IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


සාහිත්‍යයේ ස්ත්‍රී සමලිංගිකත්වය

සංචින්තා


" පුංචි පැල්පතක් තුළට ඔබ මා සමඟ එනවානම් ඇ‌ලන් මම ඔබට මරණය තෙක් ආ‌දරය කරමි. දිවියතුරා  අප දෙදෙනාගේ සන්තෝ‌ෂයට වෙනකිසිවකු අවශ්‍යය නැහැ ඇ‌ලන්  "  -  මේ වර්ෂ 1836 දි චාර්ලොට් බොන්ටෙි( Charlotte  Brontë )නම් ගත්කකුවරිය ඇ‌ය සිපගත් ඇ‌ලන් නමැති තරුණියකට ලියු ලිපියක කො‌ටසකි.

මේ post එක හො‌රෙන් කියවන ඔබ කිහිපදෙනකු හෝ‌ The Well of Lonliness නවකතාව කියවා ඇ‌තැයි මම සිතමි.19 වැනි ශතවර්ෂය වනවිට යුරෝ‌පිය සමාජය තුළ ස්ත්‍රි සමලිංගිකත්වය පිළිබඳව එතෙක් පැවති පහත් අසික්සිත මතවාද දෙදරායාමට පටන්ගනී. ස්ත්‍රී ගත්කතුවරියන් ස්ත්‍රි සමලිංගිකත්වය නවකතා තුළ සාහිත්‍යයකරණය කිරිමට තරම් එඩිතර විය.  අපගේ ජීවිතවලට එළියේ සමාජයේ පවතින ආර්ථිකයේ පරිමාණය ( scale of economy )එක දැඩිලෙස බලපාන බව මම ඔබට විටින් විට මතක්කර දෙමි. 19 වැනි ශතවර්ෂයේ scale of economy එකේ සිදුවු විපර්යාසයක් නිසා එතෙක් ගො‌විපො‌ළේ පැල්පතක තනිවු ගැහැනුන්ට පැල්පත් තුළින් පිටතට පැමිණ එකම ශාලාවක ගැහැනුන් රාශියක් වැඩ කරන factory තුළ රැකියාව කිරිමට සිදුවිය. සියවස් ගණනාවක සිට ලාම්පුව නිවා කලිසම ගැලවු පිරිමියකු දුටු ගැහැනියට කාර්මික විප්ලවය (industrial revolution ) නිසා එකම ශාලාවක් තුළ වෙනත් ගැහැනු ශරිර වැඩිවැඩියෙන් දැක ගැනමට හැකිවිය. 19 වැනි සියවසේදි scale of economy එකේ සිදුවු මෙම විචල්‍යයතාව නිසා ස්ත්‍රී සමලිංගිකත්වය සාහිත්‍යයකරණයට මුල පෑදුන බව මාගේ පුද්ගලික අදහසයි.මානව ලිංගිකත්වයේ මෙම නව නැඹුරුව නිසා ස්නායු විශේෂඥයකු වු සිග්මන් ෆොයිඩ්ට (Sigmund Freud) Sexologist කෙනකු බවට පත්වීමට  සිදුවිය. von Ebing වැනි Sexologist ලා සමලිංගික ගැහැනු වෙන්කර හදුනාගන්නා අන්දම පිළිබඳ  manuals පවා ලිව්වේය. කො‌ටට කැපූ කො‌ණ්ඩය , බුද්ධිමත් දාර්ශනික කතාබහ , කලාව පිළිබඳ ඇ‌ති නම්‍යයතාව  වැනි චරිතාංග කිහිපයක්ම von Ebing ඉදිරිපත්කර තිබේ. 

Lesbian porn වලින් ලිංගිකව උත්දිපනය වන පිරිමින් මවිසින් දැක ඇ‌ත. මෙම post එක එවැන්නක් නො‌වන බැවින් literature පිළිබඳ ඇ‌ල්මක් නො‌දක්වන්නෝ මෙය නො‌කියවා Facebook එකේ පහළට ගමන්කිරිම සුදුසු බව මාගේ අවවාදයයි. 

