IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකා කෙල්ලන් ආසියානු කුසලාන අබියස ?

 

ෆසාෆ් කුසලාන පාපන්දු ( කාන්තා) තරගාවලියේ දී මාලදිවයින සමග තරගයේ අවස්ථාවක්.


ආසියානු දැල්පන්දු සම්මේලනයේ සභාපතිනී ලක්ෂ්මී වික්ටෝරියා මහත්මියට බැංගලෝර් නුවර දී ඉන්දීය තරග සංවිධායකයන් වෙතින් උණුසුම් පිළිගැනීමක්.


ශ්‍රී ලංකාව මේ දිනවල ආසියානු කුසලාන (කාන්තා) තරගාවලි දෙකකට සහභාගිවී සිටියි. මෙයින් ඉන්දියාවේ බැංගලෝර් නුවර දී අද (27) නිමාවීමට නියමිතව තිබූ 13 වැනි ආසියානු කුසලාන දැල්පන්දු (නෙට්බෝල්) තරගාවලිය ජය ගැනීමේ වැඩිම ඉඩක් ශ්‍රී ලංකාව බ්‍රහස්පතින්දා (24) වන විට පළ කර තිබුණි.

 ශ්‍රී ලංකා - මැලේසියා ආසියානු දැල්පන්දු තරගයෙන්...


 

 

ඒ අතර නේපාලයේ කත්මන්ඩු නුවර දී බදාදා (30) නිමා වන හත් වැනි සාෆ් (දකුණු ආසියානු) පාපන්දු ( කාන්තා ) තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයෙන්ම පරාජයට පත් වූයේ මාලදිවයින සමග පැවැති තරගයට පමණක් ඔවුන්ගේ ජයග්‍රහන සීමාවීමෙනි.

දැල්පන්දු ක්‍රීඩාව ජනප්‍රිය නැති ඒ පිළිබඳව එරට ජනතාවගේ උනන්දුව හීන ඉන්දියාව මෙවර ආසියානු දැල්පන්දු කුසලාන සත්කාරය බාර ගැනීම කැපී පෙනේ. ඒ වසර 25කට පසුවය.

 මෙය සටහන් කරන විට ඉතා සාර්ථක ලෙස ශ්‍රී ලංකාව අපරාජිතව මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට ළගාවී තිබුණි. එහි දී එතෙක් මූලික වටයේ මුහුණ දී තිබුණු තරග පහක් පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ජපානය (85 - 18), පිලිපීනය (71- 41), සෞදි අරාබිය (118 -05), ඉන්දියාව (81 - 31) හා මැලේසියාව (72 - 40) එහිදී ඒ වන විට ශ්‍රී ලංකාවට පරාජය වූ කණ්ඩායම්ය.

මලයාසියාව පරාජය කිරීම එහිදී වඩාත්ම ආකර්ෂණීය වන්නේ එතෙක් ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මුහුණ දුන් ප්‍රබලතම කණ්ඩායමක් ලෙස සැළකූ බැවිනි. කෙසේ වූවත් මෙය සටහන් කරන මොහොත වන විට ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ අද පැවැත්වෙන අවසන් මහ තරගයට නිර්දේශ ලබා ගැනීමේ අවස්ථාව ඉහළින්ම තහවුරු කර තිබුණි. 

ඊයේ (26) පැවැත්වීමට සූදානම් කර තිබූ අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකාවට හොංකොං මුණ ගැසීමේ වැඩිම ඉඩක් පළවී තිබුණි. අවසන් මහ තරගයේ දී ශ්‍රී ලංකාවට සිංගප්පූරුව මුණ ගැසීමේ ඉහළම සම්භාවිතාවට අනුව මෙවරත් ඔවුන් පරාජය කරමින් කුසලාන දිනා ගැනීමේ අවස්ථාව උදාවී තිබුණි.

ගියවරද ඇතුළුව ශ්‍රී ලංකාව හය වතාවක්ම තරගාවලියේ ශූරතාව දිනාගත් ඒ සෑම අවස්ථාවකදීම අවසන් මහ තරගයේ ප්‍රතිවාදිනියන් වී ඇත්තේ සිංගප්පූරුව වීම කැපී පෙනේ. 2005, 2012 හා 2014 යන තෙවතාවක දී සිංගප්පූරුව ආසියානු දැල්පන්දු කුසලාන දිනා ගැනීමේ දී ඉන් දෙවතාවකදීම ඔවුන්ගේ ප්‍රතිවාදිනියන් බවට පත්ව ඇත්තේ සිංගප්පූරුවයි.

1985 දී ක්වාලාලම්පූර් නුවර දී තරගාවලිය ආරම්භවීමෙන් පසුව ශ්‍රී ලංකාවට අවසන් මහ තරගයේ අවස්ථාව ගිලිහී ගොස් ඇත්තේ තෙවතාවකදී පමණි. එම අවස්ථාවල දී ශ්‍රී ලංකාව තෙවැනි ස්ථාන අත්කර ගෙන තිබේ.

ඒ අනුව වසර 2012 න් පසුව සිංගප්පූරුව මෙවර තරගාවලියේ දී නැවැත කුසලාන සතු කර ගැනීමට සියලු උත්සහයන් දරනු ඇත. කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ක්‍රීඩිකාවක් වන දුලංගි වන්නිතිලක මෙවර ශ්‍රී ලංකා කණ්ඩාමට නායකත්වය දෙයි.. හිටපු නායිකා ගයංජලී අමරවංශ මෙවර තරගාවලියේදීත් ක්‍රීඩා කරන පළපුරුද්දෙන් ඉහළම ක්‍රීඩිකාවකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දීර්ඝතම කාලයක් නිත්‍ය පන්දු විදින්නිය ලෙස ක්‍රීඩා කළ තර්ජනී ෂිවලිංගම් කණ්ඩායමෙන් ඉවත්වීමෙන් පසුව පළමු වතාවට නරඹන්නියක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීම සඳහා බැංගලෝර් නුවරට පැමිණ සිටියාය.

ඇය ජාත්‍යන්තරව ඉහළම අවධානය දිනා ගත්තියක් වූයේ අඩි 6 අගල් 10 ක් උසැති ලෝකයේම උසම ක්‍රීඩිකාව බවට ඒ වන විට පත්ව සිටි බැවිනි. තර්ජනීගේ අඩුව පිරවීමට ඇයට පමණක් උසින් දෙවැනි ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටීම කැපී පෙනේ.

අඩි 6 අගල් 2ක් තරම් උසැති ඇය තිසාලා අල්ගම ක්‍රීඩිකාවයි. තර්ජනීගේ අඩුව නොදැනෙන්නට ඇය මෙවර තරගාවලියේ මේ දක්වා නිත්‍ය පන්දු විදින්නියගේ භූමිකාව ඉටු කිරීමට සමත්ව සිටියි.

තුෂානි මධුෂිකා තිසේගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු (කාන්තා) කණ්ඩායම කත්මන්දු සාෆ් පාපන්දු (කාන්තා) තරගාවලියට සභභාගිවීමේ දී මාලදිවයින පරාජය කිරීම (1-0) හැරෙන්නට ඔවුන්ගෙන් වෙනත් කැපී පෙනෙන දක්ෂතාවයක් මතු නොවීය. කෙසේ වූවත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු (කාන්තා) තරගයක් එලෙස ජය ගත්තේ වසර පහකට පසුවය.

භූතානයට හා නේපාලයට මූලික වටයේ සෙසු තරග පරාජය වීමෙන් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඉදිරියට යාමට නොහැකි විය. කෙසේවූවත් හත් වැනි තරගාවලියට එය ආරම්භයේ සිට මුහුණ දෙන ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීම හැරෙන්නට මෙතෙක් වෙනත් සැළකිය යුතු දස්කමක් පළ කිරීමට සමත්ව නැත. 

ශ්‍රී ලංකා ක්‍රිකට් (කාන්තා) කණ්ඩායම ඩුබායි නුවර දී නිමා වූ 20 - 20 ලෝක කුසලාන තරගාවලියේ දී ලද දැවැන්ත පසුබෑමෙන් ලද කනස්සල්ලට යම් සහනයක් අත්කර ගැනීමට ආසියානු දැල්පන්දු කුසලාන දිනා ගැනීමෙන් ශ්‍රී ලංකාවට හැකි වනු ඇත.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ක්‍රියාත්මක නොවන සමයක එය වාර්තාවීම සුවිශේෂිත්වයක් ගනු ඇත. නිලවරණය කැඳවීමේ දී පැන නැගුණු ආරවුල් හේතුවෙන් දැල්පන්දු සම්මේලනය මේ වන විට තාවකාළිකව අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගත්තේය.

ඒ හේතුවෙන් මෙවර ආසියානු දැල්පන්දු කුසලාන තරග සංචාරයේ සම්බන්ධිකරණ කටයුතු සිදු වූයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණයෙනි.. ඒ සඳහා නිසි බලධාරියා ලෙස පත් කර තිබූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් එම කටයුතු සිදු කෙරුණි.

ඒ සඳහා ආසියානු නෙට්බෝල් සම්මේලනයේ වත්මන් සභාපතිනී ලක්ෂ්මී වික්ටෝරියා මහත්මියගෙන් ඉහළ දායකත්වයක් ලැබුණි. ඇය ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනියයි.

 මෙවර තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙසත් වික්ටෝරියා මහත්මිය කටයුතු කරයි. කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ තිලකා ජිනදාස මෙනවිය නැවැත බෲනායි රාජ්‍යයේ ජාතික දැල්පන්දු පුහුණුකාරිය වෙමින් එම කණ්ඩායම සමග බැංගලෝර් ආසියානු තරග සංචාරයට එක්ව සිටියාය.

තරගාවලියට එක් වූ ජපාන කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ක්‍රීඩා කිරීම කැපී පෙණුනි.


 - නාමල් පතිරගේ 


 

 



අදහස් (0)

ශ්‍රී ලංකා කෙල්ලන් ආසියානු කුසලාන අබියස ?

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 967 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site