(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 70 ට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහණය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු තලේමන්නාරම ස්වාමිතෝට්ටුම් ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොවුන් සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ට අධික ප්‍රමාණයක් තිබී ඇත. සැකකරුවන් පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහන කරන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත ඊයේ (13) පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් ගත් පුද්ගලයා මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සිය උකුල මත තබාගෙන ගමන් ගනිමින් සිටි ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද කියති.
ඉන්දියාවේ සිට බොට්ටු මගින් නීති විරෝධී ලෙස තලේමන්නාරමට රැගෙන ආ මෙම අයිස් තොගය සැකකරුවන් විසින් චංකාලේ ප්‍රදේශය වෙත ප්‍රවාහනය කරමින් සිට ඇත.
අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය හා සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා තලේමන්නාරම පොලිසියට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd