IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සොරකම් රැසකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

රාජගිරිය ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක් කඩා භාණ්ඩ සොරා ගැනීමට උත්සාහ කොට , එය ව්‍යර්ථ වීමෙන් පසුව  නාවල ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයක්  කඩා , රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න භාණ්ඩ තොගයක් සොරාගත් දෙදෙනෙකු   අද (17) දා අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල (51) සහ රාජගිරිය අරුණෝදය මාවතේ (46) පදිංචි දෙදෙනකු බව පොලීසිය කියයි .

මෙම පුද්ගලයින් දෙදෙනා ත්‍රිරෝද රථයකින් පැමිණ ,රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක් කැඩීමට ඉකුත් 13 දා රාත්‍රී උත්සාහ කර තිබේ.පසුව එය ව්‍යාර්ථ වීම නිසා නාවල ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයක් කඩා , එහි තිබූ විදුලි මනුවට සවිකරන වයර් රෝල් දෙකක් සහ වතුර මෝටර් පහක් සොරාගෙන ගොස් තිබුණි .

පසුව මේ පිළිබඳව ලද පැමිණිලි දෙකකට  අනුව , එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේ දී, සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථ අංකය අනුව පරීක්ෂණ පවත්වා සිද්ධියට සම්බන්ධ පුද්ගලයකු දෙහිවල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ද සමඟ  අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු දෙහිවල පොලිස් වසමට දිවයිනේ  ලියාපදිංචි අපරාධකරුවකු වන අතර ඔහුගෙන් ලද තොරතුරකට අනුව සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පැවසේ. සැකකරුවන් දෙදෙනාගෙන් ලද තොරතුරු තොරතුරුවලට අනුව , සොරා ගත් වතුර මෝටර් සහ වයර් රෝල් තොගය පොලිස් භාරයට ගත් බව කියයි .

මොවුන් දෙදෙනා ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැළකින් රුපියල් 85,000 වටිනා දුම්වැටි තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි දෙදෙනකු බව ද පොලීසිය කියයි. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අලුත්කඩේ අංක 4 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 



අදහස් (0)

සොරකම් රැසකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site