සොරකම් රැසකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට රාජගිරිය ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක් කඩා භාණ්ඩ සොරා ගැනීමට උත්සාහ කොට , එය ව්‍යර්ථ වීමෙන් පසුව නාවල ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයක් කඩා , රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න භාණ්ඩ තොගයක් සොරාගත් දෙදෙනෙකු අද (17) දා අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි. 18 November 2021
කාසල්රී ජලාශයෙන් තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි නිවසින් අතුරුදහන් වු තරුණයෙකුගේ මළ සිරුර කාසල්රි ජලාශයේ තිබි අද (17) පස්වරුවේ ගොඩගත් බව නොර්වුඩ් පොලිසිය පැවසිය. 17 November 2021
සපුගස්කන්ද සේවකයෝ විරෝධයක සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වැසීමට එරෙහිව එහි සියලු සේවකයින් එක්ව අද (17) දහවල් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිට 17 November 2021
රිය අනතුරු දෙකකින් දෙදෙනකු මරුට යක්කලමුල්ල සහ අහුංගල්ල යන පොලිස් වසම් තුළදි සිදුවු රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 16 November 2021
විදුලි කණුවෙන් මාරයා එයි අලුත්ගම ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ බෙන්තොට, දෝපේ සුමනාරාම විහාරස්ථාන මංසන්ධිය ප්‍රදේශයේ දී යතුරු පැදියක් ධාවනය කළ තරුණයෙකු මාර්ගයේ විරුද්ධ දිශාවේ දුරකථන කණුවක ගැටී බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කියයි. 16 November 2021
එ.ජා.ප.යේ උද්ඝෝෂණයක් හොරොව්පොතානේ රටේ ජනතාවගේ ජීවන බර දිනෙන් දින ඉහළ යාමත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව මුනිවත රකින බවත් පවසමින් ඊට විරෝධය දක්වා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතාවක් අද(15)දහවල් හොරොව්පොතාන නගරයේදී පැවැත්විණි. 15 November 2021
මත්කුඩු සමඟ දෙදෙනකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ 70 ට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රිරෝද රථයකින් ප්රවාහණය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු තලේමන්නාරම ස්වාමිතෝට්ටුම් ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 14 November 2021
කොම්පඤ්ඤවීදියේ ව්‍යාජ රියදුරු බලපත් කන්තෝරුවක් වටලයි කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කරන ස්ථානයක් වටලා පුද්ගලයන් දෙදෙනකු සමඟ ව්‍යාජ රියදුරු බලපත්‍ර ඇතුළු උපකරණ රැසක් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. 12 November 2021
පල්ලෙවෙල නිවෙසක් කඩා වැටී දෙදරු පියා මරුට පල්ලෙවෙල. කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක් අද 11 සවස කඩා වැටීමෙන් පුද්ගලයෙකු ඊට යට වී ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි 11 November 2021
අනතුරින් ලොරිරථ රියදුරු මරුට හැටන් ලංගම ඩිපෝවට අයත් ආපදා රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් බරපතල ලෙස තුවාල ලැබු ලොරි රථයේ රියදුරා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි ගිනිගත්හේන පොලිසිය පැවසීය. 11 November 2021
ගණිකා නිවාසයක් වටලා 4 ක් අත්අඩංගුවට මාතලේ තොටගමුව ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බව කියන නිවාඩු නිකේතනයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු සහ එහි කළමණාකරු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය කියයි. 11 November 2021
සූදු කෙළිය කාන්තාවන් 6 ක් ඇතුළු 8 ක් අල්ලයි මහරගම යහම්පත් මාවතේ නිවසක මුදලට සුදු ක්‍රීඩාවේ යෙදුණු කාන්තාවන් හය දෙනෙකු ඇතුළු අටක් , රුපියල් තිස් දෙදහස් පන්සියයක් සමඟ අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය පවසයි. 10 November 2021
මහ වැස්සෙන් බුලත්සිංහල ගම් කීපයක් යටවෙලා බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් බිම් ආශ්රිත ගම්මාන කීපයක් සහ එක් නිවසක් අද (9) සන්ද්‍යා කාලය වන විටත් ජලයෙන් යටව පවතින බවත් ආරක්ෂාව සඳහා නාවික හමුදාව කැඳවු බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතා පවසයි. 09 November 2021
ව්‍යාජ ඔප්පු සැකසු වතුපාලක රිමාන්ඩ් නිට්ටඹුව පොල්ගහ අගාරවත්තට ව්‍යාජ ඔප්පුවක් සකස් කොට එම වත්ත වංචනිකව අත්පත් කර ගෙන බුක්ති විඳිමින් සිටි බව කියන සැකකාර වතු පාලකයෙකු මේ මස 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය නියෝග කළාය. 09 November 2021
අත්බෝම්බයක් සමඟ අයෙක් අල්ලයි මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයකු මුල්ලේරියාව උතුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි 09 November 2021
දියේ ගිලී කාන්තාවක් මරුට හොරණ ඇල්ල කන්ද දොලෙහි දිය නෑමට ගිය කාන්තාවක් දියේ ගිලීමෙන් මිය ගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි 08 November 2021
යාපනයේ තරුණයකුට තියුණු ආයුධ ප්‍රහාරයක් යාපනය කොකුවිල් බටහිර කේනිඅඩි ප්‍රදේශයේ අවමගුල් අවස්ථාවකට සහභාගී වී සිටි තරුණයෙකුට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි. 08 November 2021
පිටබැද්දර අතුරු මාර්ගයක මළ සිරුරක් පිටබැද්දර පොලිස් බල ප්‍රදේශයට අයත් තැන්න හේන වතුයායේ අතුරු මාර්ගයක තිබී පිරිමි පුද්ගල මළ සිරුරක් අද (08) උදෑසන සොයා ගත් බව පිටබැද්දර පොලිසිය කියයි . 08 November 2021
හලාවත-පුත්තලම මාර්ගයේ ගමනාගමනයට බාධා හලාවත පුත්තලම මාර්ගයේ මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේදී රූස්ස කොහොඹ ගසක් මාර්ගය හරහා කඩා වැටීමෙන් අද (08) පැයක පමණ කාලයක් ගමනාගමනයට බාධා ඇති විය 08 November 2021
ලක්ෂ 27 ක ටයිල් සොරාගත් 2ක් අත්අඩංගුවට හෝමාගම බිම් ඇතුරුම් ගල් කර්මාන්ත ශාලාවක ගබඩාවකින් රුපියල් ලක්ෂ 27 ක් වටිනා බිම් ඇතුරුම් ගල් තොගයක් සොරාගත් , පුද්ගලයින් දෙදෙනකු , අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි . 08 November 2021
නාඳුනන මළසිරුරක් රබර් වත්තෙන් මතු වෙයි පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් හොරණ පෝරුවදණ්ඩ ගනේතැන්න සුසාන භූමිය අසල රබර් වත්තක තිබී අද සවස හමුවූ බව හොරණ පොලිසිය කියයි 07 November 2021
මහ වැස්සෙන් හබරාදූවේ නිවෙසකට පස් කන්දක් කඩා වැටිලා ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව නිසා ප්‍රදේශ රැසක මාර්ග කිහිපයක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවි ඇතැයිද නිවසක් මතට පස් කන්දක් කඩා වැටි එම නිවස පූර්ණ හානියට පත්ව ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසිය. 07 November 2021
විවිධ අපරාධවලට සම්බන්ධ 924 ක් අත්අඩංගුවට බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ (6 ) සිදුකළ අපරාධ නිවාරණ විශේෂ මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 468 ක් ඇතුළු විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් 924 දෙනෙකු පොලිසි මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 07 November 2021
ගවයින් මස් කළ 3 ක් පොලිස් දැලේ අලුත්ගම දර්ගා නගරයේ අධිකාරිගොඩ ප්‍රදේශයේ කැලෑබද පාළු ඉඩමක බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගොස් ඇති ගව ඝාතනාගාර යක් වටලා මස් පිණිස මැරීමට තහනම් වන මී ගවයින් තිදෙනකු ඝාතනය කර තිබියදී එම සත්වයින්ගේ සිරුරු කොටස් සමග සැකකරුවන් තිදෙනෙකු අද (7)අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය කියයි. 07 November 2021
මිදුලේ නවතා තිබූ වෑන් රිය ගින්නෙන් දැවෙයි නවගත්තේගම රත්කිරාගම ආබාධිත සෙබළකුගේ නිවසක මිදුලේ නවතා තිබු වෑන් රථයක් ගිනි ගැනිමට ලක්ව සම්පුර්ණයෙන් විනාශ වි ඇතැයි නවගත්තේගම පොලිසිය පැවසිය. 07 November 2021
මත්ද්‍රව්‍ය සමඟ අයෙක් ලැගුම්හලකදී අත්අඩංගුවට මරදාන විපුලසේන මාවතේ ලැගුම් හලක් තුල දී එහි සේවය කරන පුද්ගලයෙකු අයිස් මත් ද්‍රව්‍ය සහ හෑෂ් නම් අන්තරාදායක මත් ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 06 November 2021
වැස්සෙන් වැඩිම හානිය බදුල්ලට මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ බදුල්ල දිස්ත්‍රික්කයේ අද (5) වන විට හදිසි ආපදා නිසා පවුල් 687 ක පුද්ගලයින් 2682 ක් බලපෑමට ලක්වී ඇතැයි බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 05 November 2021
වරෙන්තුකරු මතුකුඩු සමඟ දැලේ අධිකරණය මගින් වරෙන්තු 05ක් නිකුත්කර තිබු සැකකරුවකු හෙරොයින් මත්කුඩු සමග නාගොඩ ගම්මැද්දගොඩ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බැව් නාගොඩ පොලිසිය පවසයි. 05 November 2021
ලක්ෂ 50ක හෙරොයින් ඇද්ද අයෙක් අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 516 ප්‍රමාණයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකරුවකු දෙමටගොඩ බේස්ලයින් පාරේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 04 November 2021
කාන්තාවන් බිය ගන්නවා කොල්ල කෑ තිදෙනකු අල්ලයි පානදුර සහ වාද්දුව ප්‍රදේශවල මහමග ගමන් ගන්නා කාන්තාවන්ට තියුණු ආයුධ එල්ලකර බියගන්වා ජංගම දුරකථන සහ මුදල් කොල්ලකෑම් සිදුකළ සංවිධානාත්මක සොර කල්ලියක සාමාජිකයින් තිදෙනෙකු අද (03) අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි . 03 November 2021
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026