( සිතුම් චතුරංග)
යාපනය, වැල්වැටිතුරෙයි, උරිකාඩු හි සුසාන භූමියේ තැන්පත්කළ මෘතදේහවල රන් භාණ්ඩ සෙවු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය වැල්වැටිතුරෙයි පොලිසිය පවසයි.
උරියකාඩු සුසාන භූමියෙහි වසර දහයකට පෙර වළදැමූ මිනී වළවලක් තුළ කැණීම් කොට රන්භාණ්ඩ ලබාගැනීමට උත්සහ කරන පුද්ගලයින් දෙදෙනකු සම්බන්ධයෙන් පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මිනිවළ හාරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පැවසීය.
පොලිසිය පැවසූයේ සැකකරුවන් දෙදෙනා ධීවර රැකියාව කරන අතර වසර ගණනක සිට උරිකාඩු හි සුසාන භූමියේ කුලීපදනම මත මිනී වළවල් හැරීමද සිදුකරන බවයි.
මීට වසර දහයකට පෙර මියගිය ව්‍යාපාරිකයකුගේ මෘතදේහයතුල රත්තරන් තැන්පත් කොට ඇති බවට වසර ගණනක සිට ප්‍රදේශයේ පැතිරගිය කටකතාවක් හේතුවෙන් සැකකරුවන් දෙදෙනා එම මිනීවළ හාරා රන්භාණ්ඩ ලබාගැනීමට උත්සහදරා ඇති බව පොලිසිය පැවසීය.
සැකකරුවන් සුසාන භූමියේ මිහිදන්කොට තිබෙන වෙනත් මෘතදේහයන්ගේ රන්භාණ්ඩ ලබාගැනීම සඳහා කැණීම්කල පිරිසක්ද යන්න සොයා විමර්ශන සිදුකරන බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් හා 50 ක් වන පුද්ගලයින් වන අතර පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
223
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිනීවළ හාරා රන් සෙව් දෙදෙනකු අත්අඩංගුවට