Sexologist ලා ඉදිරිපත් කළ තර්කණය සරලය.ලිංගික ක්‍රියා පටන් ගැනිමට අැඳ උඩට නගින ගැහැනු දොදෙනා අතරින් එක ගැහැනියක් active වේ.  අනෙක් ගැහැනිය passive වේ. Sexologist ලා පිරිමි ලිංගික fantasy එක අසුරින් ගැහැනු සමලිංගිකත්වය තේරුම්ගැනී මට උත්සාහකර ඇ‌ති බව අපට පෙනී යයි. සමලිංගික ගැහැනුන් දෙස Sexologist ලා බැලු view point එකක් ඇ‌ත. පිරිමියා අතීතයේ සිටම ගැහැනිය  view point එකකින් කපා රාක්කයක් මත අඩුක් කිරිමට පුරුදුවී ඇ‌ත.

ස්ත්‍රියකගේ කෙස්රො‌ද, මුහුණ, නළලත , තො‌ල් , නිතඹ , කලවා , බුරිය, පස්ස වැනි female dorsal body එකේ අවයවාංග ගැන මුල්වරට ඉන්දියානු මහාද්විපය තුළ සාහිත්‍යයම ආ‌කාරයෙන් ඉස්මතුවීම සිදුවන්නේ ගුප්ත රාජ්‍යයවංශය තුළයි. භාරතීය සාහිත්‍යයකරුවා ස්ත්‍රිය දෙස බැලු view point එකෙහි සෙවණැල්ල සිරිලංකා දුපතේ පැරණි සිංහල සාහිත්‍යයකරුවා මත පතිතවු බව අපට නිරික්ෂණය කළ හැකිය. ඇ‌තැම් සිංහල කවියන් ගැහැනියකගේ නෙරා ආ‌ තො‌ල් උපමාකර තිබුණේ දිවුල් ගො‌ඩියකටය. පෙරදිග භාරතීය  සාහිත්‍යයකරුවා ගැහැනිය දෙස බැලුවේ  high angle view point එකක් නො‌ව low angle view point එකකින් බව මා හට පෙනීයයි. එනම් ගැහැනිය දෙස පෙරදිග සාහිත්‍යයකරුවා බැලුවේ කාණුවකට බැස පාරේ ගමන්කරන ස්ත්‍රියක් දෙස බලා සිටින අකාරයෙන්ය. අපෙන් සො‌රාගෙන ගො‌ස් වනචර සුද්දන් London museum එකෙහි තබාගෙන ප්‍රදර්ශන කරන තාරාදේවියගේ ප්‍රතිමාව දැන් ඔබ සිහියට නගාගන්න. තාරාදේවිය නෙලු මුර්ති ශිල්පියාගේ view point එක low angel එකක් වේ. පෙරදිග සාහිත්‍යයකරුවා පාරේ බුදියගෙන නාරිලතාවට පාරේ ඇ‌විදින ලලනාව දෙස බලා සිටි බවක් නිරික්ෂණය කළ හැකිය. 

ස්ත්‍රි ශරිරයේ සියලු අඟපසඟ සාහිත්‍යය කරණයට ලක්වුවත් ස්ත්‍රී නිමිත්ත සාහිත්‍යයම වශයෙන් වර්ණනා කිරිමට තරම් gusts පෙරදිග සාහිත්‍යයකරුවා තුළ තිබුණේ නැති බවක් මා හට පෙනියයි. තමන්ගේ දෙපතුල ළඟ දණ ගසනා පිරිමියා ගැහැනිය එළවා නො‌දමන බව වාත්ස්‍යායන්ගේ  කාමසුත්‍රයෙහි අවසන් අර්ථය බව මාගේ අවබෝ‌ධයයි.  ලිංගික ක්‍රියාවන්හිදි භාවිත කරන doggy style එක කාමසුත්‍රයේදි නම් කරන්නේ ගො‌නා ගැසීම අර්ථය දක්වන ධේනුකා නාමයෙන්ය. sexual position 100 ක් විතර කාමසුත්‍රයෙහි සුත්‍ර ගතකළත් ස්ත්‍රි නිමිත්ත සාහිත්‍යයකරණය කිරිමට වාත්ස්‍යායන තුළ guts තිබි නො‌මැත. යම් දවටනයක් හරහා ස්ත්‍රි නිමිත්තදෙස බැලිමට ඔහුට guts තිබුණ බව සැබෑය.

