IMG-LOGO

නිල්වැල්ල විහාරස්ථානයේ විසූ හිමි නමකගේ දේහයක් එළවළු කොරටුවේ

(ඩී.ජී.සුගතපාල සහ නිමල් ලන්දගේ)
 

විදුලි සැර වැදී අපවත්වී ඇති බවට සැකකරන හිමි නමක්ගේ දේහයක් නිල්වැල්ල මිණි කිරුළ විහාරස්ථානයේ එළවළු කොරටුවේ තිබී අද (02) දහවල් සොයාගත් බව දික්වැල්ල පොලිසිය පවසයි.
 
මෙසේ අපවත්වී ඇත්තේ එම විහාරස්ථානයේ වැඩ විසු උඩුගමුවේ සුමින්ද(40) නමැති හිමියන් බවද පොලිසිය පවසයි.
 
එම හිමියන් පන්සල් වත්තේ අක්කර කාලක පමණ එළවළු වගාවක් කරගෙන යනු ලබන අතර එම එළවළු කොරටුව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට විදුලි කම්බියක් ඇද තිබිණි.
 
මෙම හිමියන්ගේ මව සහ නැගණිය පසුගිය 26 වන දින විහාරස්ථානයට පැමිණ ඇති අතර, 30වන දින උදෑසන වගාවේ ගොළුබෙල්ලන් බැලීමට යන බව මවට පවසා හිමියන් විහාරස්ථානයෙන් පිටව ගොස් ඇත.  ඊයේ දිනයේද හිමියන් විහාරස්ථානයේ නොසිටි නිසා නායක හිමියන්ට දැන්වීමෙන් පසු උන්වහන්සේ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
 
මේ අතර උන්වහන්සේගේ නැගණිය අද පන්සලේ කොරටුව අසළට ගිය අවස්ථාවේ සහෝදර හිමියන් වැටී සිටිනු දැක පොලිසියට දන්වා තිබේ. එළවළු කොරටුව වටා ඇද තිබු විදුලි කම්බියකින් විදුලි සැර වැදී හිමි නම අපවත් වන්නට ඇතැයි සැක කරන බවත් පොලිසිය පවසයි.

දික්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූප - නිමල් ලන්දගේ)

 



අදහස් (0)

නිල්වැල්ල විහාරස්ථානයේ විසූ හිමි නමකගේ දේහයක් එළවළු කොරටුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site