
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම බිම් ඇතුරුම් ගල් කර්මාන්ත ශාලාවක ගබඩාවකින් රුපියල් ලක්ෂ 27 ක් වටිනා බිම් ඇතුරුම් ගල් තොගයක් සොරාගත් , පුද්ගලයින් දෙදෙනකු , අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිංකෙත පාර ප්‍රදේශයේ පදිංචි "ධම්මා" සහ තවත් පුද්ගලයකු බව පොලීසිය කියයි.
විදේශ රටවලින් මෙරටට ආනයනය කරන බිම් ඇතුරුම් ගල් සහ මෙරට කළු ගල් ඔප දමා නිෂ්පාදනය කරන බිම් ඇතුරුම් ගල් ගබඩා කර තිබූ, හෝමාගම ගැමුණු මාවත ප්‍රදේශයේ ගබඩාවකින්, මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් මාසයේ අවස්ථා කිහිපයකදී රුපියල් ලක්ෂ 27 කට ආසන්න ටයිල් තොගයක් සොරාගෙන තිබුණි .
ඒ අනුව ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරමින් සිටියදී , ඉතා වටිනා බිම් ඇතුරුම් ගල් තොගයක් ඉතා අඩු මිලට විකුණන බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබූණි .
ඒ අනුව එම බිම් ඇතුරුම් ගල් අලෙවිකළ බව පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකු හෝමාගම පිංකෙත පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සොරාගත් බිම් ඇතුරුම් ගල් 190 ස්ථාන පහකට අලෙවි කර තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි .
රුපියල් 10.000 පමණ වටිනා බිම් ඇතුරුම් ගල් අලෙවි කර තිබුණේ රුපියල් 1000 වැනි සුළු මුදලකට බවත් රුපියල් 8000 බිම් ඇතුරුම් ගල් අලෙවි කර තිබුණේ රුපියල් 500 බවත් මේ තුළින් උපයාගත් මුදලින් සැකකරුවන් දෙදෙනා හෙරොයින් පානය කර ඇති බවත් පොලිසිය කියයි .
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් , පො.සැ (58226) රාජපක්ෂ , පො.කො (21072) මාෂල් , (79159) ප්‍රනාන්දු , (83795) හරිස්චන්ද්‍ර , සහ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ 27 ක ටයිල් සොරාගත් 2ක් අත්අඩංගුවට