(අමදෝරු අමරජීව )
ඇලස්වත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවති සැණකෙළි සාදයක් අවසන් වී අද (03) ආපසු එමින් සිටි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් තරුණයකු පිහි ඇනුමකින් මියගිය බව ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසිය කියයි .
මෙසේ ඝාතනය කර ඇත්තේ ත්‍රිකුණාමලය, ක්‍රිෂ්ණා පටුමගේ පදිංචි ටී. එච්.විනෝත් (33) නමැති තරුණයාය.
සාදය පැවති හෝටලය තුළ ඇතිවූ මත ගැටුමක් මෙම ඝාතනයට හේතු වී ඇතැයි පොලිසිය කියයි .මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
මියගිය තරුණයා හා පහර දුන් අය අතර පැවති පැරණි කෝන්තරයක් මෙම ගැටුමට මූලික වී තිබේ. පිහි පහර කා බිම ඇද වැටුණු මිය ගිය අයගේ හිසට ගලකින් ගසා ඇති බවද තොරතුරු අනාවරණය වී තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පිහි ඇනුමකින් තරුණයෙක් මරුට