පෙරදිග සාහිත්‍යයකරුවා ස්ත්‍රිය දෙස බැලීමට භාවිත කළේ low angle view point එකක්වේ. සාහිත්‍යයකරුවා පහතින් සිට උස් තැනක සිටින ස්ත්‍රිය ශරිරය දෙස එබී බලයි. එවිට පෙනෙන්නේ ගැහැනියගේ dorsal ශරිරයයි. එය face to face එබි බලන medium angel එකක් නො‌වේ. එනිසා මෙවන් ගීත අදත් ලියවේ - "චන්දන ඇ‌ල්ලෙන් නාලා  අංජන මල්මී ගාලා"

බටහිර සාහිත්‍යය තුළ ගැහැනිය සාහිත්‍යයම වර්ණනාවට නැගිමේදි ස්ත්‍රියගේ dorsal  body එක දෙස බැලු view point  එක high angel එකක් බව අපට පෙනියයි. ග්‍රීක යුගයේ ජිවත්වු  Sappho නමැති සමලිංගික කිවිඳිය ගැහැනියකගේ ශරිරය වර්ණනා කළ අකාරය සමකාලීන ඉන්දියානු කවියකු ගැහැනියකගේ අඟපසඟ වර්ණනා කළ ආ‌කාරයට වඩා වෙනස්වේ. මේ වෙනස ඔබ විසින් වටහාගත යුතුය.  ඒ‌ සදහා  basic literature කුඩා ප්‍රමාණයක් ඔබ හට අවශ්‍යයවේ. 

Homer ගෙන් සසු ග්‍රිසිය පිරිමින්ගේ Homo Sex ක්‍රියාකාරකම් රාජ්‍යය මට්ටමින් අනුමත කළ සමාජයක් විය. එය ග්‍රීක scale of economy එක නිසා උදාවු තත්වයක් බව මාගේ පුද්ගලික අවබෝ‌ධයයි. ග්‍රීක සමාජයේ ඇ‌තැම් පිරිමින් ගො‌විපො‌ළේ රස්සාවට ගිය අතර සමාජයේ සැලකියයුතු පිරිසක්‌  යුද හමුදාවේ රස්සාවට ගියහ. අවුරැදු 14 දි යුදහමුදාවේ රස්සාවට ගිය පිරිමින් නැවත නිවස කරා ආ‌වේ නැත. ඔවුහු යුද බැරැක්ක වල නැවති හමුදා පුහුණුව ලැබුහ. ඔවුහු  හමුදා බැරක්ක තුළම ජීවත් වූහ. සතියකකට වතාවක් හෝ‌ මාසයකට වතාවක් බිරිද සමග නිදාගැනිමට පමණක් ඔවුන්ට නිවෙස් කරා පැමිණිය හැකිවිය. ඇ‌තැමුන් නිවෙස් කරා පැමිණියේ තම සමලිංගික පෙම්වතාත් සමගය. Spartacus යනු පිරිමින් අතර සිදුකෙරෙනු anal sex ඉහළින් පිළිගත් ජනපදයක් විය. Spartacus ලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගල් කො‌ල්ලන් විය.  Alexander රජු ගැන විස්තරයක් ලියු Plutarch මේ ගැන විස්තරයක් සපයයි. බැටලුවන් රකින ගො‌පලුන්ට වඩා ග්‍රීසියට අල්ලපු වැටේ  ස‍තුරන්ගෙන් ගො‌පලුන් රකින පිරිමි හමුදාවක් අවශ්‍යය වු බව basic literature තුළින් අපට පෙනියයි.  ඇ‌තැම් ග්‍රීක දාර්ශනිකයන් ගල් කො‌ල්ලන් බව ඔබත් දනි. ගැහැනිය නැති තැන පිරිමින් සමග ලිංගික ක්‍රියාවලට පුරුදුවු ග්‍රීකයෝ අනිතිමට ගැහැනුන් ළඟ සිටියත් පිරිමින් සමගම බුදිය ගත්හ.

Industrial revolution එක නිසා එංගලන්තයේ ගැහැනු පිරිසක් factory ශාලා තුළ එකතුවුවා සේ එදා ග්‍රීසිය තුළ ද ගැහැනුන් පිරිසක් ලෙස  එකට එකතුවී රැකියා කළ බව මම Homer ගේ Iliad කාව්‍යය තුළ නිරික්ෂණය කරමි.  Achilles ගෙන් පණ බේරාගැනිමට Hector ගස් අස්සෙන් දුවගෙන විත් Karamenderes නදිය තිරයේ දුවයි. එකට එකතුවි නදියේ සුදු ලිනන් රෙදි සෝ‌දන ගැහැනුන් වැටි වැටි දුවන Hector දෙස බලාසිටි. මෙම අවස්ථාව මා ඉතාලි වේදිකා නාට්‍යයක් තුළ නැරඹුවෙමි. එම ජවනිකාවේ දර්ශන මගේ  මතකයේ සදා රැඳී පවති. රෙදි සෝ‌දන ගැහැනු අල්ලාප සල්ලාප කෙළි සෙල්ලම්වල යෙදි සිටිති. ගැහැනුන්ගේ ඇ‌තැම් කවට සෙල්ලම් ලිංගිකත්වයට ආ‌රාධනා කරයි. මෙම නාට්‍යයේ නිෂ්පාදකවරයාට මො‌නතරම් ඉතිහාස දැනුමක් තිබෙන්නට ඇ‌ත්දැයි මම එම මො‌හො‌තේ කල්පනා කළෙමි. ශ්‍රමය වැයකිරිමට එකට එකතුවු ගැහැනුන් තුළින් පුලා පැනපු ගැහැනු සමලිංගිකත්වය තම ඥානයට හසුකර ගැනිමට තරම් නාට්‍යයේ නිෂ්පාදකවරයා විචක්ෂණශිලිවී ඇ‌ත. කටුනායක වෙළෙඳ කලාපයේ බෝ‌ඩිම්වල ලැගුම්ගෙන සිටි කෙල්ලන්ට ආ‌ප්ප කෙල්ලන් කියා මුලින්ම නම්පට බැන්දේ බෝ‌ඩිමේ අයිති හිමිකරුවාගේ බිරිඳ වු ඇ‌න්ටි විසින්ය. අමු ගො‌බ්බ ගැනියෙකුවු ඇ‌න්ටි කසාද බැඳ තිබුණේ රත්‍රං බ්‍රේස්ලට් 3 ක් එකම අතේ බැදගෙන සිටි ගස්බල්ලෙක්වය.  ඇ‌වරිවත්තේ බස් නැවතුමින් බැස බෝ‌ඩිම් කරා ගමන්කරන මේ කෙල්ලන්ට හුජ්ජ කෙල්ලන්  කියා  හිංසා පීඩා කිරිම තේරුමක් නැති ක්‍රියාවක් බව බ්‍රේස්ලට් අතේ බැඳගෙන සිටි ගස් බල්ලාට පහදාදිමට කෙතරම් උත්සාහ කළත් එය නිරර්ථක විය. සාහිත්‍යය මිනිස් සමායයකට අවශ්‍යය බව මා පවසන්නේ මේ නිසයි.

බටහිර සහිත්‍යයකරුවා ස්ත්‍රිය දෙස බැලුවේ medium angel එකකින් බව සමස්තයක් ලෙස අපට පිළිගත හැකිය. ග්‍රීක සමලිංගික කිවිඳියක වු Sappho හට ලිංගික සහකාරියන් කිහිපදෙනෙකුම සිටිය අතර Sappoවිසින් ඔවුන් සාහිත්‍යකරණයට නංවා තිබෙන්නේ ඔවුන් දෙස face to face එබී බැලිමෙන්ය. Sappho කිසිමදාක ඉඟසුඟ ගතහැක මිටිනා වැනි වදන් ගැහැනුන් ගැන නො‌ලියුවාය.  ග්‍රීක ගැහැනු  උදේ සිට රෑ වෙනතුරු ලිනන් රෙදි විවීම සිදුකළහ. Sappho ගේ පහත කවි පද දෙස බලන්න 

අම්මා මට බැහැ වියන්න 
Aphrodite දෙව්දුව මාව වෙලාගෙන
එනිසා 
මට ඔනා දැන්
සුකො‌මල කෙල්ලෙක්ව බදාගන්න
මට බැහැ අම්මා වියන්න 

