IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කතරගම රෝහල පිටුපස නිවෙසක තිබී ගිනි අවි ඇතුළු ජීව උණ්ඩ තොගයක් සොයාගනී

(එම්.කේ. නන්දසේන)
 
යුද හමුදා බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් මත කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් අද (19) දහවල් කතරගම රෝහල පිටුපස පෙරගිරිගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නිවෙස් දෙකක තිබී ටී 56 උණ්ඩ යොදන සාදන ලද ගිනි අවියක්, ටී 56 උණ්ඩ 16 ක්, බෙහෙත් කොටන ගිනි අවියක්, හා සකස් කරමින්තිබූ බෙහෙත් කොටන ගිනි අවි දෙකක කොටස් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 
 
සැකකරුවන් දෙදෙනා සහ  අඩංගුවට ගත් ආයුධ කතරගම පොලීසිය වෙත බාරදුන් බව කාවන්තිස්සපුර පොලිස්  විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක චමින්ද පල්ලියගුරු මහතා පැවසීය. 
 
පළමුව එක් නිවසක තිබී බෙහෙත් කොටන තුවක්කුවක් සොයා ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනෙකුත් ආයුධ සොයාගත් බව කියයි.මෙම ස්ථානය කමිමලක් බවද පැවසීය.

පොලිස් විශේෂ කාර්ය කාර්ය බලකායේ අණදෙන බලකායේ අණ දෙන නිලධාරී වරුණ ජයසුන්දර, ගාල්ල, හම්බන්තොට කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විදුරනාථ දිසානායක, හම්බන්තොට කලාපය භාර  සහකාර පොලිස් අධිකාරී උපුල් අබෙිරත්න මහත්වරුන්ගේ උපදෙස්මත කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය  බලකා කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක චමින්ද පල්ලියගුරු මහතාගේ මෙහෙයවීම යටතේ මෙම වැටලීම සිදුකළහ.


 



අදහස් (0)

කතරගම රෝහල පිටුපස නිවෙසක තිබී ගිනි අවි ඇතුළු ජීව උණ්ඩ තොගයක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site