IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අපි උත්සාහ කළ දෙයක් අපේ ළමයි ඉටුකළාම දැනුණු සතුට අපමණයි කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන

 ශෂිකලා මේ ජයග්‍රහණය ඔබට දැනෙන්නෙ කොහොමද?


ඇත්තම කිව්වොත් මට එය දැනුණේ මාත් එයාලා එක්ක ක්‍රීඩා කළා වගේ හැඟීමක්. මමයි, සැමියයි ටී.වී. එකෙන් මැච් එහි නරඹමින් සිටියෙ. ඒ ජයග්‍රහණය කළ මොහොතේ අපිත් එතැන සිටි අන්දමේ හැඟීමක් ඇති වුණේ. ඒ එක්කම මට එහි දිගම දුරකතන ඇමතුම් ආවා. ඉස්සෙල්ලාම  කතා කළේ අනුෂ්කා සංජීවනී. මැච් එක ඉවර වූ විගස එයා ගත්ත වීඩියෝ කෝල් එකට අනෙක් ඔක්කෝමත් එක්වෙලා චියර් කරමින් කෑ ගහන විදිය දුටුවා. මට එය දැනුණෙ මාත් එතැන සිටිනවා වගේ හැඟීමක්. එය හරි හැඟුම්බර මොහොතක්. මොකද කිව්වොත් අවුරුදු ගාණක් අපි උත්සාහ කළ දෙයක් අපේ ළමයි ඉටු කළාම දැනුණු සතුට අපමණයි. ඒ එක්කම සමාජ මාධ්‍ය ඔස්සේ මාවත් අගයලා තිබීම ගැනත් මට හරි සතුටක් ගෙන දුන්නෙ. 
කණ්ඩායමෙන් ආ ඒ දුරකථන ඇමතුම මෙතෙක් මගේ ජීවිතයේ මට ලැබුණු හොඳම ඇමතුමයි. ඒ සතුට අපමණයි. එදා මා එක්ක ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් කීප දෙනෙක් අදටත් ක්‍රීඩා කරනවා. ඒ අය වගේම අලුතින් ආ ක්‍රීඩිකාවන් හැමෝම මම ගොඩක් ආදරෙයි. කොහොමටත් එයාලා එක්ක නිතරම මගේ සම්බන්ධතාවය තිබුණා. විශේෂම දේ ඒ ජයග්‍රාහී මොහොතේ එයාලා මාව අමතක නොකිරීමයි.


 ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් හදන්න ඒ දිනවල ඔබ ඇතුළු පිරිස කළ කැපවීම් මොන වගේ ද?