මානව ලිංගික චර්යාව තුළට නව වචනයක්වු Lesbian චවනය එකතුවුයේ Sappho නිසාය. Lesbo නමැති දුපතේ ඇ‌ය උපතලැබු නිසා සමලිංගික ස්ත්‍රින් හැදින්විමට Lesbian නමැති නාමය පසුකලෙක භාවිත විණි. නමුත් Lesbo නමැති නාමයෙන් එම දූපත ග්‍රිකයන් විසින් හැඳින්වු වෙනත් හේතුවක් ඇ‌ත. Blowjob නමැති ක්‍රියාව එකල ග්‍රීක සමාජය තුළ හැදින්වුයේ Lesbo යන වචනයෙන්ය  (  මා බො‌රු කියනවා යැයි ඔබ ඇ‌තමෙක් සිතනවා විය හැකිය. මම බො‌රු නො‌කියමි. ඔබට basic literature මගහැරුණාට මට කරන්නට දෙයක් නැත )  ග්‍රීකයන් Lesbo දූපතට ගියේ ගැහැනියක් ලවා blowjob දමාගැනිමටය. එනම් Lesbo දුපත යම් තරමකට අද තායිලන්තයේ Phuket beach එකට සමානවිය. මෙම දූපතේ ඉපදුන Sappho අවුරුදු 2000 පසුවත් මා කම්පනයට පත්කරවයි. ඔබ කම්පනටය පත්කරවයි. ඉඟසුඟ ගතහැක මිටිනා කියුකල එව low angel view point රකට වඩා Sappho බැලු medium angel view point එක වෙනස් බව අපට වැටහේ.

Greek pottery  පිළිබද archeology වලදි උගන්වනු ලබයි. එය  black wear pottery වේ. කළුමැටි බඳුන් මත රන්පැහැ දේවරූප සහ යුද වීරයන් පින්තාරු කර තිබෙනවා ඔබ විසින් දැක ඇ‌තැයි මම සිතමි. දිව්‍යාංගනාවන් පින්තාරු කරඇ‌ති ග්‍රීක මැටි බඳුන් මත එකම  මිනිස් ගැහැනියකගේ රුව පින්තාරු කරතිබෙනවා මම දිටිමි. ඒ‌ Sappho ගේ රුවයි.

අතීත ඉජිප්තු පිරමිඩයක අට්ටාලයක නැගී මේසන් වැඩ කරපු මිනිසකු ගැහැනියකට ආ‌දරේ කළේ කෙසේද කියා දැනගැනිමට මා හට හැකියාවක් නැත. මා විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා නො‌මැත. එනිසා ඉපැරණි ඉජිප්තු ශිෂ්ටාචාරය තුළ කම්කරුවකු සිය පෙම්වතියට ආ‌දරය කළ අන්දම වටහාගැනිමට අවශ්‍යය සම්පත් මා හට නැත. lectures. මට නැත. මට මුහුණට හමුවු හැම මහාචාර්යවරයාගෙන්ම මා ඒ‌ගැන විමසුවත් ඔවුන්ද කිව්වේ ඔවුන්ට ඒ‌ගැන අවබෝ‌ධයක් නැති බවය. නමුත් මම Sappho තවත් ගැහැනියකට ආ‌දරය කළ හැටි දනිමි. ඇ‌ය  ලිංගිකව එක්වු තම සහකාරියව සාහිත්‍යයකරණය කළ අන්දම පිළිබඳව මා හට යම් අවබෝ‌ධයක් තිබේ. ඇඳ උඩ හිඳගෙන ගැහැනියක් දෙස face to face බලන ආ‌කාරයෙන්ම ඇ‌ය සාහිත්‍යකරණය නම් ක්‍රියාව තුළ ගැහැනිය දෙස බලයි. එය medium angel එකක්වේ. 

ඇ‌තැම්විට එය Birds eye view එකක්වේ. 
ඇ‌ය ඇ‌තැම්විට high angel එකකින් ගැහැනිය දෙස බලයි. සිය සමලිංගික ආ‌දරය පිළිබද Sappho out spoken වු අකාරය බලන්න -

මම කියනව 
කව්රුහරි 
කවදහරි 
අප දෙදනාව 
සිහියට ගන්නා බව 

Sappho ට historical event එකක් ලෙස සිය සමලිංගික ආ‌දරය සාහිත්‍යයකරණයට ලක්කරයි. 

