සුපෙම් හැඟුම් ඔබෙන් එපා සුකීර්තිමත් ගේය පද රචක කපිල කුමාර කාලිංගයන් විසින් විරචිත ලක්ෂ්මන් විජේසේකරයන් සහ ප්‍රදීපා ධර්මදාසගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් සුගායිත,රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් සුවිභූෂිත මෙි ගීමිණිරුවන කරුණරස මිශ්‍ර විප්රලම්බ ශෘංගාරරස දනවයි. 18 September 2023
ඉස්සර මං ගිය පාසල ඇරිලා කුමාරදාස සපුතන්ත්රියන්ගේ ගේය පද මාලාවෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ මානවබන්ධුත්වයත් සොබා සෞන්දර්යත් සංස්පර්ශ කරයි. 11 September 2023
කන්ද කෙන්ද කරනු පිණිස ප්‍රේමකීර්ති ද අල්විසුන් විසින් විරචිත,මාලිනී බුලත්සිංහල ගයන,එච් එම් ජයවර්ධන සංගීතවත් කළ මෙි ගීමිණිරුවන මානවබන්ධුත්වයේ අඳුරු පැතිකඩක් සුවිශද කරයි. 04 September 2023
සඳකත් මිණිදිය දියවී ගලනා සුකීර්තිමත් ගේය පද රචක,කිවිසුරු,සකල කලාවල්ලභ මහගම සේකරයන්ගේ පද සංකල්පනාවෙන් ද හෙළයේ මහගඳඹ පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද ලයනල් අල්ගමයන්ගේ මියුරු මියැසියෙන් ද සුරංජිත වූ මෙි ගීතය ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ පරසතුමල් චිත්‍රපටය සඳහා නිර්මාණය කරන ලද්දකි.මෙි වූකලි විප්රලම්බ ශෘංගාරය දනවන තවත් අනගි ගීමිණිරුවනකි. 28 August 2023
සඳ දිය දෙවුන සේ සිනහව නිලාර් .එන් කාසිම්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ සුගේය පද සුරචනයෙන් ද අසංක ප්‍රියමන්ත පීරිසුන් සහ මාලිනී බුලත්සිංහලයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද සමන්ත පෙරේරාගේ සුස්වරාලංකාරයෙන් ද විචිත්රශෝභිත මෙි මහඟු ගීමිණිරුවන විප්රලම්බ ශෘංගරරස දනවයි. 21 August 2023
සමනලයා මල හා ළමයා සේ ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ සුගේය පද රචනයෙන් ද එඩ්වඩ් ජයකොඩිගේ සුගීතවත් හඬින් ද සරත් ද අල්විසුන්ගේ සුස්වර මාධුර්යයෙන් ද විචිත්‍රෝපශෝභිත මෙි ගීමිණ තුන්කොන් ආදර අන්දරයක විප්රලම්බ ශෘංගාරය මෙන්ම කරුණරසය දනවයි. 14 August 2023
සමනලයා මල හා ළමයා සේ ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ සුගේය පද රචනයෙන් ද එඩ්වඩ් ජයකොඩිගේ සුගීතවත් හඬින් ද සරත් ද අල්විසුන්ගේ සුස්වර මාධුර්යයෙන් ද විචිත්‍රෝපශෝභිත මෙි ගීමිණ තුන්කොන් ආදර අන්දරයක විප්රලම්බ ශෘංගාරය මෙන්ම කරුණරසය දනවයි. 14 August 2023
එගොඩහ යන්නෝ ඩෝල්ටන් අල්විසුන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද සංහිතාවෙන් ද ශෙල්ටන් පෙරේරාගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් සහ ස්වරසංරචනයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ සසර සයුරෙන් එතෙර වීම පිළිබඳ පමණක් නොව බුදුන් වහන්සේ දෙසු මහපරිනිබ්බාන සූත්‍රය ද සිහිගන්වයි. 07 August 2023
ඩිංගිරාල නුඹලා වන දෙයියෝය වසන්ත කුමාර කොබවකයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ සුගේය පද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන හඬ සහ සුස්වර මාධූර්යයෙන් ද සුරංජිත මෙි සුදුර්ලභ ගීමිණ මානවබන්ධුත්වයේ එක් පැතිකඩක් නිරූපණය කරයි 31 July 2023
