(කාංචන කුමාර ආරියදාස)
කලා වැවේ වල් අලින් 300ක් පමණ දෙනා ගම් වැදී එක රැයකින් වගා බිම් සිය ගණනක් විනාශ කරන බව ගොවීහු පවසති.
කලා වැව් ඉස්මත්තේ සිටින වන අලින් තුන්සීයක් පමණ රෑනක් 12 දින රාත්‍රියේ කැකිරාව හෝරාපොළ මොරගොල්ලාගම ගොවිබිම් කිහිපයකට කඩා වැදී එහි කුඹුරු සහ එළවළු වගාවන් අක්කර සිය ගණනාවක් විනාශ කොට ඇතැයි ගොවීහු පෙන්වා දෙති.
මෙම ගම්මානවල තිබූ වපුරන ලද කුඹුරු ගොයම් පැල බණ්ඩක්කා, මල් ගෝවා ,පතෝල, කරවිල, වම්බටු ,පොල් , ආදී අස්වනු නෙලීමට තිබූ බව බෝග රැසක් ද එක රැයකදී විනාශ වී ඇති බවත් මහවැලි ඉතිහාසයේ මෙවැනි විනාශයක් සිදු වූ පළවෙනි අවස්ථාව මෙය බවත් ගොවීහු කියති.
ගොවින් පෙන්වාදෙන්නේ කලාවැව ඉස්මත්තේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද විදුලි වැට නඩත්තු නොකිරීම නිසා කාලයක් තිස්සේ විදුලි වැට වල් වැදී තිබෙන බවයි. විදුලි වැට ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම නිසා වන අලින් මෙම ප්‍රදේශයට කඩා වදින බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අලි මිනිස් ගැටුමේදී අප ගත යුත්තේ මේ දුප්පත් ගොවීන්ගේ පැත්තයි. සෑම වගා බිමක්ම වට කොට විදුලි වැටවල් ගැසීම ප්‍රයෝගික නොවන දෙයකි. මේ වගා බිම් වනසන අලින් අල්ලා පිට රටකට යැවිය යුතුයි. එසේත් නැති නම් දේශීය වශයෙන් ඒ අය රැක බලාගත හැකි අයට අලින් ඇති කිරීමට අවසර දිය යුතුයි.
කොළඹ අලි ටික දෙනෙක් මුළු රටම වනසනවා .