(අංජුල මහික වීරරත්න)
ජාතික ජනබලවේගය මේ වන විට දිවයිනේ පළාත් පාලන ආයතන 151ක බලය පිහිටුවා තිබේ.
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන හයකද ,ජාතික කොංග්‍රසය පළාත් පාලන ආයතන දෙකකද,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පළාත් පාලන ආයතන එකකද,ස්වාධීන කණ්ඩායම 1 පළාත් පාලන ආයතන එකකද බලය පිහිටුවා ඇත.
සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය මේ වනතෙක් එකදු පළාත් පාලන ආයතනයකවත් බලය පිහිටුවා නැත.
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය මන්මුනෙයි බටහිර,පෝරතිව්පත්තු, කරච්චි,පුනාකරි,පුතුකුඩි ඉරිප්පු, වෙරුගල් යන ප්‍රාදේශීය සභා වල බලය පිහිටුවීය.
ජාතික කොංග්‍රසය අක්කරෙයිපත්තු මහ නගර සභාවේ සහ අක්කරෙයිපත්තු ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවා තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කාත්තන්කුඩි නගර සභාවේ බලය පිහිටුවා ඇති අතර ස්වාධීන කණ්ඩායම 1 තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීය.
2025 මැයි 31 වන දින නිකුත් කෙරුණු ගැසට් පත්‍රයට අනුව ඉහත පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් පත් කරමින් අදාල දේශපාලන පක්ෂ බලය පිහිටුවනු ලැබ ඇත.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ජා.ජ.බ දැනට පුංචි ආණ්ඩු 151ක් හදයි
අරවින්ද මොණරවිල Monday, 02 June 2025 04:51 PM
අනුන්ගේ ඒවට කුරුමානම් අල්ලන සජබ හොර බළලුන්ට අන්තිමට අතේ තියෙන සභා ටිකත් නැතිවෙන පාටයි මිත්‍රවරුනි...!