දෙඅදර විලිකුන් සුරත් පලේ කේ ඩී කේ ධර්මවර්ධනයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද මිල්ටන් මල්ලවාරච්චිගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද සුරංජිත මෙි ගීමිණිරුවන ශෘංගාරරසය දනවයි. 24 July 2023
මාරියාවෙි උදය මානවසිංහයන්ගේ ගේය පද සංරචනයෙන් ද විශාරද ගුණදාස කපුගේ ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද සේන වීරසේකරයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද විචිත්‍රෝපශෝභිත වූ මෙි ගීමිණිරුවන මානවබන්ධුත්වයෙන් අප හද කම්පා කොට කරුණරසය දනවයි. 17 July 2023
අජානීය ඉස්කූටර් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය පද සංකල්පනාවෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද මනෝහර මෙි ගීමිණ අයථාර්ථවත් ප්‍රේමයේ යථාර්ථය සුවිශද කරයි. 10 July 2023
පෙරුම්පුරා ගෙන ආ සංසාරේ වජිර මහකණුමුල්ලයන්ගේ සුගේය පද සංකල්පනාවෙන් ද සේනානායක වෙිරලියද්දයන්ගේ සුගායනයෙන් සහ ස්වර සංරචනයෙන් ද සුසැදි මෙි ගීමිණ කරුණරසය දනවයි. 03 July 2023
දම් පාටින් ළා සඳ බැස යනවා ලූෂන් බුලත්සිංහලයන්ගේ රූපකාර්ථවත් ගේය පද සංරචනයෙන් ද ගුණදාස කපුගේ සහ මාලිනී බුලත්සිංහලගේ සුලලිත සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ ශෘංගාර රසාවෙිශයෙන් රසික හද මනෝරංජනය කරයි. 26 June 2023
දිසාපාමොක් ඇදුරුතුමනේ නන්දසිරි කීඹියහෙට්ටිගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද ශානිකා සුමනසේකරගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද සමන්ත පෙරේරාගේ ප්‍රතිභාපූර්ණ සංගීතයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණ ගුරු ගෝල සම්බන්ධයේ අඳුරු පැතිකඩක් නිරූපණය කරයි. 19 June 2023
කුමරියක පා සලඹ සැලුණා සුකීර්තිමත් ගේය පද රචක කේ.ඩී .කේ ධර්මවර්ධනයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ පද පෙළහරින් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද සුරංජිත මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි. 12 June 2023
රෑ මැදියම මත් වූ තොටියෝ රජී වසන්ත වෙල්ගමයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද ඉන්දිකා උපමාලි නම් ඔපෙරාගිනියගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් ද අරුණ ගුණවර්ධනයන්ගේ ස්වරසංරචනයෙන් ද සුපෝෂිත මෙි ගීමිණ ගේහසිත ප්‍රේමයේ සම්භෝග ශෘංගාර රස දනවයි. 05 June 2023
දන්නෝ බුදුන්ගේ නීතිඥ ජෝන් ද සිල්වාණන්ගේ පද සංකල්පනාවෙන් ද හියුබට් රාජපක්ෂයන්ගේ සුගායනයෙන් ද විශ්වනාථ ලව්ජින්ගේ මියුරු මියැසියෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ බුදුන්ගේ ශ්‍රීවිභූතියෙන් සුපෝෂිතය. ශතවර්ෂයකට අධික කාලයක් මෙරට රසික හදවත් මනෝරංජනය කළ ’’දන්නෝ බුදුන්ගේ’’ ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළේය 29 May 2023
පොඩ්ඩියේ රාජ්‍ය සම්මානලාභී තරුණ කිවියර ටිම්රාන් කීර්ති විසින් විරචිත සාදර බණ්ඩාර නමැති යොවුන් කොවුලානගේ හඬ මියැසියෙන් සමලංකෘත වූ මෙි ගීමිණ මෙරට විරෝධාකල්ප ගී මංජරියට එක්වූ නූතන මව් ගුණ වැනුමකි. 22 May 2023
මන්නාරම් බස්එක නෑ තාමත් ආවෙි සමුද්‍ර වෙත්තසිංහයන් රචනා කළ කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන සුනිල් දයානන්ද කෝනාර සංගීතවත් කළ මෙි ගීතයට විෂය වන්නේ පසුගිය සමයේ ශ්‍රී ලංකාවෙි ඇති වූ වර්ගවාදී යුද්ධයේ අඳුරු පැතිකඩයි.මෙි වූකලි කුරිරු යුද්ධයේ අංශුමාත්රයක් මානවබන්ධුත්වයෙන් නිරූපණය කරන සුදුර්ලභ ගීමිණකි. 15 May 2023
