(තුසිත කුමාර ද සිල්වා)
පෞද්ගලික ආරවුලක් මුල් කරගෙන හමුදා සෙබළුන් දෙදෙනකුට පහර දුන් බව කියන විශ්‍රාමික හමුදා සෙබළකු අත්අඩංගුවට ගිය පොලිස් පරීක්ෂකවරයකුට ද පහරදීමට තැත් කිරීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය පවසයි.
අලුත්ගම පොලිස් වසමේ පදිංචි හමුදා සෙබළුන් දෙදෙනකුට පහරදිමට අදාළ සැකකාර විශ්‍රාමික හමුදා සෙබළා බේරුවල පාදාගොඩ පින්හේන, ප්‍රදේශයට ගිය පොලිස් පරීක්ෂකවරයාට ද සැකකරුව සාපරාධි බලහත්කාරය පාමින් පොලිස් පරීක්ෂකවරයට ද පහරදිමට තැත්කර ඇත.
පසුව එම නිලධාරීන් අලුත්ගම පොලිස්ථානය දැනුවත්කර තවත් නිළධාරි කණ්ඩායමක් ගෙන්වා ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි විමර්ශන සිදුකරන පොලිසිය කියයි .
පහරකෑමට ලක්වූ හමුදා සෙබලුන් දෙදෙනා අලුත්ගම සීනවත්ත රෝහලට ඇතුලත්වි ප්‍රතිකාර ලබමින් සිටි.
මොවුන් දෙදෙනා වව්නියාව හා මින්නේරිය යුධ හමුදා කදවුරුවලට අනුයුක්තව සේවය කරන සෙබලුන් ය.
කළුතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න , කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන කපිල ප්‍රේමදාස , නිශාන් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් සහ මෙහෙයවීම මත අලූත්ගම පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් සුදුසිංහ පොලිස් පරීක්ෂක අංජන සිල්වා ,උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ , පොලිස් කොස්තාපල් ජයරත්න(83618) යන මහත්වරු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකාර විශ්‍රාමික හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ .
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හමුදා සෙබළුන් දෙදෙනකුට පහර දුන් හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට