ජුඩ් සමන්ත
යතුරු පැදි දෙකක් ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් එක් අයකු මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි.
ඊයේ (12) රාත්‍රී 7.00 ට පමණ පුත්තලම - කුරුණෑගල මාර්ගයේ කල්අඩිය මංසන්ධියේ දී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ ආණමඩුව - තට්ටෑව පදිංචිව සිටි අබේරත්න හේරත් මුදියන්සේලාගේ අජිත් අබේරත්න (අවු:50) නම්වූ දෙදරු පියෙකි. හෙතෙම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිට තිබේ.
පුත්තලම දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියක් කල්අඩිය මංසන්ධියේ දී පලාවිය දෙසට හැරවීමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේදී පිටුපසින් පැමිණ ඇති යතුරුපැදියක් ඉදිරියෙන් ගමන් කරමින් තිබූ යතුරු පැදියේ ගැටී ඇත. මිය ගොස් ඇති අය පදවා ඇත්තේ පිටුපසින් ගමන් කර ඇති යතුරුපැදිය බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd