(රෝෂන් තුෂාර)
තලවකැලේ ලිදුල නගර සභාවට අයත් මස්කඩ කාමරයක් අඩු ලන්සුවකට ලබාදීමෙන් රුපියල් ලක්ෂ 23කට අධික පාඩුවක් සිදු කළේ යැයි කියන හිටපු සභාපති අශෝක සේපාල ලබන 11වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද(02) නියෝග කළාය.
2019 වසරේ දී ලිදුල නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් මස්කඩ කාමරයක් වැඩි ලන්න්සුවකට ලබා නොදී,අත්තනෝමතිකව අඩු ලංකුවකට ලබා දී රුපියල් 2380000.00 ක පාඩුවක් සිදු කිරීමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන බවය.සිද්දිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බැවින් හා සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ කීපයක් සටහන් කර ගැනීමට ඇති බැවින් සැකකරු බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ලිදුල නගර සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්
ගුණරත්න Monday, 02 June 2025 05:00 PM
මේ ආණ්ඩුවේ වාහන වෙන්දේසියත් ඒ වගේ, හිතාගන්න බැරි අඩු තක්සේරු කරලා ඒ තක්සේරුවටත් අඩුවෙන් වාහන දුන්නා කියලා අපට අහන්න ලැබුණා...
Rata PerataMonday, 02 June 2025 07:11 PM
තණකොළම කන්න... සමහර අයගේ උප්පත්තියම වැරැදියි.
Nandalal de Silva - France Monday, 02 June 2025 06:13 PM
ඕවා ඉතින් මොන විදිහේ රජයක් ආවත් කරන තුප්පහි වැඩ තමයි. මොනම රජයකවත් සුද්ධවන්තයින් ඉන්නා බවක් කිසිම පොත පතක තබා අපේ මහාවංශයේ හෝ ලියැවී නෑ කියා මගේ සීයා කියනවා.