IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


පුංචි තිරයේ අම්මා අංජලී ලියනගේ

පුංචි තිරයෙන් අපි හැමදාම විවිධ චරිත දකිනවනේ. ඒ අතර අංජලී ලියනගේ කියන්නේ ගොඩක් වෙලාවට පුංචි තිරයෙන් මවගේ චරිතයට පණ පොවන රංගන ශිල්පිනියක්. දෙවෙනි ඉනිමේ දෙව්මි ගේ අම්මා  “අනූෂා” විදියට ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඇය - මේ දවස්වල ස්වර්ණවාහිනියේ අලුතින් විකාශය වන "මා" ටෙලිනාට්‍යයටත් රංගනයෙන් සහභාගි වෙනවා. ඒ ලීලාවතී නමින්. ඉතින් මෙවර “සඳැල්ල” කතාබහ ඇය සමගයි.  

මුලින්ම කියන්නකෝ අංජලී ව අපිට දකින්න ලැබෙන්නෙම මවගෙ චරිතයෙන් මොකක් ද ඒකට හේතුව ?

ඒක මාත් හරියටම කියන්න දන්නෙ නැහැ. මොකක් හරි හේතුවකට අම්මා කියන චරිතය මට අවුරුදු 28, 29 වගේ ඉඳලම කරන්න ලැබෙනවා. සමහර විට මම කරපු චරිතෙකට මම සාධාරණයක් කරපු නිසා දිගටම ඒ චරිතෙ ලැබුණ ද කියලත් හිතෙනවා. කොයි නිර්මාණයක් ලැබුණත් මට අම්මා කියන චරිතය තමයි ලැබෙන්නෙ. ඒ ලැබෙන අම්මා කියන චරිතෙට මාත් හරි ආසයි.  ඒක හරිම ආදරෙන් භාර ගන්නවා. ඒ වුණත් පහුගිය දවස්වල  එක දිගටම අම්මා කියන චරිතෙ කරපු නිසා  ඒකාකාරී චරිතයක් ඇතුළෙ කොටු වුණා කියලාත් මට හිතෙනවා. රංගන ශිල්පිනියක් විදියට ඒකාකාරී චරිතම කරන්න ලැබුණම අපිටත් නීරසයි  වගෙත් නේ. ඒ නිසා ඒ තත්ත්වයෙන් මිදෙන්න දැන් වෙන චරිත කරන්න ඕන කියලා මට හැඟිලා නම් තියෙනවා. ඒ වගේම වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වෙලාත් මම ඒ ඒකාකාරී බව නැති කරගන්නවා.

වෙන චරිතයක් කරන්න බලන් ඉන්නවා කිව්වනෙ, එහෙම ආස විශේෂ චරිතයක් තියෙනව ද?

නැහැ. රංගන ශිල්පිනියක් වුණාම විවිධාකාර චරිත කරන්න අපි කවුරුත් ආසයිනේ. එකක් කියලා විශේෂ චරිතයක් ඔළුවෙ නැහැ.හැබැයි අම්මා කියන චරිතෙන් ඔබ්බට ගිහින් විවිධාකාර චරිත කරන්න ආසාවක් මටත් තියෙනවා. සමහර වෙලාවට අම්මාගෙ චරිතය ඇතුළෙත් වෙනස් චරිත තියෙනවා. එහෙම වෙනසක් වුණත් මං සතුටෙන් භාර ගන්නවා.

අලුතින් එකතු වුණ "මා" ටෙලි නාට්‍යයේ ලීලාවතී ගේ චරිතය ඒ වගේ වෙනසක් ද?

ඔව්. මා ටෙලිනාට්‍යයේ ඉන්න ලීලාවතී මෙච්චර කල් මම කරපු අම්මලා ගේ චරිතවලට වඩා ගොඩක් වෙනස් චරිතයක්. නිර්මාණය වෙනුවෙන් ආරාධනා කළාම මමත් හරි ආදරෙන් ඒක භාර ගත්තා. නිර්මාණයේ දැනට කොටස් කීපයක තමයි මගේ චරිතය ඉස්මතු වෙන්නේ. ලීලාවතී කියන්නේ වැල්ලබඩ ප්‍රදේශයක ජීවත් වෙන ගොඩක් දුප්පත් අම්මා කෙනෙක්. හැබැයි කොච්චර දුක් වින්දත් තමන්ගේ පුතාවත් ආදරෙන් ඇති දැඩි කරගෙන තමයි ඇය ජීවත් වෙන්නේ. ඇයට ජීවිතේ එක තැනක දි තමන්ගේ දරුවව නැති වෙනවා. එතන ඉඳන් මොකද වෙන්නෙ කියලා නිර්මාණය ඉදිරියට ගලා ගෙන යද්දි තමයි බලා ගන්න වෙන්නෙ. කෙටියෙන්ම කිව්වොත් ලීලාවතී කියන්නේ තමන්ගේ දරුවට පණ වගේ ආදරේ කරන, දරුවගේ හදවතින් නොයන අම්මා කෙනෙක්. පුතා ජීවිතේ කොහෙ ගියත් එයාගේ අම්මා ජීවත් වෙනවා එයාගේ හිත ඇතුළේ. අම්මා දෙන උපදෙස් මත තමයි එයාගෙ ජීවිතේ ගලා ගෙන යන්නේ. 

