IMG-LOGO

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා


සෙනසුරු දෙන හොඳ නරක

සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා හොඳට පිහිටීම නිසා සැප සම්පත් ලබන අයත්, නරකට පිිහිටීම නිසා දුක් විඳින අයත් ලෝකය පුරා සිටිති. ඒ පෙර භවයන්හිදී කරන ලද කුසල් හා අකුසල් අනුවය.   


පෙර භවයන්හිදී කරන ලද අකුසල්වලට දඬුවම් දෙන නිලධාරියකු මෙන් සෙනසුරු අප ඉදිරියේ පෙනී සිටී. හදිසි අනතුරු, ලෙඩ රෝග, අලාභ පාඩු, තත්ත්වයෙන් පහළට වැටීම් හා නොයෙක් දුක් කරදර ආදී සෘණ ලක්ෂණ බොහොමයක් ශනි ග්‍රහයා අනුකම්පාවක් නැතිවම ලබා දෙයි. කල් ගත වන ලෙඩ රෝගවලින් දුක් විඳීමට පොළඹවයි.


   
හඳහනක ශනි හොඳට සිටිනවා යයි කියන්නේ ශනිට ගැලපෙන රාශියක, ගැලපෙන භාවයක උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීමයි. ශනි උච්ච වන්නේ තුලා රාශියේදීය. මකර හා කුම්භ රාශි දෙකේ දී ස්වක්​ෙෂ්ත්‍ර වෙයි. එනම් ශනි ගේ උච්ච භාවයට අඩු, බලවත් අවස්ථාවයි. ශනි තුලාවේදී බොහෝ සැප සම්පත් ලබා දෙන අතර මකර හා කුම්භ රාශිවලදී ද තරමක් හොඳ ප්‍රතිඵල උද‌ා කරයි.   


යම් කිසි කෙනෙකු උපදින විට ශනි උච්ච යැයි සිතමු. ඒ ශනි තුලාවේ සිටින කාලයයි. උපදින විට ශනි තුලාවේ 04°, 06' ක් ගමන් කර ඇත්නම් තුලාවේ තවත් 25° 54' ක් ඉතිරි වී තිබේ. එක් රාශියක් පසු කිරීමට ශනිට අවු 2 1/2 ක් හෙවත් මාස 30 ක් ගත වේ. ඒ අනුව එක අංශකයක් පසු කිරීමට එක මාසයක් ගනී. (රාශියකට අංශක 30කි) මේ නිසා තුලාවේ ඉතිරි 25° 54' පසු කිරීමට අවු 02 මාස 01 දින 27 ක් ගතවේ. මේ කාලයේ ඔහුට බොහෝ සැපසම්පත් ලැබේ. දෙවන වතාවට ශනි තුලාවට පැමිණීමට තුලාවේ සිටින අවු 02 මාස 01 දින 27 ත්, තුලාව හැර අනෙක් රාශි 11 ගමන් කරන අවු. 27 මාස 06 ත් ගත වේ.   


එවිට ජන්මියා ගේ වයස අවු. 29 මාස 07 දින 27 කි. එතැන් සිට අවු 02 මාස 06 ක් ශනි තුලාවේ ගමන් කරයි. මෙම කාලයේදී ඔහුට බොහෝ ශුභ ඵල ලැබේ. එම ශුභ ඵල අතර තමා සිටුවන ගස්වල බොහෝ ඵල දැරීම, රැකියාවෙන් බොහෝ ධනයක් ලැබීම වගා කටයුතුවල යෙදේ නම් අධික අස්වැන්නක් ලැබීම හා කටයුතු සාර්ථක වීම ද වේ.   


උපදින විට ශනි තුලාවේ සිටින අ​ෙයක් තීක්ෂණ බුද්ධිමතකු වේ. බොහෝ සැප සම්පත් ලබයි. උසස් සිතිවිලි ඇති කරයි. උසස් උගත් මිතුරන් ලබයි. දූරදර්ශී නුවණකින් යුක්ත වේ. ජය පරාජය දෙක එකසේ විඳ දරා ගැනීමේ ශක්තිය ලැබේ. කීර්තිය හා දීර්ඝායුෂ ලබයි. සාමාන්‍ය ශනි තමා සිටින තැනට අයිති දේ නැති කරයි. එහෙත් උච්ච ශනි එහි ප්‍රතිවිරුද්ධ දේ කරයි. දහයේ සාමාන්‍ය ශනි රැකී රක්ෂා නැති කරයි. අවුල් කරයි උච්ච ශනි රැකී රක්ෂා දියුණු කරයි. බලවත් රැකියා ලබා දෙයි.   


