(ඉන්දිකා  රාමනායක)
මීගමුව   බන්ධනාගාරයේ  රඳවා සිටි සොහොයුරාට කොට කලිසමේ    සඟවා    හෙරොයින් පැකට් 4 ක් හා දුරකතන සිම්පත් 4 ක් ලබා දීමට තැත්  කළ   සැකකාරියක් අත්අඩංගුවට ගත් බව බන්ධනගාර මාධ්‍ය ප‍්‍රකාශක  , පාලන හා පුනරුත්ථාපන කොමසාරිස්  චන්දන ඒකනායක මහතා පවසයි.
සැකකාරිය  අද (19) පස්වරුවේ    අත්අඩංගුවට ගෙන ඇති අතර මීගමුව තිබිරිගස්කට්ටුව ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.