මල් පිපිලා එදා වගෙම රවි සිරිවර්ධනයන්ගේ සුගේය පද සුසංයෝජනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද සුවිභූෂිත වූ මෙි මධුර මනෝහර ගීමිණිරුවන මානව බන්ධුත්වයත් ලෞකික ජීවිතයේ යථාර්ථයත් මොනවට පැහැදිලි කරයි. 08 May 2023
සඳුන්හර මිටින් නොමගෙන දසුන් ප්‍රේමවංශ පොද්දෙණියගේ කුළුඳුල් ගේය පද රචනයෙන් ද නන්දා මාලනීයන්ගේ සුගායනීය හඬ මාධුර්යයෙන් ද විජේසුන්දර වෙිරගොඩයන්ගේ මියුරු මියැසියෙන් ද සුරංජිත මෙි ගීමිණ පාලකයන් මෙරට අධ්‍යාපනයට කර ඇති විනාශයේ තරම මොනවට පැහැදිලි කරයි. 01 May 2023
පරවුණු මල්වල සුවඳ අතීතේ මහගම සේකරයන්ගේ සුදුර්ලභ කවි ශක්තියෙන් ද සුජාතා අත්තනායකගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් ද ලයනල් අල්ගමයන්ගේ ස්වර සංරචනයෙන් ද විභූෂිත මෙි ගීමිණ ශෝකී හැඟීම් උපදවයි. 24 April 2023
ඇසට අසුවන මායිමේ මහින්ද දිසානායකයන් විසින් විරචිත, ගුණදාස කපුගේ ස්වර රචනා කළ කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන මෙි ගී මිණිරුවන විප්රලම්භ ශෘංගාරය දනවයි. 17 April 2023
සොවින් පිරි මගේ හදවත පියල් ප්‍රේමනාත් ජයතිලකයන්ගේ කුළුඳුල් ගේය පද රචනයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ සුගායනයෙන් හා ස්වර සංරචනයෙන් ද යුතු මෙි ගීමිණ ශෝකී හැඟීම් දනවයි. 10 April 2023
මාවවුලන් රැපුරාම රංචු ගැසීලා කුලරත්න ආරියවංශයන්ගේ ගේය පද සංකලනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වර සංරචනයෙන් ද සමලංකෘත වූ මෙි ගී මිණ සහෝදර ප්‍රේමයත් මානව බන්ධුත්වයත් රසික චිත්තයට ගෝචර කරයි. 03 April 2023
සනත් නන්දසිරි දිවියට සමුදෙයි ප්‍රවීන ගායන ශිල්පී, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 28 March 2023
මහේෂ් ’රිදී සීනු’ සමග ජනප්‍රිය සංගීතඥ මහේෂ් දෙනිපිටිය පසුගියදා උදයකාන්ත වර්ණසූරියගේ ‘රිදී සීනු’ චිත්‍රපටය සඳහා අලුතින්ම ගීත දෙකක් නිර්මාණය කළේය. ඉන් එක් ගිතයක් ගායනා කළේ විශාරද සුනිල් එදිරිසිංහය. දෙවැන්න ළමා ගීතයකි. සුවිනි මදාරා ගමගේ, ඕමිරු සංදිර ඇතුළු පිරිසක් එම ගීතය ගායනා කළහ. කුරත්න ආරියවංශ හා නිලාර් ඒ කාසීම් ගීත රචනා කළහ. 28 March 2023
පෙර ආත්මයක එක රාත්‍රියක කරුණාරත්න අබෙිසේකරයන්ගේ සුකෝමල පද සංරචනයෙන් ද මොහොමඩ් සාලිගේ මියුරු මියැසියෙන් ද ජේ. ඒ මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායක යුවළගේ සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණිරුවන අප හදවත ප්‍රහර්ෂයෙන් විකසිත කරයි. 27 March 2023
නිහාල්ගේ පුත් පුත්‍ර ප්‍රභාගයෙන් ගී ලොවට මෙරට බොහෝ දෙනාගේ ජනාදරයට පාත්‍ර වූ පසුගියදා අප අතරින් සමුගත් ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් කලාකරුවාගේ ගමන්මග යමින් ඔහුගේ එකම පුත් තරංග නෙල්සන් ගායකයකු ලෙස සංගීත ක්ෂේත්රයට එක්වීමේ හමුවක් ‘පුත්‍ර ප්‍රභාගය’ නමින් පසුගියදා සංගීතවේදීන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ 07, මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්විණි. 22 March 2023
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026