IMG-LOGO

පොඩි රෝහල් වලටත් දැඩි සත්කාර ඒකක

(අංජුල මහික වීරරත්න)

දැඩි සත්කාර ඒකක ප්‍රධාන රෝහල් වලට පමණක් සීමා නොවිය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

ශ්‍රී ලංකා දැඩි සත්කාර විශේෂඥයින්ගේ විද්‍යාලයේ  (Ceylon College of Critical Care Specialists) දෙවන වාර්ෂික විද්‍යාත්මක සැසිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේ දී  පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව කීය.

ශ්‍රී ලංකා දැඩි සත්කාර ක්ෂේත්‍රයේ විශේෂඥයින් ජීවිතාරක්ෂක වෛද්‍ය විද්‍යාවේ පෙරමුණ ගන්නා බව කී අමාත්‍යවරයා දැඩිසත්කාර වෛද්‍ය විද්‍යාව ජාතික ප්‍රමුඛතාවයක් වන බව සඳහන් කළේය.

දැඩි සත්කාර ඒකක ප්‍රධාන රෝහල්වලට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට ද ව්‍යාප්ත විය යුතු අතර සෑම අසාධ්‍ය රෝගියෙකුටම ඔවුන්ගේ තරාතිරම කුමක් වුවත් නිසි ප්‍රතිකාර ලබාදිය යුතු බව ද පැවසී ය.

ශ්‍රී ලංකා දැඩි සත්කාර විශේෂඥයින්ගේ විද්‍යාලයේ දෙවන වාර්ෂික විද්‍යාත්මක සැසියේ මෙවර තේමාව වුයේ “ඔරොත්තු දීමේ හැකියාව බලගැන්වීම - තාක්ෂණය සහ අනුකම්පාව තුළින් තීරණාත්මක සත්කාර දියුණු කිරීම” (Empowering Resilience - Advancing Critical Care through Technology and compassion) යන්නයි.



අදහස් (0)

පොඩි රෝහල් වලටත් දැඩි සත්කාර ඒකක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 342 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site