IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බොහෝ දුරට විවාහයෙන් පසුව මම කලාවෙන් සමුගනීවි - රංගි රාජපක්ෂ


නිරූපණ ක්ෂේත්‍රයේ සිට පියවරෙන් පියවර රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය දැන් ලොවක් හඳුනන රංගන ශිල්පිනියකි. එක් රැයකින් ජනප්‍රිය වී ඉතා ඉක්මනින් බැස යන කලා තරු අතර හෙමින් ගමනින් තම ඉලක්ක වෙත යන ඇයගේ සුන්දර රූ සපුවත්, පියකරු සිනහවත්, ඇයටම අනන්‍ය වූ දක්ෂතාවත් මේ ගමනේ ඇගේ අත්වැටයි. ඉහත පූර්විකාව මේ දිනවල කලා අඹරේ දිලෙන තරුවක් වන රංගි රාජපක්ෂ ගැනයි. මේ මෙවර සැඳැල්ලෙන් ඈ වෙනුවෙන් වෙන්කළ ඉඩකඩයි.

  • කවුද මේ රංගි රාජපක්ෂ?

පාඩුවේ හිමින් ගමනක් යන කෙනෙක්. රංගන ක්ෂේත්‍රයට ඇවිත් ලොකු කාලයක් වුණත් තාමත් හිමින් හිමින් මගේ ඉලක්ක වෙනුවෙන් ගමන් කරමින් ඉන්නවා.

  • මේ දිනවල සම්බන්ධවෙලා ඉන්න කලා කටයුතු ගැනත් කියමු?

මේ දිනවල ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ කටයුතු කරගෙන යනවා. ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශනය වන නෙළුනි, ස්වාධීන රූපවාහිනියේ විකාශය වන RAT, සිරස නාළිකාවේ රොකී සහ දෙරණ නාළිකාවේ නිකිණි කුසුම් ටෙලි නාට්‍යවලට තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. 

  • මේ චරිත අතරින් රංගි වැඩිපුරම කැමති චරිතය මොකක් ද?

ඇත්තටම මම මේ හැම චරිතයකටම කැමතියි. මොකද ඒ චරිත එකිනෙකට වෙනස් චරිත. ඒ නිසාම මමත් ඒ හතරට වෙන වෙන විදිහට කැමතියි. මේ දවස්වල වැඩිපුරම ප්‍රේක්ෂක කතාබහට ලක්වෙලා තියෙන්නේ රැට් කියන ටෙලි නාට්‍යයේ චරිතය. මාත් සමග ඒ නිර්මාණයට සම්බන්ධ වෙලා ඉන්නේ සාරංග දිසාසේකර. ඒ චරිතයේ ස්වභාවය අනුව නම් ඒක මීට කලින් මම කරල නැති විදිහෙ චරිතයක්. ඒ නිසා ඒ චරිතය ටිකක් විශේෂයි.

  • මේ නිර්මාණ වෙනුවෙන් රංගිට ලැබෙන ප්‍රේක්ෂක ආදරය කොහොමද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම ගොඩක් තැන්වලට ගියාම ගොඩක් දෙනෙක් මට කතා කරන්නේ මේ චරිතවල නම්වලින්. පොඩි ළමයි එහෙම කතා කරන්නේ නෙළුනිගේ අම්මා කියල තමයි. ඉතින් ඒ ආදරේ මට හරි ලස්සනට දැනෙනවා සහ හැඟෙනවා. මම කවදාවත් ඒ ආදරේ කරදරයක් කියල හිතන්නෙ නැහැ. ප්‍රේක්ෂකයෝ ඇවිත් මාත් එක්ක කතා කරද්දි, ෆොටෝ එකක් ගහන්න හදද්දි මම ඒ ඉල්ලීම මට පුළුවන් විදිහට ඉෂ්ට කරනවා. මම කොයි වෙලාවකවත් ඒ අයගෙ හිත් රිද්දන්නෙ නැහැ. ඉතින් මේ ලැබෙන ආදරේ ගැන තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. 

  • රංගන ශිල්පිනියක් වීම සිහිනයක්ද? කොහොම ද ඒ අවස්ථාව ලැබුණේ?

ඇත්තටම ඒ වගේ සිහිනයක් තිබුණෙ නැහැ. මුලින්ම කළේ නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු තමයි. ඒ අතරිනුත් බ්‍රයිඩ්ල් ෂූට් තමයි වැඩිපුරම කළේ. එයින් පසුව මට වෙෙළඳ දැන්වීම සඳහා ආරාධනා ලැබුණා. ඒවට සම්බන්ධවෙලා ඉන්න කාලේ තමයි රාවණා ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුණේ. මම රංගනයෙන් දායක වුණු පළවෙනි ටෙලිනාට්‍යය රාවණා වුණත් පළමුවෙන්ම විකාශනය වුණේ නාලන් මෙන්ඩිස් මහත්මයාගේ සල්සපුනා ටෙලිනාට්‍යය. පළවෙනි නාට්‍යයේ ඉඳලම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ එක්ක වැඩ කරන්න ලැබුණු එක ඇත්තටම ලොකු වාසනාවක්. කොහොම වුණත් රංගි රාජපක්ෂ කියන චරිතය ප්‍රේක්ෂකයෝ වැඩි දෙනෙක් හඳුනගන්නේ රාවණා ටෙලි නාට්‍යයෙන් කීවොත් හරි. 

  • රිදී තිරයේ වැඩකටයුතු මොනවාද?

