(ප්‍රේමතිලක පෙරමුණ )
මීගහතැන්න පැලවත්ත මාර්ගයේ දී කැබ් රථයක් පා පැදියක ගැටී සිදුවූ රිය අනුතුරකින් කොළඹ නාලන්ද විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු අද (17) උදෑසන මියගොස් ඇතැයි මීගහතැන්න පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මීගහතැන්න කුම්බභදූව අඹසෙවන ආසන්න ප්‍රදේශයේ පදිංචි මිසල් මල්ලවආරච්චි නැමැති 15 හැවිරිදි හැවිරිදි පාසල් සිසුවෙකු වන අතර අනතුරින් තවත් පහළොස් හැවිරිදි සිසුවෙක් තුවාල ලබා ඇත.
තේ කර්මාන්තශාලාවකට ප්‍රවාහනය ප්‍රවාහනය කළ බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් පාසල් සිසුන් දෙදෙනා ගමන් කරමින් සිටි පාපැදිය පිටුපස ගැටී ඉකුත් ඊයේ (16) රාත්‍රියේ මෙම අනතුර සිදු ව ඇතැයි පොලිසිය පවසයි .
බරපතළ තුවාල ලැබූ සිසුවා නාගොඩ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී එහි දී මරුමුවට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි .
සිද්ධියෙන් තුවාල ලැබූ හිමරු සස්මිත නම් අනෙක් සිසුවා මීගහතැන්න රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබයි.
මෙම සිසුන් දෙදෙනාම ලබන දෙසැම්බර් අපොස සා පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත වන අතර ඒ සඳහා උපකාරක පන්තියකට සහභාගී වී ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදු ව ඇත .
2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
158
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1010
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අනතුරකින් පාසල් සිසුවෙක් මරුට