ශනි දෙන එක් අපල කාලයක් ‘සෙනසුරු ඒරාෂ්ටකය’ නමින් හැඳින් වේ. බොහෝ දෙනා තුළ විශාල භයක් ඇත්තේ මෙයටය. අපල ලැබෙනවාටත් වඩා මෙයට අනියත බියක් ඇති කිරීම නිසා කුමක් හෝ අපල කාලයක් පැමිණි විට එය එ්රාෂ්ටකය නමින් හැඳින්වීමට බොහෝ දෙනා පුරුදු වී සිටිති.   


අවුරුදු තිහක් ජීවත් වන සියලුම දෙනා මෙයට මුහුණ දෙන නිසා කියන තරම් ‘යකා කළු නැතැයි’’ ඕනෑම කෙනකුට පැහැදිලි වේ. මෙය විශාල අපලයක් නම් අවු. 30 ට වැඩි ඔබ අප බොහෝ දුක් විඳින ලද අය විය යුතුය. මෙහි අපල නැතිවා නොවේ. සියලු දෙනාටම ඒරාෂ්ටක අපල තදින් බල නොපායි.   


සෙනසුරු ඒරාෂ්ටකය තුන් ආකාරය. එය ජන්ම ඒරාෂ්ටකය, ලග්න ඒරාෂ්ටකය සහ අෂ්ටම ඒරාෂ්ටකය යනුවෙන් හැඳින් වේ. ශනි චන්ද්‍ර එකට සිටියදී උපත ලැබීම ජන්ම ඒරාෂ්ටකය වශයෙන් හැඳින්වේ. එහි කාලය තීරණය වන්නේ ශනි ග්‍රහස්ඵුටයේ අංශක ගණන අනුවය. ශනි සිටින රාශියේ ශනි ගෙවා ඇති අංශක ගණනත් ඊට කලින් අංශක 30ත් ජන්මියාට බලනොපායි. ජන්ම ඒරාෂ්ඨකය වශයෙන් බලපාන්ගේ චන්ද්‍රයා සිටින රාශියේ හෙවත් උපත ලබන විට ශනි සිටි රාශියේ ශනි ගේ ඉතිරි අංශක ප්‍රමාණයත් ඉදිරි රාශියේ අංශක 30 ත්ය.   


ඉස්සර කාලයේ නම් ජන්ම එ්රාෂ්ටකයෙන් උපදින බොහෝ දරුවෝ උපතේදීම මිය ගියහ. සමහර විට මවත් ඒ සමඟම මිය ගියාය.   


එම දරු උපත මවටත් දරුවාටත් බොහෝ වේදනාකාරීය. එහෙත් දැන් වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා එවැනි අවස්ථාවලදී ශල්‍යකර්මයකින් උපත සිදු කරනු ලැබේ. අවද‌ානම් අවස්ථාවෙන් දෙදෙනාම බේරා ගනු ලැබේ.   
ලග්න ඒරාෂ්ටකය යනු සෙනසුරු දොළොස් වැන්නේත් ලග්නයේත් දෙවැන්නේත් ගත කරන අවු. 7 1/2 ක කාලයයි. සාමාන්‍යයෙන් මෙය ඡන්ම ඒරාෂ්ටකය තරම් බලවත් නොවේ. සමහර කෙනකුට මෙම අපලය තදින් බලපෑවත් තවත් කෙනකුට ලොකු අපලයක් ඇති නොකෙරේ. ඒ ග්‍රහයින් ගේ පිහිටීම අනුවය. අෂ්ටම ඒරාෂ්ටකය යනු අටට ශනි ගේ පැමිණීමයි. එය අවු 2 1/2 කි. ශනි, හතේ සිටින අවු 2 1/2 ත් නවයේ සිටින අවු 2 1/2 ත් සාමාන්‍යයෙන් අපල නොයෙදේ.   


