IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


බණඩාර කේ. විජේතුංග නම් අසහාය නිර්මාණකරුවා

සංචින්තා

1990 ජනවාරි මස 03 වැනි දිනක දිවි මඟේ අර්ධ ශතකය නිමවූ සැණින් අභාග්‍යය සම්පන්න ලෙස වියෝ වූ ගීත රචකයකු, ලේකඛයකු, කවියකු, චිත්‍ර ශිල්පියකු, අකුරු නිර්මාණ සැලසුම් ශිල්පියකු, නිවේදකයකු, චිත්‍රපට ප්‍රචාරක සැලසුම් ශිල්පියකු සහ ගුවන්විදුලි නාට්‍ය රචකයකු ලෙස නොයෙක් ක්ෂේත්‍රයන්හි පෙළහර පෑ ප්‍රවීණ ගීත රචක බණඩාර කේ. විජේතුංගයන් මෙසේ බැති සිත් පෙරදැරිව සිහිකරමු.

බණ්ඩාර කේ. විජේතුංග යනු පුරුෂ ප්‍රේමයේ වියෝගාවේග කදිමට ප්‍රකට කළ සාහිත්‍යවේදියෙකි.

රචනා කර ඇති ගීතාවලිය අල්ප වුව, ඔහු විසින් පළ කර තිබෙන ප්‍රේම චින්තාවලිය අසාමාන්‍ය ය. ස්වකීය ජීවිත අත්දැකීමක් යථා ස්වභාවයෙන් ම පුනරුච්චාරණය කරමින්, ඒ මත ම ගැටෙමින්, ඒ තුළ ම ජීවිතය දියකර හරිමින්, බණ්ඩාර කේ. විජේතුංග විසින් රචනා කරන ලද ගීතාවලිය මෙරට රසිකයන් ගේ සදාතනික මතක සටහන් වේ.

ඔහු ගේ ජීවන පුරාවෘත්තයට අදාළ ව විවිධ කතා තිබේ. ඒ තුළ තිබෙන්නේ නිහඬ ප්‍රේමාතුරයකු ගේ ළසෝ ගින්නකි. ස්ත්‍රිය, ස්ත්‍රිය ගේ ප්‍රේමය, පුරුෂයකුගේ ඇසින් දැකිය හැකි යථාවාදී ප්‍රවේශයක් බණ්ඩාර කේ. විජේතුංග ගේ ගීතවලින් උත්පාද කරගත හැකි ය.

භාෂාවෙහි රමණීයත්වය පිළිබඳ වද බණ්ඩාර කේ. විජේතුංගට තිබී ඇති අවබෝධය විශිෂ්ට ය.

1939 ජනවාරි 28 වැනිදා කුරුණෑගල වැලිගන්වත්තේ දී උපත ලද ඔහුගේ සම්පූර්ණ නම සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක විජේතුංග විය.

බණ්ඩාර කේ. විජේතුංගයන් මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ බදුල්ලේ සාන්ත බීඩ් විද්‍යාලයෙනි. කොළඹ ආනන්ද විද්‍යාලයට 1953 වසරේ ඇතුළත්ව ඉංග්‍රීසි මාධ්‍ය‍ෙයන් ඉගෙනුම ලැබූ අතර ඔහුගේ පන්ති සගයන් වූයේ ජේ.බී. දිසානායක (මහාචාර්ය) , සුනන්ද මහේන්ද්‍ර (මහාචාර්ය), ඩී.බී. නිහාල්සිංහ (ආචාර්ය), අසෝක පොන්නම්පෙරුම (සිනමා නළු), විජේරත්න වරකාගෙඩ (රංගවේදී) ,එස්. සුබසිංහ (දිනමිණ හිටපු කර්තෘ) ,එල්මෝ ගුණරත්න (හිටපු ලංකාදීප කර්තෘ), නිහාල් රත්නායක (හිටපු ඩේලි නිව්ස් කර්තෘ), ජෝර්ජ් ලෙස්ලි රණසිංහ (හිටපු ලංකාදීප කර්තෘ) ඩී.ජී.සුමනසේකර (හිටපු නාලන්දා විදුහල්පති), සුමිත්ත අමරසිංහ (ප්‍රවීණ කැමරා ශිල්පී) ආදීන්ය.

එකල ඔවුන්ගේ ගුරුවරුන් වූයේ කේ.ඩී. ද ලැනරෝල්, තිලක් රත්නකාර (මහාචාර්ය), ජේ.ආර්. පී. සූරියප්පෙරුම, ඩී.බී. කුරුප්පු, එම්.එච්.ගුණතිලක (මහාචාර්ය) , ආරිය රාජකරුණා (මහාචාර්ය) ආදීන්ය.

මුලින්ම නිර්මාණ කාරියේ යෙදුණේ ආනන්ද කේ. විජේතුංග ලෙස ය. පසු කලෙක ප්‍රථම ප්‍රේමයේ වියෝවත් සමග බණ්ඩාර කේ. විජේතුංග නමින් යළි ඉපැදුණි.

