නිශාචර සතුන්ගේ නම් ගොඩට පියාගේ නමත් දාලා


ගුරුතුමිය විසින් සතුන් පිළිබඳව කරන ලද පාඩමකින් පසු නිශාචර සතුන් පස් දෙනකුගේ නම් ලියන්නැයි පැවැසූ විට තම පියාගේ නම ද ලියූ සිසුවියක පිළිබඳව පුවතක් පසුගියදා දකුණේ කඳුකර ග‍්‍රාමීය පාසලකින් අසන්නට ලැබිණි.

එදින පැවැති සමාජ අධ්‍යයන පාඩමකදී සතුන්ගේ වර්ගීකරණයට යෙදුණු මේ ගුරුවරිය නිශාචර, ජලචර, සිවුපා, බහුපා ආදී වශයෙන් සතුන් වර්ගීකරණය කර ඊට උදාහරණ ද දුන්නාය.

අවසානයේ දරුවන්ගේ ඇගැයීම සඳහා නිශාචරයින් තිදෙනකුගේ නම් ලියන්නැයි කී විට පාඩමට උනන්දුවෙන් සවන් නොදුන් දැරියක් ළඟ සිටි යෙහෙළියකගෙන් නිශාචර යනු කුමක්දැයි අසා ඒ රාත‍්‍රියේ ඇවිදින අය බව යෙහෙළියගෙන් දැනගෙන පියාගේ නම ද ලිව්වේ ඔහු රාත‍්‍රී මුර සංචාරයේ යෙදී මහ රෑ ගෙදර එන නිසාලූ.