

එමිලි ඩිකින්සන් දහනව වැනි සියවසේ වඩාත් ප්‍රබල කිවිඳියන්ගෙන් කෙනෙක්. ඩිකින්සන් ගැන සඳහන් නොකර කෙනකුට කවිය ගැන සිතිය නොහැකි තරම්. ඇයගේ අද්විතීය ලේඛන විලාසය වර්තමාන ඇමෙරිකානු කවියේ ප්‍රධාන අංගයක් ලෙස සැලකෙනවා. ඇය ලියූ කවි කෙතරම් පොහොසත් ද කියනවා නම්,ඇය ඒවා ඇගේ නමින් පළ කිරීම අධෛර්යමත් කළා. එනිසා, ඇය අපගේ කවියේ පුරෝගාමී කාන්තා මාලාවේ නිසැකවම අවධානයට ලක්විය යුතු චරිතයක්.
ඩිකින්සන්ගේ ඉතිහාසය
එමිලි එලිසබෙත් ඩිකින්සන් 1830 දෙසැම්බර් 10 වැනි දින මැසචුසෙට්ස් හි ඇම්හර්ස්ට් හි උපත ලැබුවා. ඇය හැදී වැඩුණේ අධ්‍යාපනය දැඩි ලෙස අගය කළ පවුලක. කෙසේ වෙතත්, ඇගේ "දුර්වල" පෙනුම නිසා ඇගේ මවුපියන් බොහෝ විට ඇගේ යොවුන් වියේදී ඇය පාසලෙන් ඉවත් කරගෙන නිවසේ අධ්‍යාපනය දී තිබුණා.ඇය වසර හතක් ඇම්හර්ස්ට් ඇකඩමියට ඇතුළත් ව අතර සංයෝජනය (composition) සම්බන්ධයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වුවා. ටික කලකට පස්සේ, ඇය වසරකට මවුන්ට් හොලියෝක් කාන්තා සෙමනේරියට ඇතුළත් වුණා. ඇය එයිනුත් පිටව ගියේ ඇයිද යන්න නොදන්නා නමුත් එය බිඳෙනසුලු මානසික තත්වයක් නිසා වන්නට ඇතැයි උපකල්පනය කරනවා. කෙසේ නමුත් ,එමිලි විද්‍යාලයේ දැඩි නීති රීති සහ ආක්‍රමණශීලී ආගමික පිළිවෙත් පිළිකුල් කළා.
සෑම දෙයක්ම සහ සෑම කෙනකුම ඉතා සමීප වූ නිසා ඇය ඇගේ ජීවිතයේ වැඩි කාලයක් නිවසේ ගත කළාය. ඇගේ පියා එඩ්වඩ් ඩිකින්සන් ඇම්හර්ස්ට් ඇකඩමියේ සේවය කළ අතර ප්‍රාන්ත නීති සම්පාදකයෙකු ලෙස සේවය කළේය. එමිලි ඩිකින්සන්ගේ සහෝදරයා වන ඔස්ටින් නීතිඥයකු ලෙස සේවය කළ අතර ඔහුගේ බිරිඳ සුසාන් ගිල්බට් සමඟ අසල්වැසි නිවෙසක ජීවත් වුණා. ඔවුන්ගේ බාල සොහොයුරිය වන ලවීනියා ද එමිලි සමඟ නිවසේ ජීවත් වුණා. එමිලි පවුලේ "කළු බැටළු දෙන" බවට පත් වූ නිසා සහෝදර සහෝදරියන් දෙදෙනාම ඇයට සහයෝගීතාව ලබා දුන්නා. ඇගේ පවුලේ අය, ඇගේ යහළුවන් වගේ ඇය කිසි විටෙකත් පල්ලියකට සම්පූර්ණයෙන්ම සම්බන්ධ වූයේ නැහැ. මෙය ඇයගේ සමාජ සම්මතයන් කඩ කිරීමේ පළමු පියවර විය.
හුදෙකලාව ලිවීම
ඇගේ හුදෙකලාව ඇයට ලිවීමට කදිම හේතුවක් වුණා. ඩිකින්සන්ගේ වාක්‍ය ඛණ්ඩනය සහ පද භාවිතය ඇය දක්ෂ ලේඛිකාවක් බවට පත් කළා. ඇය නව යොවුන් වියේ පසුකාලීනව කාව්‍යමය පද ලිවීමට පටන් ගත්තා. ඇගේ බොහෝ කවි ඇගේ සහෝදරයාට සහ ඇගේ මිතුරන්ට ලියන ලද ලිපිවල ස්වරූපය ගත්තා. ඒ කාව්‍යාත්මක ලිපි -සංකීර්ණ, මනෝමය සහ සමහර විට හාස්‍යජනක ඒවා වුණා. ඇය ඇගේ නෑනා වන සුසාන් ගිල්බට්ට පවා කවි යැව්වා. ඇය දන්නා ඕනෑම අයෙක් , ඇගේ කෘතිවල වඩාත් උද්යෝගිමත් පාඨකයා බවට පත් වෙන්න පුළුවන් . නමුත් සුසාන් ඇගේ වඩාත්ම උද්යෝගිමත් පාඨකයා වුණා.
කෙසේ වෙතත්, අන් අයගෙන් ලිපි හුවමාරුවක් නොමැතිකම නිසා ඇයට ලිපි ලිවීමේ කාර්ය අත්හැරීමේ හා නොසලකා හැරීමේ අමුතු හැඟීම් ඇති වුණා. එනිසාම , ඇය අනන්‍යතාව, ආදරය, මරණය සහ අමරණීයත්වය සමීපව කටයුතු කරන තේමා මූලික කරගෙන කවි ලිව්වා. මේ ඇමෙරිකානු කිවිඳියට ඇගේ පාසල් විදුහල්පති ලෙනාඩ් හම්ෆ්රි සහ පවුලේ මිතුරෙකු වූ බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් නිව්ටන් ගෙන් ලේඛන දිවියට වඩා ධනාත්මකව බලපෑම් ඇති වුණා .ඇයට රැල්ෆ් වෝල්ඩෝ එමර්සන්ගේ කවි පොතක් තෑගි විදියට ලැබුණා. එමිලි ඇය වගේම පොත්පත් කියවීමත් ,කවි කියවීමත් අගය කරන අය සමීපව ඇසුරු කළා.
1855 දී ඇය ඇගේ පියා සහ සහෝදරියත් එක්ක වොෂිංටන් ඩීසී ඉදන් පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියා වට ගියා රෙස්බිටේරියන් ඇමති, චාල්ස් වර්ඩ්ස්වර්ත්ගේ දේශනයක් අහන්න. ඒ දේශනය මහත් අශීර්වාදයක් ලෙස සැලකූ එමිලිට චාල්ස් වැඩ්ස්වර්ත්ගේ වසර ගණනාවක් පුරා ඇයගේ උපදේශකයෙකු සහ සමීප මිතුරෙකු බවට පත් වුණා. අවසානයේ, ඇගේ ආශ්වාදයන් සහ වචන ඇගේ වයස විසි ගණන්වන විට සංයුක්ත ස්වරූපයක් ගත්තා. ඇය ඇමෙරිකාවේ කැරලිකාර කිවිඳිය වීමට නියමිතව සිටියා.
එමිලි ඩිකින්සන් ඇගේ ජීවිත කාලය තුළදී ඇයගේ බොහොමයක් දක්ෂතා හඳුනාගෙන තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම, ඇගේ ජීවිත කාලය තුළ කවි 1,800 න් 10 ක් පමණයි පළ වෙලා තිබුණේ. කාව්‍යකරණයේදී ඇය ඇගේම ලීගයක ඉන්නවා. හුදෙකලාව ඇගේ වයස විසි ගණන් වියේදිත් ඇය පසුපසින් එන්න වුණා.කෙසේ වෙතත්, මෙම හුදෙකලාව ඇයට කවි 800කට ආසන්න ප්‍රමාණයක් වගේම අතින් ලියන ලද අත්පිටපත් පොත් 40ක් ප්‍රවේශමෙන් සැකසීමට උපකාරී වුණා. අවාසනාවකට වගේ ප්‍රකාශකයන් ඒ කවි දහය,එකල කාව්‍යයේ සාම්ප්‍රදායික ප්‍රමිතීන්ට ගැළපෙන විදියට සංස්කරණය කිරීම එළිය දුටු ඇගේ සුවිශේෂී ගීත කාව්‍ය ,වෙනස් වීමට ප්‍රතිරෝධී ලෝකයක් නිහඬ කළා.
කාව්‍ය යනු යමෙක් දැන හෝ නොදැන ඉතා සියුම් ලෙස සකස් කරන ලද කලාවක් . ඩිකින්සන්ගේ කෘතිය මෙය මනාව ප්‍රදර්ශනය කරන්නේ ඇය ලෝකයට අවස්ථාව ලැබීමට පෙර අභ්‍යන්තර කවයක් සමඟ කෙතරම් සමීපව තම කාර්යය බෙදා ගත්තාද යන්නයි. එය පරම පූජනීය දෙයක් මෙන් වුණා.මේ අනුව, ඇගේ සහෝදරයාගේ නිවෙස ඇයට සහ ඇගේ මිතුරන්ට ඔවුන්ගේ වැඩ බෙදා ගැනීමට ආරක්ෂිත අවකාශයක් විය. එහිදී ඇයට සැමුවෙල් බෝල්ස් හමුවිය. ඔහු Springfield Republican සඟරාවේ ප්‍රකාශකයෙක් සහ සංස්කාරකයෙක් වුණා. ඇගේ කාව්‍ය කුසලතා නිසා බෝල්ස් ඇය උසස් මට්ටමකට ගෙන ගියා.