2003 වසරේ සිට මම ක්‍රීඩා කරන්න පටන් ගත්තෙ. 2005 දී ආසියානු කුසලාන තරගාවලියේ නායකත්වය දැරුවෙ. ඊට අමතරව වසර නවයකට ආසන්න කාලයක් වරින්වර නායිකාව ලෙස කටයුතු කළා. 2020 දක්වා එලෙසින් ක්‍රීඩා කළා. ඒ කාලයේ තමයි ලොකුම ජයග්‍රහණය ගන්නෙත් 2013 දී ඉන්දියාවේ පැවැති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අපිට ලොකු වෙනසක් කරන්න පුළුවන් වුණා. එතෙක් එංගලන්තය හා ඉන්දියාව එක්ක අපි ජය ලබා තිබුණෙ නැහැ. ඒත් එදා ඒ දේ කරන්න අපට පුළුවන් වුණා. පන්දුවාර 50 තරගවලදී දකුණු අප්‍රිකාව පරාජය කළ පසු ICC දර්ශකයේ 5 වැනි ස්ථානය දක්වා ඉහළට ඒමටත් අපට හැකි වුණා. 2014 දී T – 20 තරගාවලියේ ඉන්දියාවේදී ප්‍රථම වරට ජයග්‍රහණය කළා. 
එදා ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් හැමෝම කළ කැපවීම් ඇත්තටම ඉහළයි. ‘2006’ දී තමයි කාන්තා ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතට පැවරුණේ. ඊට පෙර ග්වේන් හේරත් මහත්මිය හඳුන්වාදුන් කණ්ඩායම යටතේ තමයි 1997 සිට පැවැතියේ. ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් සංගමයට ඇතුළත් වුණේ එතුමිය නිසයි. ඉතින් ඇත්තටම ලංකාවට කාන්තා ක්‍රිකට් හඳුන්වා දීමට සහ ප්‍රචලිත කිරීමට පුරෝගාමී වූ එතුමියට ගෞරවයෙන් සිහිපත් කිරීම අපේ වගකීමක්. 1997 ලෝක කුසලානයට ගියේ වැනේසා සිල්වා මහත්මියගේ නායකත්වය යටතේ. ඇය තමයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රථම නායිකාව. එතැන් සිට මා නායකත්වයට පැමිණීම දක්වා ක්‍රීඩිකාවන් - පුහුණුකරුවන් ඇතුළු විශාල පිරිසකගේ දායකත්වය ලැබුණා. මුල් කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් යටතට ඒමට පෙර අපි ගොඩාක් ආර්ථික සහ භෞතිකමය වශයෙන් දුෂ්කරතා රැසකට මුහුණ දුන්නා. ඒ සියලු දේ අතරේ ක්‍රීඩිකාවන්ගේ ධෛර්ය එක්ක කාන්තා ක්‍රිකට් ඉදිරියට ආවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් විශේෂ ගෞරවය හිමිවිය යුතුයි.


 බොහෝ අලුත් ක්‍රීඩිකාවන්, ඔබ ගැන තමයි පැහැදීමෙන් කතා කරන්නෙ ඔබව තමයි අනුගමනය කරන්නෙ මේ තරමට ඒ ක්‍රීඩිකාවන් ඔබට ආදරය කරන හේතුව ලෙස ඔබ දකින්නෙ?


ඇත්තටම මම එහෙම හිතලා කළ දෙයක් නැහැ. කීප තැනකදීම මාත් ඒ අගැයීම දුටුවා. ඒ ගැන මට හරි සතුටුයි. කණ්ඩායමට ක්‍රීඩා කරන්න පැමිණි දා සිට අද දක්වා මම ජීවත්වන විදිය එකම විදියයි. මම වෙනස් වුණේ නැහැ. සීනියර්  - ජූනියර් කියලා මට භේදයක් තිබුණෙ නැහැ. ඒ නිසා කණ්ඩායමේ හැමෝම මාව විශ්වාස කළා. නායකත්වය දරද්දි, එයාලගෙ පොඩි වෙනස පවා මට තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ අනුව එයාලට ධෛර්යයක් ශක්තියක් වෙලා කටයුතු කළ නිසාත් මගේ ගෙදර අය එක්ක සිටින විදියට එයාලා එක්ක සිටි නිසාත්, එයාලට මාව දැනෙනවා ඇති. ඒ වගේම ක්‍රීඩා පිටියේදී වගේම ඉන් පිටතදීත් එයාලට ආදර්ශයක් වන විදිහට මම ජීවත්වීමට උත්සාහ ගන්න කෙනෙක්. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ඕනෑම කෙනෙකු ආදර්ශවත් විය යුතුමයි. ඉතින් ඒ ස්වභාවය නිසා එයාලා මගේ ජීවිතය වෙතින් දකිනව නම් ඒක මට සතුටක්.


 ලංකාවේ කාන්තා ක්‍රිකට් අද මොන වගේ තැනකද තියෙන්නෙ?