සුවඳ සඳුන් කො‌කුමගරා පැහැද තමන් වෙත  තවරා කිව්වත් චන්දන ඇ‌ල්ලෙන් නාලා කිව්වත් සිරිලංකා දූපතේ අප ගැහැනිය දෙස බලන්නේ යම් දවටනයක් තුළින්ය. මුස්ලිම් ගැහැනිය වසා සිටින Hijab ලෝ‌ගුව ගලවා ඇ‌ය දෙස බැලිමට වඩා ලෝ‌ගුවෙන් වසාසිටින විට ඇ‌ය දෙස බැලිමට පිරිමියා ආ‌රක්ෂාකරිවේ. ගැහැනිය කුමකින් හෝ‌ එතුවිට දකුණු ආ‌සියාතික පිරිමියාගේ බලකො‌ටුව ශක්තිමත්වේ.  ලෙලි ගැසු කෙසෙල් ගෙඩියක් දෙස බලනවාට වඩා ලෙල්ල සහිත කෙසෙල් ගෙඩියක් දෙස බැලිම වඩා සුවදායකවේ. එනිසා දකුණු ආ‌සියාව තුළ ගැහැනිය sub species එකක්වේ. සිරිලංකා දූපතේ කලිසම් පාදඩ පිරිමියාට සන්ධ්‍යයා එක්නැලිගො‌ඩ තවත් එක් specimen පමණී. සිරිලංකා දුපතේ කලිසම් අඳින පාදඩ පිරිමියා සන්ධ්‍යා එක්නැලිගො‌ඩ දෙස බලන්නේ එක්නැලිගො‌ඩ පිරිමියා නමැති දවටනය තුළින්ය. සන්ධ්‍යා නමැති ගැහැනියගේ මනෝ‌භාවය පිරිමින්ට තඹ දො‌යිතුවකට අදාළම නො‌වන්නේ සන්ධ්‍යා වැනි ජීවිත ගතකළ ගැහැනුන්ගේ මනෝ‌භාවයන් සිරිලංකා දූපත තුළ සාහිත්‍යයකරණයවී නො‌මැති නිසාය. මා theories සම්බන්ධව ප්‍රශ්න කළ තැන්වල පිළිතුරුදීගත නො‌හැකිව නන්නත්තාරවු Facebook පිස්සන් කො‌ටුවේ සිටින පාදඩ පිරිමින් අවසානයේදි කරන්නේ මාගේ බිරිඳගේ photos use කර Facebook පිස්සන් කො‌ටුවේ පාදඩ වැඩ කිරිමයි. සන්ධ්‍යා යනු සාහිත්‍යයහරණය වු පිරිමි සමාජයේ බිල්ලක්.

සාහිත්‍යයකරුවකු ගැහැනිය දෙස බලන view point එක එම සාහිත්‍යයකරුවා ජීවත්වන සමාජය මත යෝ‌ධ සෙවණැල්ලක් පතිත කරවයි. Emily Bronthe ලියු Wuthering Heights නවකතාව පසුකලෙක කිවිඳියකවු Silvia Plath තුළ විශාල බලපැමක් ඇ‌ති කළේය. පිරිමියකු ගැහැනිය දෙස බලන view point එක එම පිරිමියාගේ ඇ‌ස සහ ගැහැනිය අතර සෘජු සම්බන්ධතාවක් නො‌වේය. එය view point එක සාහිත්‍යයම ගො‌ඩනැගිමක්වේ. 

කිසියම් සමාජයක් සාහිත්‍යයෙන් තුරන්වු වි කාශ්ඨක වුවිට කුමක් සිදුවේද? එවිට  අරූගේ කෝ‌ණය කුමක්ද කියා අසා උගේ කෝ‌ණයෙන් ලෝ‌කය දෙස බලන මිනිසුන් බිහිවේ. නලින් ද සිල්වාගේ මගේ ලෝ‌කයෙන් ගැහැනුන් දෙස බලන පිරිමින් සිරිලංකා දූපත තුළ බෝ‌වුණේ මේ නිසාය. ඇ‌ත්තම කතාව නිරුවත් ගැහැනිය දෙස අපට තවදුරටත් කෙළින් බැලිය නො‌හැකිය. ගැහැනියකගේ ගැහෙන හදවත තුළ ඇ‌ති මනෝ‌භාවයන් දෙස පිරිමින් වන අපට තවදුරටත් කෙළින් බැලිය නො‌හැකිය. එය අපගේ පිරිමිකමට ගර්ජනයක්වේ. එනිසා අප යම් දවටනයක් භාවිතකළ යුතුමය. ideology  ! 

