IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තරුණයන්ගේ සිත ගත්ත බිකිනි ගුවන් සේවය

 

පිරිමින් හා කරට කර සිටිමින් ව්‍යාපාරික ලෝකය උඩුයටිකුරු කරන්නට තමන්ටත් හැකි බව පෙන්වන්නට සමත් ව්‍යාපාරික කන්තාවන් වර්තමාන වාණිජ ලෝකය ආක්‍රමණය කර ඇති බැව් දැකිය හැකිය. එවැනි කාන්තාවන් අතර පෙරමුණේ  සිටින කාන්තාවක පිළිබඳව ෆෝබ්ස් සඟරාව පසුගියදා අනාවරණය කර තිබුණා. ඇය 45 හැවිරිදි න්ගුයෙන් ති පුඔං තාඕ. පෞද්ගලික ගුවන් සමාගමක් හිමි වියට්නාමයේ ප්‍රථම බිලියනපතිනිය වශයෙන් කීර්තියක් උසුලන ඇයගේ 2017 වත්කම ඩොලර් බිලියන 1.2ක් වශයෙන් වාර්තා වෙනවා. 

 


1970 උපන් පුඔං තාඕ මූල්‍යකරණය හා ආර්ථික විද්‍යාව හැදෑරුවේ සෝවියට් දේශයේ. අධ්‍යාපනය ලබන අතර ඇය ජපානය, හොංකොං දකුණු කොරියාව වැනි රටවලින් විවිධ භාණ්ඩ ආනයනය කොට මොස්කව් නගරයේ පාරිභෝගිකයන්ට අලෙවි කළා.  තම ව්‍යාපාරික ඥානය මෙහෙයවමින් කුඩා ව්‍යාපාර ගණනක නිරතව සිටි ඇය 2011දී නව ව්‍යාපාරයකට අත ගැසුවා. ඒ අඩු වියදම් ගුවන් සේවයක්. එම ගුවන් සේවයේ විශේෂත්වය වූයේ එහි සේවය කරන සියලු ගුවන් සේවිකාවෝ බිකිනියකින් පමණක් සැරසී  සේවයේ නිරතවීමයි. ගුවන් ගමනට කිසියම් කාමුක බවක් එක්කළ මේ සුරූපිනියෝ මගීන්ගේ නෙත් සිත් වසඟ කරන්නට සමත් වුණා. මේ හේතුවෙන් ‘වියට් ජෙට් එයාර්’ ගුවන් සේවය ජනතාව අතර ප්‍රචලිත වූයේ ‘බිකිනි ගුවන් සේවය’ ලෙසිනුයි. එය වියට්නාමයේ දෙවැනි අභ්‍යන්තර ගුවන් සේවය වශයෙන් ක්‍රියාත්මක වූ අතර පළමු ස්ථානය හිමිවී තිබුණේ මීකොං ගුවන් සේවයටයි. ඔවුන්ගේ තේමා පාඨය වූයේ ‘ගුවන් ගමන උපරිමයෙන් විඳ ගන්න’ යන්නයි. ඒ අනුව ගමන උපරිමයෙන් විඳ ගන්නට බිකිනි ගුවන් සේවිකාවන්ගේ සහයද මගීන්ට ලැබෙනවා. ඔවුන් තම සුන්දරත්වය ප්‍රදර්ශනය කරමින් මගීන්ට ආහාරපාන ලබා දීමට, බඳපටි සකස් කිරීමට, පොරෝනාවලින් ආවරණය කිරීමට මෙන්ම කුඩා දරුවන්ට සෙල්ලම් බඩු ලබාදීමටද යුහුසුලු වෙනවා. එම ගුවන් සේවිකාවන්ගේ රුව රැගත් දින දර්ශනද මගීන්ට ලබා දීමට ගුවන් සමාගම පියවර ගෙන තිබෙනවා.


