
(ජයරත්න වික්‍රමාරච්චි)
පුත්තලම- අනුරාධපුර මාර්ගයේ සාලියවැව පළුගස්සේගම ප්‍රදේශයේදී අද (12) කැබ්රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටිමෙන් සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරු ජීවිතක්ෂයට පත්වී ඇතැයි සාලියවැව පොලීසිය කියයි.
පුත්තලම තම්බපණ්ණිය ප්‍රදේශයේ පදිංචි එම් යූ.මොහොම්මදු සර්ජූන් (38) නමැති පුද්ගලයෙකු (ත්‍රිරෝද රථයේ රියැදුරු) මෙසේ මියගොස් ඇති බවද පොලීසිය පවසයි.
මෙම අනතුරට සම්බන්ධ ත්‍රිරෝද රථය පුත්ත්ලම සිට රාජාංගනය ප්‍රදේශයට කුලී ගමණක් ගොස් ආපසු පුත්තලමට එමින් තිබූ එකක් බවත්, කැබ් රථය පුත්තලම ප්‍රදේශයේ සිට දඹුල්ල ප්‍රදේශයට දුම්කොල තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ එක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලීසිය කියයි.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2037
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට