සිතුම් චතුරංග
කඩු හා තියුණු ආයුද රැගෙන අද (14) දහවල් පැමිණි පිරිසක් විසින් යාපනය , නුවර ඒ නවය මාර්ගයේ කිලිනොච්චිය, විලවාඩි මංසන්ධිය අසලදී පුද්ගලයකු කපාකොටා ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනකුට පහරදී ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.
මහජනතාව ගැවසෙන ස්ථානයක් වන විලවාඩි මංසන්ධිය අසලට තියුණු ආයුධ අතැතිව පැමිණි පිරිස මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනාට බරපතල ලෙස ආයුධවලින් කපාකොටා පහරදී ඇතැයිද පොලිසිය පවසයි.
පහරදීම් හේතුවෙන් එම ස්ථානයේදීම එක් පුද්ගලයකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයින් තිදෙනා කිලිනොච්චිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
එලෙස පහරදීමෙන් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නො.164 , උමයාලපුරම් , පරන්තන් යන ලිපිනයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු වේ.
නීති විරෝධීව කිලිනොච්චිය ප්‍රදේශයේ සිදුකෙරන වැලි ජාවාරමක් හේතුවෙන් පිරිස මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.
පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පහරදීමට පැමිණි පිරිස සොයා විශේෂ විමර්ශනයක් සිදුකරන බවද පොලිසිය පැවසීය.
මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කිලිනොච්චිය මහ රෝහල වෙත රැගෙන යනු ලැබීය.
කිලිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 නොවැම්බර් මස 21
300
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
329
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1260
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඒ - 9 මාර්ගයේ පුද්ගලයකු කපා කොටා ඝාතනය කරලා