2008 සිට ගුවන් සේවයක් ආරම්භ කිරීමට පුඔං තාඕ  උත්සාහ කළද ලොව පුරා පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් එය ක්‍රියාත්මක වීම ප්‍රමාද වුණා. අඩු වියදම් ගුවන් සේවයක් වූ එයාර් ඒෂියා සමාගම ‘වියට් ජෙට්’ සමාගමේ කොටස්වලින් 30%ක් මිලට ගෙන හවුල් ගුවන් සේවයක් ලෙස පවත්වාගෙන යෑමට එකඟතාවකට පැමිණ තිබුණද ඒ සඳහා වන අනුමැතිය ප්‍රමාද වීම මත එය ක්‍රියාත්මක වූයේ නැහැ. වියට් ජෙට් ගුවන් සේවයේ පළමු ගුවන් ගමන  2011 දෙසැම්බර් 25 වැනිදා හෝ චි මිං නගරයේ සිට හැනෝයි දක්වා සිදු කෙරුණා. 2014 වසර අවසන් වන විට මගීන් මිලියන 10ක් ප්‍රවාහනය කළ වියට් ජෙට් ගුවන් සේවය 2015 දෙසැම්බර් වන විට මිලියන 25 ඉලක්කය ජයගැනීමට සමත් වුණා.


යානයේ මංගල ගමනේදී සංචාරකයන්ගේ ආකර්ෂණය තම ගුවන් සේවය වෙත ඇද ගැනීම සඳහා නවතාවයෙන් යුතු දෙයක් කළ යුතු බවට පුඔං තාඕ තීරණය කළා. 2012 වියට්නාමයේ රූ රැජින තරගයකට පෙනී සිටින තරගකාරියන් පස් දෙනකු සම්බන්ධ කරගත් ඇය ගුවන් ගමන අතරතුර එම රූ රැජන අපේක්ෂිකාවන්ගේ  හවායන් නැටුමක් මගින්හට ඉදිරිපත් කරන්නට පියවර ගත්තා. එහි ප්‍රතිඵලය වූයේ අනවසරයෙන් ගුවන් යානයක් තුළ නැටුම් සන්දර්ශනයක් පැවැත්වීමේ වරදට ඇමෙරිකානු ඩොලර් 960ක දඩයක් පැනවීමට වියට්නාම් ගුවන් සේවා අධිකාරය පියවර ගැනීමයි.


පුඔං තාඕගේ අපේක්ෂාව වූයේ ජාත්‍යන්තර ගුවන් සේවයක් ලෙස තම ගුවන් සේවය ව්‍යාප්ත කිරීම. 2013 පෙබරවාරි 9 ඇය එම කඩඉම ජයගැනීමට සමත් වුණා. ජාත්‍යන්තරයට පිවිසි ප්‍රථම වියට්නාම් පෞද්ගලික ගුවන් සේවය බවට පත් වෙමින් වියෙට් ජෙට් ගුවන් යානයක් හෝ චි මිං නගරයේ සිට බැංකොක් දක්වා පියාසර කෙරුණා.


