(දයාරත්න ඇඹෝගම)
මහවැලි එච් කලාපයේ අක්කර 2,000 ක පමණ භුමි භාගයක වගා කළ බඩ ඉරිගු අස්වැන්න නිසි මිළකට විකුනාගත නොහැකිව කරල් සහිතව බඩ ඉරිගු ගස් කිලෝවක් රැපියල් විසිපහ බැගින් සත්ව ආහාර සදහා විකිනිමට සිදුව ඇතැයි සත්ව නිෂ්පාදන ජාතික ගොවි එකමුතුවේ සභාපති අතුල දිසානායක මහතා පවසයි.
මෙවර බඩ ඉරිගු වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබුණ ද ඒවා අලෙවි කර ගැනිමට නිසි වෙළද පොලක් හෝ නිසි මිලක් නොමැතිකම මීට හේතුවි ඇති බවද දිසානායක මහතා පැවසිය.
මහවැලි එච් කලාපයේ බඩ ඉරිගු වගාකළ තමන් ඇතුළු ගොවීන්ට අත්ව ඇති ඉරණම පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් දිසානායක මහතා මෙසේද පැවසිය.
“බඩ ඉරිගු ඇට කිලෝවක රජයේ සහතික මිල රැපියල් 140 වුණත්,හොදින් වේලපු බඩ ඉරිගු ඇට කිලෝව රුපියල් 110ත් 120 ත් අතර මිලකට තමයි දෙන්න වේලා තියෙන්නේ.ඒ මුදලට දෙන කොට ගොවියට අතින් පාඩුයි. ඒකටත් අමතර මහන්සියක් වියදමක් දරන්න ඔනේ.
බඩ ඉරිගු ඇට හොදට වේලන්න ඔනේ.හොදට සුනාමි කරලා බෑග්වල දමාගෙන ගිහින් තමයි දෙන්න ඔනේ.
ඒ නිසා ගොවියෝ කල්පනා කළා බඩ ඉරිගු ගහම කරලුත් එක්ක ගලවලා කිලෝව රැපියල් විසිපහට සත්ව ආහාරවලට විකුනන්න. අද ඒක එක සත්ව පාලන සමාගම් ගොවිපලවල්වලට ඇවිත් බඩ ඉරිගු කරලයි, ගහයි ඔක්කෝම කිලෝව රැපියල් විසිහතරට,විසිපහට මිලදි ගෙන ලොරිවල පටවා ගෙන යනවා.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නිසි මිලක් නැති බඩඉරිඟු සතුනට කන්න දෙයි
ගුණරත්න Sunday, 03 August 2025 06:33 PM
හොරා හොරා ගගා කෑ මොර දුන්නාට, විපක්ෂයේ ඉන්න කාලේ සුරංගනා කතා කිව්වාට බලය උපරිමයෙන් ලැබිලාත් වැඩක් කරගන්න බැරි නිකම්මු ටිකක් මේ ආණ්ඩුවේ ඉන්නේ. දැන් ඔය අස්වනු විකුණා ගන්න බැරි එකට ගොවියන්ට ගිය ආණ්ඩු වලට බනීවි. එච්චරයි නේ ඔවුන් දන්නේත්...!
ak Sunday, 03 August 2025 06:40 PM
බඩ ඉරිඟු අස්වැන්න ලබාගන්නා කාලයට බඩ ඉරිඟු imports කිරීම නැවැතීමට හෝ අවම කිරීමට කටයුතු කළයුතු වේ. සත්ව අහාර සඳහා ලබාදීමෙන් අදායමක් ලැබේ නම් එය ගොවීන්ගේ කැමැත්ත...
පන්සිළු Sunday, 03 August 2025 07:40 PM
අපේ රටට ආවේණික බඩ ඉරිඟු හිටවන්න ගොවීන් පුරුදු විය යුතුයි. ඒවාට බෙහෙත් පොහොර කිසිම දෙයක් ඕනෑ නෑ. ඇට ලොකු නහල්ල හීනි හරිම රස බඩඉරිඟු . මේ මැලේසියන් එකක් හඳුන්වලා දීලා තමයි විනාශයක් වෙලා තියෙන්නේ...