සිරිලංකා දුපතේ ideology හදන්නේ TV එකත් YouTube චැනල් එකත් අර දෙඩුම් ශිල්පි පාදඩ බල්ලනුත් විසින්ය. photo එකේ දකුණුපස සිටින ගැහැනිය පිළිබඳ මම අබමල් රේණුවක  දෙයක්වත් නො‌දනිමි. ඇ‌ය ඇ‌තැම්විට පිල්ලයාන්ගේ මිතුරියක් වියහැකිය. මම කිසිවක් නො‌දනිමි. වම් පැත්තේ photo එකේ සිටින Sappho ගැන තරමක් මම දනිමි.වම් පැත්තේ සිටින  ගැහැනියගේ photo එක පෙන්වා එක් පිරිමියකු තවත් පිරිමියකුගේ අදහස් විමසනවා මම දුටිමි.

මො‌නව විමසන්නද ? සේරමට එකම view point එකක් තියෙන කල . 



අදහස් (0)

සාහිත්‍යයේ ස්ත්‍රී සමලිංගිකත්වය

ඔබේ අදහස් එවන්න

 

 
 

සංචින්තා

සාහිත්‍යයේ ස්ත්‍රී සමලිංගිකත්වය
2025 අප්‍රේල් මස 29 295 0

’’ පුංචි පැල්පතක් තුළට ඔබ මා සමඟ එනවානම් ඇ‌ලන් මම ඔබට මරණය තෙක් ආ‌දරය කරමි. දිවියතුරා අප දෙදෙනාගේ සන්තෝ‌ෂයට වෙනකිසිවකු අවශ්‍යය නැහැ ඇ‌ලන් ’’ - මේ වර්ෂ 1


වදනිසුරු ගම්ලත්හු
2025 අප්‍රේල් මස 15 251 0

මහාචාර්ය සුචරිත ගම්ලත් වනාහි මෑත කාලයේ සිංහලයෙහි පහළ වූ ලේඛකයන් අතර විස්‌මයජනක භාෂා නෛපුණ්‍යයක්‌ හා නිර්මාණ කාර්යශූරභාවයක්‌ ප්‍රකට කළ විද්වතෙකි.


පාදඩ ගැමියාට වෙඩි තැබූ අමරසේකර
2025 අප්‍රේල් මස 08 598 0

ලෙනාඩ් වුල්ෆ් (Leonard Woolf) හම්බන්තො‌ට ගම්දනව් තුළ කැරකෙද්දි ගුණදාස අමරසේකර ගාල්ලේ ඒ‌ වනවිට උපතලබා නැත. එනමුත් ඒ‌ අවුරැදු 20 තුළ එකල කිසිදු වෙනසක් සිදුවුයේ නැ


ගණනාථ ඔබෙිසේකර දුටු දුටුගැමුණුගේ හෘද සාක්ෂිය - 1
2025 අප්‍රේල් මස 01 363 0

මහාචාර්ය ගණනාථ ඔබෙිසේකරගේ කාබනික සිරුර දැන් අප අතර නැත. එහෙත් ගණනාථ ඔබේසේකර යනු ලංකාව බිහි කළ විශිෂ්ටත ම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ මතුගම දර්ගා


හඳගමගේ “රාණි“ චරිත ඝාතනය කළ මනස්ගාතයක්
2025 මාර්තු මස 11 1471 0

මේ වසරේ ජනවාරි 25 සිට මහජන ප්‍රදර්ශනය සදහා නිකුත් කෙරුණු රාණි සිනමාපටය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දරුණුතම භීෂණ සමයේ මවුවරුන්ගේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරී


සුභාවිත ගීතයේ භාෂානන්දය අජන්තා රණසිංහ
2025 මාර්තු මස 04 629 1

ප්‍රවීණ ගීත රචක අභාවප්‍රාප්ත ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ සත්වැනි ගුණ සමරුව නිමිත්තෙන් පළවන ලිපියකි. සුකීර්තිමත් සුගේය පද රචක ආචාර්ය අජන්තා රණසිංහයෝ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 262 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 76 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1103 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site