වියෙට් ජෙට් ගුවන් සේවයේ සියලු ගුවන් සේවිකාවන් බිකිනියකින් පමණක් සැරසී එහි ගමන් ගත් මගීන්හට සේවා සැපයීම හේතුවෙන් බිකිනි ගුවන් සේවය සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වුණා. තම ස්මාට් දුරකථනවලින් මේ රූමතියන්ගේ ඡායාරූප ගැනීමට මගීන් අමතක කරන්නේ නැහැ. ඒ ඔවුන්ගේ සුන්දරත්වය සිහිවටනයක් ලෙස තබා ගැනීමේ අරමුණින්. තවමත් ඔවුන් ඒ අයුරින් සේවය සපයන අතර ජාත්‍යන්තර නීති රීති අනුව ගුවන් සේවා කිහිපයකට පමණක් එය සීමා වී තිබෙනවා. “තමන් කැමති ඇඳුමකින් සැරසී සිටින්නට ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා. එය බිකිනියක් හෝ වෙනත් සාම්ප්‍රදායික ඇඳුමක් විය හැකියි. ලොව පුරා විවිධාකාරයේ රූ රැජන තරග පැවැත්වෙනවා. එයට සහභාගිවන තරගකාරියන් බිකිනි ඇඳුමින් සැරසී ඔවුන්ගේ රූ සපුව ප්‍රදර්ශනය කරනවා. බිකිනි ඇඳුම සුන්දරයි. අප එවැනි ඇඳුමක් තෝරා ගත්තේ කාන්තා සුන්දරත්වය ප්‍රදර්ශනය කිරීමට හා මගින්ට සතුටක් ලබා දීම අරමුණු කරගෙනයි. ජනතාව මගේ ගුවන් සේවය ‘බිකිනි ගුවන් සේවය’ යනුවෙන් හැඳින්වීම පිළිබඳව මට ගැටලුවක් නැහැ. මගීන් සතුටු වෙනවා නම් එයයි අපේ සතුට.” යනුවෙන් තාඕ පවසනවා.
වියට්නාම් රාජ්‍ය ගුවන් සේවය වන වියට්නාම් ගුවන් සේවයට වඩා වැඩි ආදායමක් ඉපැයීමට වියෙට් ජෙට් ගුවන් සමාගම සමත්වී ඇත්තේ තරුණ පිරිස් අතර එය ඉතා ජනප්‍රිය වී ඇති බැවින්. එහෙත් බිරියන් හා පෙම්වතියන් තම සැමියන් හා පෙම්වතුන් බිකිනි ගුවන් සේවයේ ගමන් කරනවාට වැඩි කැමැත්තක් නොමැති  බවයි පැවසෙන්නේ. 


වියට්නාමයේ ගුවන් සේවා සපයන සමාගම් අතර 30%ක පමණ සේවා ප්‍රමාණයක් අත්පත් කර ගෙන සිටින්නේ එම ගුවන් සේවයයි. පසුගිය වසරේ එම සමාගමේ ආදායම ඩොලර් මිලියන 488 ඉක්මවා ගිය අතර  බෝයින්ග් සමාගම සමඟ ඩොලර් බිලියන 11ක ගිවිසුමකට එළැඹුණේ ගුවන් යානා 100ක් මිලට ගැනීම සඳහායි. එම ගුවන් සේවය ආසියාවේ ස්ථාන 47ක් වෙත සිය සේවා සපයන අතර ආසියාවේ එමිරේට්ස් ගුවන් සමාගම යන අන්වර්ථ නාමයෙන්ද එය හැඳින්වෙනවා. එම සමාගම සතුව ශාඛා 225ක් පවතින අතර දසදහසකට අධික සේවක සංඛ්‍යාවක් එහි සේවය කරනවා. වියට්නාමය ඉදිරි දසක දෙක ඇතුළත ලොව වේගයෙන් වර්ධනය වන ගුවන් සේවා 10 අතරට පැමිණීමේ අරමුණින් පසුවන අතර ඒ සඳහා වියෙට් ජෙට් ගුවන් සමාගමේ ජනප්‍රියත්වයද බලපා තිබෙනවා. මේ වන කලාපයේ ප්‍රකටව තිබූ ඉන්දුනීසියාවේ ගරුඩා, එයා එෂියා සහ තායි එයාර්වේස් යන ගුවන් සමාගම් හා කරට කර සිටින්නට වියෙට් ජෙට් සමත්ව සිටිනවා.


දැනට සිංගප්පූරුව, තායිලන්තය හා මියන්මාරය වැනි රටවලට සේවා සපයන වියෙට් ජෙට්  ගුවන් සේවය නුදුරේදීම චීනය, ජපානය සහ රුසියාව වෙත පියාසර කෙරෙනු ඇත.    

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා  



අදහස් (0)

තරුණයන්ගේ සිත ගත්ත බිකිනි ගුවන් සේවය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31312 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13513 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 112 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site