කොයි වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද ලැබෙන්නේ?

කතාව පටන් අරන් තාම ටික දවසයි ගියේ. හැබැයි ගොඩක් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. "මා" නිර්මාණය විකාශය වෙන්න කලින් මම ඒකෙ එක ෆොටෝ එකක් දැම්මා මගේ සමාජ මාධ්‍යයට. ඒකට පවා සෑහෙන ප්‍රතිචාර ලැබුණා. ඉතින් ඒ ආදරේට ප්‍රේක්ෂකයන්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ  පිටපත මහේෂ් අයිය ගේ. මහේෂ් අයියට ස්තූතිවන්ත වෙනවා මට මේ වගේ චරිතයක් දුන්නට. මම ගොඩක් සතුටින් මේ චරිතෙ කරන්නෙ. ඒ වගේම ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂක තුමා මට චරිතය ගොඩ නඟා ගන්න ලොකු සහයෝගයක් දෙනවා. මා නාට්‍යය ඇතුළේ ලොකු පිරිසක් ඉන්නවා නිර්මාණය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. මම හිතන්නේ ඒ නිසා තමයි ඒ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ලැබෙන්නේ. 

අංජලී වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වෙනවා. ඒ ගැනත් මතක් කළොත්?

මම පාසල් වේදිකාවේ හිටපු කෙනෙක්. ඊට පස්සෙ කාලෙත් එක්ක මට වේදිකාව මග හැරුණා. මම හිතන විදියට වේදිකාව කියන්නේ විශ්ව විද්‍යාලයක් වගේ. ඒක ඇතුළේ ඉද්දි අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. ඒ නිසා වේදිකාවෙන් අපේ දක්ෂතා වැඩි දියුණු කර ගන්න පුළුවන්. ඒකාකාරී චරිතවලින් මිදෙන්න හිතුව නිසා මට දැන් කාලය තියෙනවා. මම වේදිකා නාට්‍ය ගොඩක් කරන්නෙ නැහැ. එක වේදිකා නාට්‍යකට සම්බන්ධ වුණා. නාලක විතානගේ මහත්මා අධ්‍යක්ෂණය කරන “රෝමය ගිනි ගනී” කියන වේදිකා නාට්‍යයට. ඒක දැන් ඊ මේල් කුමාරයා විදිහට වේදිකාගත කරනවා. මේක බන්ධුල විතානගේ සර්ගෙ නිර්මාණයක්. 

මේ දවස්වල වැඩකටයුතු මොනවද?

විකාශය වුණ නාට්‍ය කීපයක් ඉවර වුණා. ඊට අමතරව මා ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගී වෙනවා. තව මගේ වේදිකා නාට්‍ය රෝමය ගිනි ගනී, ඊ මේල් කුමාරයා වේදිකාගත වෙනවා. ඒ වැඩවලට තමයි මේ දවස් ටිකේ විශේෂයෙන් අවධානය යොමු  කර ගෙන යන්නේ.

අංජලී හිතන විදිහට රංගනයෙ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ කොතැන ද?

