
(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
නවගත්තේගම පොලිස් වසමට අයත් මහඅන්දරවැව, පාන්වළ ප්‍රදේශයේ කැලෑවක නිධන් සෙවීමේ අදහසින් පොළොව කෑණීමක නිරතව සිටි බව කියන පුද්ගලයන් 7 දෙනෙක් සමග උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.
පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව අද (25) අලුයම මෙම වැටලීම සිදුකර තිබේ.
මෙහිදී අත්අඩංගුවට ගත් උපකරණ තොගයට අඩි 13ක් දිග සේවා නූල් සම්බන්ධ කළ ඩෙටනේටර් 10ක්, පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 500ක්, සවලක් හා උදැල්ලක්, පූජා භාණ්ඩ තොගයක්, යතුරු පැදි 2ක් හා වෑන් රථයක්ද වන බවත් පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 4 දෙනෙක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේත්, සෙසු සැකකරුවන් වහකේට්ටේ, දෙහිඅත්ත කණ්ඩිය හා අන්දරවැව ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාගේ මූලිකත්වයෙන් විමර්ශන සිදු කෙරේ.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිධන් හාරන්නට ගිය 7ක් අත්අඩංගුවට