
සතුන්ගේ ශරීරයේ සිටින කිනිතුල්ලන් සපාකෑම හේතුවෙන් මිනිසාගේ මොළයට හානි කරන රෝගී වයිරසයක් ව්‍යාප්තවෙමින් පවතින බව ඇමෙරිකාව කළ අධ්‍යයනයකින් පළමුවරට හඳුනාගෙන තිබේ.
ටික් බොර්න් එන්සෆලයිටීස් වයිරසය ලෙස මෙම රෝගය හඳුන්වා දී ඇත.
ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශ කිනිතුල්ලන් සහිත පෙදෙස් වන අතර, ඔවුන් සිටීම සාමාන්‍ය තත්ත්වයක් බවද, මුවන්ගේ වර්ධනය හේතුවෙන් කිනිතුල්ලන්ගේ වර්ධනයක් දැකගත හැකි බවද ඔවුහු පෙන්වා දෙති. මුවන්, බළලුන්, බල්ලන්ගේ සිරුරුවල සිටින කිනිතුල්ලන් කඳුකර පෙදෙස්වල සැරිසරණ මිනිසුන්ගේ ශරීරයේ රැඳී, සැඟව සිටිමින් සපන අතර මේ නිසා ආසාත්මිකතා මෙන්ම රෝග ද සෑදෙන බව තහවුරු කරගෙන ඇත. විශේෂඥයන් පවසන්නේ, මෙම කිනිතුල්ලන් සංචාරක කුරුල්ලන්ගෙන් බෝෙවන්නට ඇති බවය. කෙසේවුවත් කිනිතුල්ලෙක් කෑ පමණින් අසනීප ෙවන්නේ යැයි බිය නොෙවන ලෙසද ඔවුහු පවසති.
කිනිතුල්ලන් සපාකෑම අවම කරගැනීම සඳහා සම ආවරණය කරගන්නැයිද, සපා කෑ විට එම ස්ථානය හොඳින් සෝදා හරින්නැයිද, කිනිතුල්ලන් සපාකෑම නිසා ඇති වූ බව සිතිය හැකි රතු ලප, උණ රෝග, පසුගිය මාසයක පමණ කාලයක් තුළ දැකිය හැකි වූයේ නම් ප්‍රතිකාර ලබාගැනීමට යොමුවන්නැයිද වෛද්‍යවරුන් පවසා ඇත.
මේ ෙවනවිට මෙම රෝගය යුරෝපය, ස්කැන්ඩිනේවියාව සහ ආසියාවටද බලපෑම් කරමින් තිබේ.
ගාඩියන් ඇසුරෙනි.
තිළිණි ද සිල්වා
2025 දෙසැම්බර් මස 18
365
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතුන්ගේ කිනිතුල්ලන්ගෙන් මිනිස් මොළයට හානි කරන වයිරසයක්
Priyanwada Banaduwardana Tuesday, 12 October 2021 10:46 AM
මෙය අළුත් දෙයක් නොවෙයි. මේ යුරෝපා රට්වල කාලයක සිට ඔය කිනිතුල්ලා මිනිස් මොළයට කරන හානිය සඳහා එන්නත් ලබා දෙනවා.