IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වරෙන්තුකරු මතුකුඩු සමඟ දැලේ

 (ජේ.කේ.එල්. චාමින්ද ,රවි ලියනගේ සහ හේමපාල ලියනගේ)

අධිකරණය මගින් වරෙන්තු 05ක් නිකුත්කර  තිබු  සැකකරුවකු   හෙරොයින් මත්කුඩු  සමග නාගොඩ ගම්මැද්දගොඩ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බැව් නාගොඩ පොලිසිය පවසයි.

 අත්අඩංගුවට ගෙන ඇත්තේ  නාගොඩ කොළඹකඩේ හන්දිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදිවියේ පසුවන තරුණයෙකි.

 සැකකරු මත්කුඩු පානය කිරිමට මෙන්ම මත්කුඩු ජාවාරමටද සම්බන්ද අයෙකු බව පරික්ෂණවලදි අනාවරණය වි  ඇත.

මොහු  මහදහවල් කඩුවක් රැගෙන මාපලම ප්‍රදේශයේ වෙළදසැල්වලට  දෙකකට පැමිණ වෙළසැල් හිමියන්ට චණ්ඩිපාට් දමා කොල්ලකැම් සිදුකොට ඇති අයෙකු බවද පොලිසිය පවසයි. 

මොහු මෙකි ප්‍රදේශයේ සිය මැරබලය පතුරුවා ගැනිමට උත්සාහ දරමින් සිටින අයෙකු බව විමර්ශනවලදි අනාවරණය වි ඇත.

 සැකකරු අද (05) බද්දේගම අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

නාගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික ඩයස් මහතාගේ උපදෙස්මත ප්‍රධාන පොලිස් පරික්ෂක විජේසිංහ,  උ පො ප සුනිල් පො සැ37049 අජිත් , පො සැ 45125 ප්‍රසන්න ,පො කො 85178 ප්‍රසන්න  පො කො 83432 ජයසිංහ, පො කො 97511 විරාජ්, පො කො 23724 ප්‍රනාන්ද       යන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.

 

 



අදහස් (0)

වරෙන්තුකරු මතුකුඩු සමඟ දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 673 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 324 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site