කවියේ නව යුගයක්
ඇය ඇමෙරිකානු සාහිත්‍යයේ නව යුගයක් අවදි කරන කවි ලිව්වා. ඇයගේ අසාමාන්‍ය වාක්‍ය ඛණ්ඩය, බැලඩ්, ගීතිකා මීටරය සහ ඉරි භාවිතය ඇයව සාම්ප්‍රදායික කවියන්ගෙන් වෙන් කර තැබුවා. දහහත් වැනි සියවසේ එංගලන්තයේ පාරභෞතික කවියන් සහ පියුරිටන් නිව් එංගලන්තයේ ඇය හැදී වැඩීම ඇගේ ලේඛනවලට බෙහෙවින් බලපෑවා . ඊට අමතරව, ඇය ෂේක්ස්පියර්, කීට්ස් සහ රොබට් සහ එලිසබෙත් බැරට් බ්රවුන්නින්ගේ නිර්මාණ අගය කළා. ස්වාභාවිකවම, ඇය ඇගේ ගීතවල කාර්ය සාධනය භාවිතා කළාය. ජලය මත නටන්නට ඇයට ඇගේ පද අවශ්‍ය විය. ඇය හැමවිටම ඔව් යන්න සම්පූර්ණයෙන් නිසැකව පිළිතුරු දීමට උත්සාහ කළ ප්රශ්නය වූයේ “එය ජීවමානද?” යන්නයි.
එය ජීවමානද?
ඩිකින්සන්ගේ බොහෝ පිළිගැනීම් ලැබුණේ ඇයගේ මරණයෙන් පසුවය. ඇය 1886 මැයි 15 වැනි දින ඇම්හර්ස්ට්හිදී මිය ගියාය. ඇගේ සොහොයුරිය වන ලැවීනියා ඇගේ ජීවිත කාලයෙන් ඇගේ කවි සිය ගණනක් සොයා ගත්තාය.ඩිකින්සන්ගේ කවි ඔවුන්ගේ කාලයට වඩා හැමවිටම ඉදිරියෙන් තිබුණා. කිසි විටෙක සම්ප්‍රදායික ස්වරූපයට සීමා නොවුණු එමිලි ඒ වෙනුවට, එය අත්හදා බැලීම් සමඟ නිදහසේ ඒකාබද්ධ කළා. ඕෆ්-රයිම් (off-rhym)නිර්මාණාත්මක භාවිතය, ව්‍යාකරණ රීති නොසලකා හැරීම, හොල්මන් කරන ස්වරය සහ කටහඬ මගින් ඇගේ කවි වෙනස් වෙනවා.
ඇගේ මුල් කෘතීන් නිහඬව නිකුත් කළද, ඇයගේ ප්‍රබන්ධ සංස්කරණය කළද, මුල් පිටපත දැන් තරමක් ප්‍රතිසාධනය කර තියෙනවා. කාව්‍යවල වර්තමාන ප්රකාශනය ඇගේ චේතනාන්විත භාවිතයට සමීප විය හැකි ඉරි වෙනුවට එන්-ඩෑෂ්(en-dash)එකක් ආදේශ කර තියෙනවා. එමිලි ඩිකින්සන්ගේ කාව්‍ය සංග්‍රහයේ පළමු වෙළුම ඇගේ මරණින් පස්සේ 1890 දී ප්‍රකාශයට පත් වුණා. සම්පූර්ණ ප්රකාශනය, The Poems of Emily Dickinson, පසුව 1955 දී ප්‍රකාශයට පත් වුණා. එමිලි 1886 මිය යන්න මත්තෙන්, ඇගේ සියලු කවි නිර්මාණ පුළුස්සා දමන ලෙස ඇගේ සොයුරියගෙන් ඉල්ලා තිබුණත් ,සොයුරිය එහෙම නොකළ නිසා ඇයගේ කවිය අදත් ජීවමානයි. "හෝප්" ("Hope” is the thing with feathers)කාව්‍යය ඇගේ සියලු නිර්මාණ වලින් වඩාත් කැපීපෙනෙන කාව්‍ය පමණක් නොවෙයි.එය ඉංග්‍රීසි භාෂාවේ වඩාත් ප්‍රසිද්ධ කවිවලින් එකක්.
“Hope” is the thing with feathers
by Emily Dickinson
“Hope” is the thing with feathers –
That perches in the soul –
And sings the tune without the words –
And never stops – at all –
And sweetest – in the Gale – is heard –
And sore must be the storm –
That could abash the little Bird
That kept so many warm –
I’ve heard it in the chillest land –
And on the strangest Sea –
Yet – never – in Extremity,
It asked a crumb – of me.
2025 ඔක්තෝබර් මස 08
1572
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකාවේ බිහිවූ ප්‍රබල කවිකාරිය: එමිලි ඩිකින්සන්