ඔහු සරසවි පිවිසුම් විභාගයෙන් අනතුරුව ශ්‍රීලංකා මහ බැංකුවේ දත්ත සැකසුම් තනතුරට පත් විය.බණ්ඩාර එම කාල වකවානුවේම,සහන නිවේදකයකු ලෙසින් ගුවන්විදුලියේ සේවයට එක්වේ. 60 දශකයේ ආරම්භවූ හඳමාමා ළමා වැඩසටහන ,සුමනා ජයතිලක සමග එක්ව ඉදිරිපත් කරමින් හෙතෙම ළමා පරපුරරේ නැණස පාදන්නට මහත් මෙහෙවරක් ඉටු කළේය.

කලාවට තිබෙන ආදරය නිසාම හැම පහසුකමක්ම තියෙන වැඩි වැටුප් සහිත රැකියාව අතහැර රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ ප්‍රචාරක නිලධාරියාගේ තනතුර තෝරා ගත්තේය.

චිත්‍රපට සංස්ථාව ආනයන කළ සියලුම හින්දි චිත්‍රපටවල ප්‍රචාරක කටයුතු කර ඇත්තේ බණ්ඩාරය. ‘අභිමාන්’ හා ‘ගීත්’ චිත්‍රපට දෙක එම්පයර් හා ක්‍රවුන් සිනමා ශාලාවල අඛණ්ඩව වසර 2 ක් ප්‍රදර්ශනය කිරීමට බණ්ඩාරගේ ගුවන් විදුලි වැඩ සටහන් ඇතුළු ප්‍රචාරක විධි ක්‍රම උපකාරී වී ඇත.

චිත්‍රපට සංස්ථාවේ ආරම්භක යුගයේ සංස්ථාවේ පෝස්ටර් හා පුවත්පත් දැන්වීම් නිර්මාණය කළේ ඔහු ය. ඔහු නිර්මාණය කළ සිංහල අකුරු මෝස්තර ද ගණනාවක් වෙයි. ලාංකික ගුවන් විදුලි නාට්‍ය ක්‍ෂේත්‍රයට විද්‍යා ප්‍රබන්ධ නාටක රචනා කිරීමේ මූලිකයා ද ඔහු ය.

කවියකු වූ බණ්ඩාර ‘නෙත් දහස’ කවි පොත ලියූ අතර අජන්තා රණසිංහගේ ‘තිවංක රේඛා’, අමරනාත් ජයතිලකගේ ‘චිත්‍රපට අධ්‍යයනය’ ඇතුළු පොත් කිහිපයක පිට කවර ද චිත්‍රපට නාමාවලිය හා චිත්‍රපට පසුබිම් දෙබස් ද කියා ඇත. ‘

හාර ලක්ෂයේ’ චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට, ‘සොරුන්ගෙත් සොරු’ හි රොඩ්නි ජොන්ක්ලස්ට මෙන්ම චිත්‍රපට නළුවන් රැසකට හඬ කවා ඇත.

‘හඳයා’ හි ඔහු චරිතයක් ද රඟපෑවේය. ගුවන් විදුලි නාට්‍ය ශිල්පියකු වූ බණ්ඩාර සුගතපාල ද සිල්වා නිෂ්පාදනය කළ ‘මකරාගේ තානායම‘ ගුවන් විදුලි නාට්‍යයේ සුදු රැවුලාගේ චරිතය ප්‍රාණවත් කළේය.

ලංකාවට සිංහල හයිකු කවි හඳුන්වාදීමේ ගෞරවය ද හිමිවන්නේ ඔහුට ය.

“මමයි දුම්රිය

ඇයි ඔබ පිපුණේ රේල් පීලිමත”

චිත්‍රානි

පෙරුම්පුරා බස් නැවතුමට

ආ සඳ

‘එකසිය දොළහ’ ඔබ ගිලගෙන

බණ්ඩාරේ ගේ ඒ හයිකූ කව ඔහුගේ සංවේදිභාවය පිළිබඳ බොහෝ මතකයන් අප හදෙහි අවදි කරවමින් අද ද අප සසල කරවයි.

1969 අගෝස්තු 6 වැනි දින ,ඔහු යුගදිවියට පත්වන්නේ ඉංග්‍රීසි ගුරුවරියකවූ කල්‍යාණි සමරවීර සමගය.උමා ඉන්දීවරී බණ්ඩාර මෙම යුවළගේ එකම දියණිය වීමේ වාසනාව ලැබුවාය.

හිතුවක්කාර, විප්ලවවාදී චරිතයක් වූ , මේ අප්‍රමාණ මිනිසා 1990 ජනවාරි 03 වෙනිදා රෝගාතුරව රෝහලට ඇතුළත් කරනු ලදුව එදින පස්වරු 5ට ජීවිතයෙන් සමු ගත්තේය.

බණ්ඩාර මියගිය පසු පළ වූ “සුළඟ වගේ ඇවිදින්” ගී පදමාලා කෘතියට 2001 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.

සිංහල ගීත සාහිත්‍යයේ වැඩිවශයෙන් ම ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ ප්‍රේම සහ ප්‍රිය – විප්‍රයෝග සංකල්ප තේමා කර ගත් ගීතයන්ය.එනමුදු බණ්ඩාර සිය ගීත ප්‍රස්තුත සදහා ප්‍රේමය,විප්‍රලම්භය කෙරෙහි නැඹුරු වුවද,ඔහු ඒවා ඉදිරිපත් කරන්නේ මහත් සංයමයකින් යුතුව ,නව්‍ය දෘෂ්ටිකෝණයකිනි.

හෘදයාංගම වූ ප්‍රේම හැඟීම් ධ්වනිත කරන,සෞන්දර්යයෙන් අනූන ගීත සම්ප්‍රදායක් බිහි කරන්නට බණ්ඩාරයන් දැක්‌වූ කුසලතාවය ප්‍රශස්තය

අසම්මත පෙම්වතුන්ගේ සිතුම් පැතුම්,චර්යා රටා ,ඔවුනගේ හද ගැහෙනා රාවය, ප්‍රේමයෙන් පරාජිතවූවන්ගේ සිත් තැවුල් බණ්ඩාරයන් ඉතා සියුම් අන්දමින් සිය ගී පදවැල්හී දවටන්නේ, තත් අත්දැකීම් ශ්‍රාවක සන්තානයනයන් ප්‍රකම්පනයට පත්කරවන ලෙසිනි.

ගීතයක මුඛ්‍ය අරමුණ විය යුත්තේ ,ශ්‍රාවකයා ආනන්දයෙන් ප්‍රඥාව වෙත යොමු කිරීම බවට පැරණි ඇදුරන් පෙන්වාදී ඇති න්‍යාය ,ගීත නිර්මානයේදී බණ්ඩාර ගුරුතන්හී තබා කටයුතු කළ සෙයක් ඔහුගේ නිර්මාණයන් තුළින් අපට ගම්‍යවේ.ඔහුගේ ගීත නිර්මාණ මගින් ජීවිතය පිළිබදව පුළුල් දැක්මක් ගොඩනගා ගන්නට ශ්‍රාවකයාට අවස්ථාව සැළසේ.

ඔහුගේ පදවැල් අතුරින් කිහිපයක් මෙසේ සටහන් කරමු.

එච්.ආර්. ජෝතිපාල ගැයූ ‘මහද නමැති වනබඹරා’

වික්ටර් රත්නායක ගයන ‘සඟවා ගනු මැන’

‘සබඳකමක් නැති’ (නීලා වික්‍රමසිංහ)

මිහිදුම් සළු තිර’ (සුනිල් එදිරිසිංහ – නීලා වික්‍රමසිංහ)

‘ක්‍රිස්ටෝපර් පෝල් ගැයූ ‘රුවන් තොරන් තනා’

සනත් නන්දසිරි ගැයූ

‘මහද පෙම් විලේ’,

දිනෙන් දින ඔබ මා වෙතින්,

කිසිවක් නොකියන කිසිවක් නොඅසන

‘හමුවෙමු සුවබර තවත් සැඳෑවක’- සනත් හා මල්කාන්ති

මිල්ටන් මල්ලවාරච්චි ගැයූ

‘ඔබයි මමයි මැවූ සිහින’

සඳ උතුරා ගංගාවේ සහ​

ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී වැල්

සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘ශ්‍රී මදාරා’ චිත්‍රපටයේ ‘විල්ලුද පලසේ මිණි ඕවිල්ලේ’

සුනිල් ආරියරත්නගේ ‘පොඩි මල්ලී’ චිත්‍රපටයට ‘උපුල් නුවන් වසා – සවන් බඳුන් පුරා

ආදර කතාව චිත්‍රපටයේ ‘සුනිල්වන් වලා’

පරාක්‍රම ද සිල්වාගේ ‘බිත්ති හතර’ චිත්‍රපටයේ ‘සිතුවිලි සිර මැඳුරේ,’අතීත සිහිනය මිය යන්නේ’

සේන සමරසිංහගේ ‘ආශා දෑසින් චිත්‍රපටයේ’ ‘විකසිත පැතුමන් ඔබේ ළයේ’

මධුසමය’ චිත්‍රපටයට මාලිනී බුලත්සිංහල ගැයූ "මාද ඔබම විය " ගීතයට
1992 වසරේ හොඳම ගීත රචකයා ලෙස ජනාධිපති හා සරසවිය සම්මාන දිනා ගත්තේය.



අදහස් (0)

බණඩාර කේ. විජේතුංග නම් අසහාය නිර්මාණකරුවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 444 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16901 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site