරියන් දෙදෙනකුට ලබා දුන් බවත් ඔවුන් ඒවා වැසිකිළිය තුළදී පානය කළ බවත් එම මිතුරියන්ගේ ඉල්ලීම මත නැවතත් මත් පෙති 03 ක් පාසල වෙත රැගෙන විත් 02 ක් මිතුරියක් වෙත ලබා දුන් බවත් ඇය ඒවා පානය කළ බවත් පසුව තවත් දින දෙකක් මත්පැති දෙක බැගින් පානය කළ බවත් එම මත් පෙති මට්ටක්කුලිය මල් වත්ත ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මිලදී ගත් බවත් ප්‍රකාශය කර ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
කොළඹ බාලිකාව සිසුවියෝ පස් දෙනෙක් මත් පෙති බීලා