මහේෂ් ’රිදී සීනු’ සමග
ජනප්රිය සංගීතඥ මහේෂ් දෙනිපිටිය පසුගියදා උදයකාන්ත වර්ණසූරියගේ ‘රිදී සීනු’ චිත්රපටය සඳහා අලුතින්ම ගීත දෙකක් නිර්මාණය කළේය. ඉන් එක් ගිතයක් ගායනා කළේ විශාරද සුනිල් එදිරිසිංහය. දෙවැන්න ළමා ගීතයකි. සුවිනි මදාරා ගමගේ, ඕමිරු සංදිර ඇතුළු පිරිසක් එම ගීතය ගායනා කළහ. කුරත්න ආරියවංශ හා නිලාර් ඒ කාසීම් ගීත රචනා කළහ.