(ප්‍රියානි මංගලිකා)
බිංගිරිය පොලිස් වසමේ ගව හිමිකරුවෙකුට අයත් , සොරා ගන්නා ලද ගැබිනි ගව දෙනක මැරීමට තැත් කළ දෙදෙනෙකු මගුරන්කඩවල පොල්වත්තකදී අත්අඩංගුවට ගත් බව රස්නායකපුර පොලීසිය අද (01)පැවසීය.
බිංගිරිය පොලිස් වසමේ,වීරපොකුන ප්‍රදේශයේ පදිංචි ගව හිමියෙකු දැදුරුඔය ආසන්නයේ බැඳ සිටි ගැබිනි ගවදෙන ඉකුත් 29 දා අතුරුදහන් වී තිබිණි. ඒ බවට පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වීමේ දී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
බිංගිරිය පොලිස් වසමේ ගැටලෑව සහ වෙල්ලංගිරිය යන ප්‍රදේශ වල පදිංචි 18 වියැති සැකකාර තරුණයන් දෙදෙනා ගවදෙන ද සමග නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලීසිය පවසයි.
නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී අලවත්ත මහතාගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති පො .ප.රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ අංශ ස්ථානාධිපති උ .පො.ප.අනුර ,පොලිස් සැරයන්වරුන් වන දිසානායක (33566),විජේවර්ධන (34208),සිරිවර්ධන (20923), පොලිස් කොස්තාපල් වරුන් වන කහවත්ත (36461),දිසානායක (95188) යන නිලධාරීහු වැටලීම කළහ.
සිද්ධිය සම්බන්ධයෙන් රස්නායකපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ගැබිනි ගවදෙනක මරාදමන්න තැත්කළ දෙදෙනෙකු අත්අඩංගුවට