මගේ පළවෙනි සිනමා නිර්මාණය ශ්‍රී ලංකාවේ විකාශනය වූ එකක් නෙවෙයි. ඒක මාලදිවයිනේ නිර්මාණයක්. මමයි අමිල කරුණායකයි ඒ නිර්මාණයේ වැඩ කළේ. ඒකේ ප්‍රිමියර් එකට අපි දෙන්නට ඒ රටෙන් ආරාධනා ලැබුණා. ඒක මගේ ජීවිතේ විශේෂ අවස්ථාවක්. පොඩි රටක් වුණත් එයාලා ගුවන්තොටුළේ අපි පිළිගත්ත තැන ඉඳන්ම ඒ ආදරේ හරි අපූරුවට දැනුණා. සිංහල සිනමාවේ නම් ටීච් මී සහ කදිර දිව්‍යරාජ කියන නිර්මාණවලට සම්බන්ධ වුණා. 

  • රංගි දැන් වෘත්තීයමය රංගන ශිල්පිනියක් ද?

ඔව්.

  • මේ වෘත්තීය තෝරා ගැනීම ගැන තරුණියක් විදිහට ඔබ තෘප්තිමත් ද?

රංගන ක්ෂේත්‍රය හෝ වේවා වෙනත් වෘත්තියක් හෝ වේවා අපි අපේ වැඩේ හරියට කරගෙන යනවා නම් ගැටලු ඇතිවෙන්නෙ නැහැ. අපි එතන රැදෙන විදිහ, හැසිරෙන විදිහ සහ අපේ චර්යාව තමයි මෙතනදි වැදගත්. මට කියන්න සතුටුයි මගේ මේ වෘත්තීය ජීවිතය ගැන මට සෑහීමකට පත්වෙන්න පුළුවන්. මොකද මම යම් ස්ථාවරයක මේ වෙනකොට ඉන්නවා. ඒ වගේම තමයි මම දන්න විදිහට මට මේ වෙනකම්ම කටකතාවක් හෝ අයුතු යෝජනාවක් වගේ කිසිම දෙයක් ලැබිල නැහැ. ඉතින් ඇත්තමට තෘප්තිමත් වෙන්න පුළුවන්. 

  • රංගි චරිත තෝරගන්නකොට විශේෂයෙන් සොයා බලන නිර්ණායක තියනවා ද?

චරිත තෝරගන්න කොට ඒක ප්‍රධාන චරිතයක් වීම මට වැදගත් නැහැ. හමුවෙන චරිතය ඇතුළේ කරන්න යමක් තියෙනවා නම් ඒක කරන්න පුළුවන් කියල දැනෙනවනම් භාරගන්නවා. 

  • රංගි විශේෂ ආදරයක හිමිකාරියක් ද?

ඔව්. මම දැන් විශේෂ ආදරයක් විදින කෙනෙක්.

  • ආදරය පිළිබද ඔබේ නිර්වචනය මොකද්ද?

මම හිතන්නේ ආදරය කියන්නේ අයිතිකර ගැනීමම නෙවෙයි. හැබැයි ආදරේ හැම කෙනෙක්ටම තියෙන්න ඕන දෙයක්. ඒ ආදරය හිමිවෙයි ද, නැති වෙයිද, ඒක ඇතුළේ කොච්චර ප්‍රශ්නද, කියන එක එකිනෙකාට අනුව වෙනස් වෙනවා. මට අනුව නම් ආදරේ කියන්නේ අපිට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දෙයක්.

  • රංගනයට හැර මොනවද දක්ෂ?

මට නර්තන හැකියාව තියෙනවා. පාසල් කාලයේ ඉඳන්ම නර්තනය හදාරලා තියෙනවා. 

  • ඔබේ රංගන කටයුතුවලට ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?

මගේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලියි තමයි ඉන්නේ. ඇත්තටම අපේ පවුලේ කලාවට සම්බන්ධ කිසිම කෙනෙක් නැහැ. මටත් මේක අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. මගේ අම්මා ගෘහණියක්. මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණාම මාත් එක්ක තැන් තැන්වලට යන්න මම ගෙදර කාටවත් කරදර කළේ නැහැ. මොකද මට ඒ දේවල් තනියම කරගන්න සහ ඒ වෙනුවෙන් හොඳ ආත්ම විශ්වාසයක් තිබුණා. මම ගැන මට වගේම ගෙදර අයටත් හොඳ විශ්වාසයක් තිබුණා. ඉතින් එයාල හැම වෙලේම ළඟින් හිටියෙ නැතත් මට මේ දීල තියන නිදහස, මම ගැන තියල තියන විශ්වාසය, මම ගැන සතුටුවෙන එකම මට ලැබෙන හොඳ සහයෝගයක්.

  • කලාවෙන්ම ඉදිරියට යන්න ද බලාපොරොත්තුව?

මම කලාවට ආදරෙයි. හැබැයි මට තියන ලොකු බලාපොරොත්තුවක් තමයි ලස්සන පවුල් ජීවිතයක් ගත කරන එක. ඒ දේ මේ රැකියාවත් එක්ක සම්බරව කරගෙන යන බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් මම ආසයි ඒ පවුල් ජීවිතේ නිදහසේ විදින්න. ඉතින් බොහෝ දුරට මම විවාහ වුණාම කලාවෙන් සමු ගනීවි. 


දුලක්ෂි ලියනගේ


 



අදහස් (0)

බොහෝ දුරට විවාහයෙන් පසුව මම කලාවෙන් සමුගනීවි - රංගි රාජපක්ෂ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31261 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13443 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10985 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 90 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 926 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site