කොවිඩ්වලට එරෙහි සුපිරි ප්‍රතිශක්තියක් සහිත හයිබ්‍රිඩ් (දෙමුහුම්) ප්‍රතිශක්තියක් මේ වනවිට ලොව ඇතැම් පුද්ගලයන් තුළ බහුලව වර්ධනය වෙමින් ඇති බව අමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් විසින් තහවුරු කර තිබේ.
මෙකී නවතම සොයා ගැනීම වාර්තා වූයේ අමෙරිකාවේ රොකෆෙලර් සරසවියේ සිටිනි විද්‍යාඥයින් පිරිසක් සිදු කළ පර්යේෂණයකිනි.
මේ සුපිරි ප්‍රතිදේහය පරිනාමය වී ව්‍යාප්ත වීමත් සමඟ කොවිඩ් වයිරසය ද සාමාන්‍ය උණ හෙම්බිරිස්සා වයිරසයක් මට්ටමට පත්වනු ඇතැයි එම විද්‍යාඥයන් පෙන්වා දෙති.
මේ වන විට පැතිරෙන සියලුම කොවිඩ් වෛරස මාදිලිවලට මෙන්ම අනාගතයේ ඇතිවිය හැකි SARS -Cov 2, මාදිලිවලටද මෙය කදිම ප්‍රතිකාරයක් බව ද වාර්තා වෙයි.
එසේම මෙයට වසර 20කට පමණ පෙර සොයාගත් සාර්ස් රෝගය සාදන මුල් කොරෝනා වෛරසය හෙවත් SARS -Cov 2,-1, වයිරසය සහ එහි විපරීත මාදිලිවලට ද එක සේ ප්‍රතිරෝධය දැක්වීමට සුපිරි ප්රතිදේහවලට හැකි බව සනාථ වී තිබේ.
මේ අතර පෙන්සිල්වෙනියා සරසවියේ තවත් වයිරසවේ දී පර්යේෂක පිරිසක් තහවුරු කර ඇත්තේ තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම මගින්ද මේ ආකාරයටම සියලු කොවිඩ් මාදිලි සඳහා ප්‍රතිරෝධය දක්වන සුපිරි ප්රතිදේහයන් වර්ධනය විය හැකි බවය. එක් වරක් කොවිඩ් වැළඳුණු පිරිස තුළ මේ හැකියාව වඩාත් ඉහළ බව ඔවුන්ගේ පර්යේෂණ මගින්ද තහවුරු වී ඇත.
එන්.බී.සී පුවත් වෙබ් අඩවිය ඇසුරෙනි.
සටහන - තිළිණි ද සිල්වා
COMMENTS
රට ඩොලර් නැතුව අසරණ වෙලා.. දියුණු රටවල් තම නිෂ්පාදන විකිනීමට විද්‍යාව පාවිච්චි කරනවා අපේ දොස්තර මහත්තුරු බටහිර රටවල වෙළඳ දැන්වීම් වල රඟපානවද කියල සැකයක්ද හිතෙනවා . කිසිඳු දේශීය දේකට මෙයාල කැමති නැහැ. ''
මිනිසුන්ට ලබා දෙන කොවිඩ් තොරතුරුවලට ස්තූතියි. ලංකාදීපයට සුභ පැතුම්