IMG-LOGO

දුම්රියක් පීලි පැන උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

( රංජිත් රාජපක්ෂ )
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු 1126 භාණ්ඩ ප්‍රවාහන දුම්රිය අඹේවෙල සහ පට්ටිපොල දුම්රිය ස්ථාන දෙක අතර පීලි පැනිමට ලක් විම හේතුවෙන් උඩරට දුම්රි මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
 
1126 භාණ්ඩ ප්‍රවාහන දුම්රිය අඹේවෙල සහ පට්ටිපොල දුම්රිය ස්ථාන දෙක අතර අඹේවෙල කිරි කර්මාන්ත ශාලාව අසලදි පීලි පැනිමට ලක් වි ඇති බව දුම්රිය පාලක මැදිරිය කියා සිටියේය.
 
භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ ඩිසල් ඉන්ධන ගැලුම් 5800 ක් ප්‍රවාහනය කරන ලද ඉන්ධන ටැංකියක්  මෙසේ  පීලි පැන  තිබේ.
 
ඉන්ධන සහිත ටැංකිය පිලි පැනීමෙන් එම ටැංකියට මෙන්ම දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.
 
ඉන්ධන ටැංකිය පිලී පැනිම හේතුවෙන් බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන් සහ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් පිලි පැන ඇති ස්ථානය දක්වා ධාවනය කර එම දුම්රියන් වල සිටින මගින්ව දුම්රියන් අතර මාරු කර මගින්ව ගමනාන්තය දක්වා යැවිමට කටයුතු කරන බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.

පිලි පැනිමට ලක් වු ඉන්ධන ටැංකියේ තිබෙන ඉන්ධන ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ ඉන්ධන බවුසර් රථයකට මාරු කර පිලි පැනිමට ලක් වු ඉන්ධන ටැංකිය පිලි ගත කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ මධ්‍යම පලාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආනන්ද කරුණාරත්න මහතා පැවසිය.



අදහස් (0)

දුම්රියක් පීලි පැන උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site