(අංජුල මහික වීරරත්න)
ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල දී විවෘත විය.
ඌව පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ප්‍රවර්ධනය සඳහා වර්ග මීටර් 1,188ක පමණ වපසරියකින් යුතුව, රුපියල් මිලියන 300 ක පමණ වියදමින් සියලු පහසුකම් හා රාජ්‍ය අනුග්‍රහය ඇතිව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙම පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය ඉදි කෙරිණි.
ඊට සමගාමීව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රිකට් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 14ක් සඳහා එක් පාසලකට රුපියල් ලක්ෂ 3 බැගින් වූ වටිනාකමකින් යුතු ක්‍රිකට් භාණ්ඩ කට්ටල ප්‍රදානය කිරීම ද සිදුකළ අතර, ප්‍රදර්ශනාත්මක දැල්පන්දු තරඟයක් ද පැවැත්විණි.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ඌව පළාතට ක්‍රීඩා සංකීර්ණයක්