මම ඉස්කෝලෙ කාලේ පොත් කවරෙකින් ප්‍රේක්ෂකයන් අතරට ගිය කෙනෙක්. 2000 අවුරුද්දේ තමයි මම මේ ක්ෂේත්‍රයට එන්නේ. ඒ ඇවිත් බන්ධුල විතානගේ සර් ගෙම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙනවා. ඒත් ඒක විකාශය වෙන්නෙ නැහැ. ඊට පස්සෙ මාලනී ෆොන්සේකා මහත්මිය අධ්‍යක්ෂණය කළ “දෝණි” නිර්මාණයෙන් තමයි මම ක්ෂේත්‍රයට ආවේ .  ඇය තමයි මාව ක්ෂේත්‍රයට හඳුන්වලා දෙන්නෙ. ඊට පස්සෙ මම ප්‍රධාන චරිත කීපයක් කරත් ජනතාව අතරට ගොඩක්ම යන්න පුළුවන් වුණේ දෙවෙනි ඉනිමේ අනූෂා කියන චරිතය හරහා. ඒක තමයි මං හිතන විදිහට මගේ හැරවුම් ලක්ෂ්‍යය. ඒ චරිතයත් එක්ක මට ලොකු ප්‍රේක්ෂකයො පිරිසකගෙ ආදරේ ලැබුණා.

ඉදිරි බලාපොරොත්තුව.....

අපිට ජීවිතේ ගොඩක් බලාපොරොත්තු තියා ගන්න බැහැ. ඒ නිසා එන විදිහට වැඩ ටික කරගෙන යනවා. ඊට අමතරව මගේ දක්ෂතාව එළියට දෙන්න පුළුවන් චරිත තෝරා බේරා ගෙන, හොඳ නිර්මාණවලට දායක වෙන එක තමයි මගේ බලාපොරොත්තුව. මුලින් කිව්වා වගේ එක දිගට මම ගොඩක් වැඩ කළා. ඒ නිසා ඒකෙන් පොඩ්ඩක් නැවතිලා මගේ දක්ෂතාව පෙන්නන්න පුළුවන් විදිහෙ වෙනස් චරිතයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

පවුලෙන් මොන වගේ සහයෝගයක් ද ලැබෙන්නේ ?

අපි හරි සාමාන්‍ය පවුලක්. මගෙ සැමියාත් සංගීත ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ. ඔහු වාදන ශිල්පියෙක්. දුව මේ වෙනකොට උසස් අධ්‍යාපනය හදාරන ගමන් ඉන්නේ. කලා ලෝකෙ ජීවත් වෙද්දි පවුලෙන් ලැබෙන සහයෝගය ගොඩක් වැදගත්. මගේ පවුලෙන් ඒ සහයෝගය මට උපරිමෙන්ම ලැබෙනවා. මොකද එහෙම නැත්තම් අපිට ඔළුව නිදහසේ මේ ගමන යන්න බැහැ. ඒ වගේම මගේ යාළුවොත් මට උදව් කරනවා. ඒ හැමෝමවත් ආදරෙන් මතක් කරනවා.

අලුත් නිර්මාණවලට ආරාධනා ලැබෙනව ද?

ඔව්, අලුත් වැඩ කීපයකට මම සම්බන්ධ වුණා. ඒ ටික විකාශය වුණාම තමයි ඉතිරි කොටස් රූගත කරන්නේ. දැනට ඉන්දියාවේ චිත්‍රපටියකටත් ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි තාම ඒක භාර ගන්නව ද? නැද්ද? කියලා තීරණය කරලා නැහැ.

ක්ෂේත්‍රයට එන නවකයන්ට මොන වගේ උපදෙසක් ද දෙන්නේ? 

දැන් අලුතෙන් ක්ෂේත්‍රයට එන ළමයි ගොඩක් දක්ෂයි. අපේ කාලේ වගේ නෙවෙයි. එයාලාට ක්ෂේත්‍රයට එන්නත් අද ගොඩක් ලේසියි. සමාජ මාධ්‍ය හරහා වුණත් එයාලට අවස්ථාව ලැබෙනවා. හැබැයි ක්ෂේත්‍රයට එන්න ලේසි වුණාට රැඳෙන්න තමයි අමාරු. ඒ නිසා රැඳෙන්න ඕනේ නම් මහන්සි වෙන්න වෙනවා. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ ඉද්දි හැමදාම දේවල් ඉගෙන ගන්න තියෙනවා. මටත් නිතරම අලුත් ළමයි එක්ක රඟපාන්න ලැබෙනවා. මම කියන්නේ භාර ගන්න නිර්මාණයට පටන් ගත්ත තැනේ ඉඳන් අවසානෙ වෙනකල්ම සාධාරණයක් කරන්න කියලා. ඒ වගේම නිහතමානීව ක්ෂේත්‍රයේ වැඩ කරන්න පුරුදු වෙන්න. එතකොට අපිට ඉදිරියට යන්න පුළුවන්.

කෞශල්‍යා ලක්ෂානි



අදහස් (0)

පුංචි තිරයේ අම්මා අංජලී ලියනගේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1915 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site