එදා සිට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් වගේම පුහුණුකරුවන්, දිරි ගන්වන්නන් ඇතුළු සියලු දෙනාගේ කැපවීම නිසා අද කාන්තා ක්‍රිකට් යහපත් තැනක තිබෙන්නෙ. 2003 මම එන්න කලින් සිටි ක්‍රීඩිකාවන් බොහෝ දුෂ්කරතා - අපහසුතා එක්ක ක්‍රීඩා කළේ. එදා අපට ග්වේන් හේරත් මහත්මියගෙ සංගමය තිබියදී මාසිකව ලැබුණෙ බස් ගාස්තුවක් විතරයි. අපේ එකම චේතනය වුණේ එයයි. පසුව මාස් (Mas) ආයතනය සහ සිංගර් ආයතනය අපට උදවු කළා. ග්වේන් හේරත් මහත්මියට එය ලොකු හයියක් වුණා. එදා ආහාර – පාන ගන්න පවා මුදලක් ලැබුණෙ නැහැ. ටර්ෆ් එකේ පුහුණුවීමට පවා අවස්ථා ලැබුණෙ ඉතාම කලාතුරකින්. එදා අපේ උපනායිකාව ලෙස සිටි හිරෝෂි අබේසිංහගෙ අම්මා තමයි අපට කෑම සපයන්න ක්‍රමයක් හදලා දුන්නෙ. ක්‍රීඩිකාවන්ගෙ මව්වරු එදා කෑම පිළියෙල කරගෙන ආවා. ඒ වගේ ඉතිහාසයක් අපට තිබුණෙ.

සඳුන් ගමගේ



අදහස් (0)

අපි උත්සාහ කළ දෙයක් අපේ ළමයි ඉටුකළාම දැනුණු සතුට අපමණයි කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

සුදු අප්පච්චි ලෙඩ වෙලා - ගාමිණි සමරකෝන්
2024 සැප්තැම්බර් මස 11 87 0

‘‘තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ “සෝබාව දේ මෙපුර - සිරි විසිතුරු” ගීතය ගයමින් යූ. ආරියවිමල් සමග ගාමිණී සමරකෝන් වේදිකාවේ රඟන ගීත ජවනිකාව ඔබට මතක ඇතැයි


’’හොරා අංකල් ’’ සමඟ දුලානි අනුරාධා රිදී තිරයට
2024 සැප්තැම්බර් මස 11 72 0

ප්‍රවීණ සිනමාවේදී, ජැක්සන් ඇන්තනී මහතාගේ ’’’අබා’’ සිනමා පටය හරහා, හා හා පුරා කියා රංගනයට පිවිසුණු ඇය, එතැන් පටන් ඓතිහාසික කතා පාදක කරගත්, සුවිශේෂී සිනම


මම හරි පරිස්සමට වාහන පාවිච්චි කරන කෙනෙක් - මාධව විජේසිංහ
2024 සැප්තැම්බර් මස 11 73 0

වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු ’රථගාය ’ විශේෂාංගයට - මෙවර සම්බන්ධ කරගත්තේ , බොහෝ දෙනෙක් ආදරය කරන , ජනප්‍රිය කලා ශිල්පී මාධව විජේසිංහ .


සඳ තනියම ටෙලි නාට්‍යයේ කුසුමේ - හෂිනිකා කරලියද්ද
2024 සැප්තැම්බර් මස 11 46 0

වේදිකාව හරහා පැමිණ පුංචි තිරය හා රිදී තිරය බැබළවූ හෂිනිකා ඕනෑම අභියෝගාත්මක චරිතයක් පසුබෑමකින් තොරව භාර ගන්නීය. කුසුමේ චරිතයට ද පණ පෙව්වේ ඒ අනුවය.


ක්‍රිෂාර්යා මට දෙව්දුවක් වගේ - ක්‍රිෂාන් පෙරේරා
2024 සැප්තැම්බර් මස 11 67 0

මේ දිනවල සමාජ මාධ්‍යවල නිතර අහන්න ලැබෙන මේ ගීතයට එහිදී ලැබෙන්නෙ ඉහළ ප්‍රතිචාර යැයි කියන්න පුළුවනි.


මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ දුවත් එක්ක - දිනුෂා සිරිවර්ධන
2024 සැප්තැම්බර් මස 05 71 0

විවාහයෙන් පසුව දිනුෂා සිරිවර්ධන රඟපෑමෙන් දකින්නට නැති වුණාට, සමාජ මාධ්‍ය ඔස්සේ නම් නිතර හමුවෙනවා.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14560 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site