පොදුවේ ගත් කල ඒරාෂ්ටකය ලෙඩ රෝග, තත්වයෙන් පහළට වැටීම, අලාභ හානි, විවාහය කඩාකප්පල් වීම සහ හදිසි අනතුරු ආදී චණ්ඩ මාරුතවලින් ගහණය එහෙත් එ් ඒරාෂ්ටකය යෙදෙන සියලු දෙනාටම නොවේ.   
‘‘අසල් ගෙයක සොරකම් ගිය දවසක   


කුහුල් සිතින් ඉන්නේ තම ගෙය රැක’’   


අසළ ගෙයක සොරකමක් සිදු වූ විට ඒ හොරු තම නිවසටත් පනීවි යන සැකයෙන් සිටිනවා මෙන් ඒරාෂ්ටකයට බිය වී සිටීම එක අතකින් සාධාරණය. මේ බිය ඇති කරන්නේ සමහර ජ්‍යෙතිර්වේදීන්මය. ජීවිතයේ පළමු අවු.30 ට කලින් එක් ඒරාෂ්ටකයකුත් දෙවන අවු. 30 ඇතුළත දෙවන ඒරාෂ්ටකයත් තුන්වන අවු. 30 ඇතුළත තුන් වන ඒරාෂ්ටකයත් ඇති වේ. කිසි කෙනකු ඒරාෂ්ටකයට අනියත බියක් ඇති කර නොගත යුතුය. ජන්ම ඒරාෂ්ටකයෙන් උපන් අයට දෙවන හා තුන්වන ඒරාෂ්ටක අපල නැත. ජන්ම එ්රාෂ්ටකයෙන් නොමැරී බේරුණු අය හෙවත් තම හඳහනේ ශනි චන්ද්‍ර එකට සිටින අය දක්ෂයින් බවට පත් වෙති.   


සෙනසුරු මාරුවටද අද මිනිසුන් දක්වන්නේ විශාල බියකි. සෙනසුරු පමණක් නොව අනෙක් සියලුම ග්‍රහයෝද මාරු වෙති. පාපී ග්‍රහයින් වන කුජ, රවි, රාහු වැනි ග්‍රහයෝද සෙනසුරු වැනි වැඩිපුරම අශුභ ඵල උද‌ා කරන ග්‍රහයෝ ද වෙති. සෙනසුරු මාරුවට පමණක් බිය වී අනෙක් පාපී ග්‍රහයින් ගේ මාරුවට බියවීමට අමතක කිරීම කාගේ වැඩක්දැයි නොදනිමි.   


සෙනසුරු, සිකුරු වෙත ඇති කරන බලපෑමෙන් සිකුරුගේ බලය අඩු වී යයි (සිකුරු විවාහ කාරක ග්‍රහයාය. සෙනසුරු විවාහයට අකැමැති ග්‍රහයාය) මේ හේතුව නිසා බොහෝ දෙනකුගේ විවාහය ප්‍රමාද වේ. ශනිට යාම සිකුරු සිටීමෙන්ද, ශනිට සිකුරු පෙනීමෙන්ද, ශනි සිකුරු එකට සිටීමෙන්ද, ශනි සිකුරු පරිවර්තන යෝගයෙන්ද සිකුරු ගේ බලය අඩු වී විවාහය අවු 28, 30 පමණ පසුවන තුරු, විවාහ වන වයස ඉක්මවා යනතුරු විවාහය ප්‍රමාද වේ. සමහර විට ඊටත් වඩා ප්‍රමාද විය හැකිය. විවාහ වන වයස වන විට සෙනසුරු මහ දශාව ලැබීමද විවාහයට බාධාවකි. (විවාහය ප්‍රමාද වීමට තවත් බොහෝ කරුණු බලපායි)   


සෙනසුරුගෙන් වන සියලුම අපල උපද්‍රව අඩු කිරීමට ද‌ාන, සීල, භාවනා, බෝධි පූජා, පන්සිල් රැකීම වැනි කුසල කර්මවල යෙදීම ඉතා යහපත් ප්‍රතිඵල උද‌ා කරයි. කපුටන්ට කිරිබත් දීම, යාචකයින්ට ආහාර දීම වැනි ක්‍රියා හොඳ වුවත් ඒවා ශනිගෙන් වන අපලවලට ප්‍රතිකර්ම නම් නොවේ.   

 

 

 

 


විශ්‍රාමලත් විදුහල්පති,   
ජ්‍යොතිෂවේදී   
එඩී කරුණාතිලක   

32, ගලවැටිමෝදර පාර, නල්ලූරුව, පානදුර 



අදහස් (1)

සෙනසුරු දෙන හොඳ නරක

චන්ද්‍රිකා දමයන්ති රත්නායක Sunday, 22 December 2019 02:49 PM

මම ඒකට කැමති යි

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 479 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 278 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 576 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site