IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පුත්තලම නගර සභාවේ සැසිවාරය මන්ත්‍රීවරු කණ්ඩායමක් වර්ජනය කරති

රෝවන් පෙරේරා
 
පුත්තලම නගර සභාවේ සභාවාරය ආවරණය කිරීමට මාධ්‍යට අවසරයක් නොමැති බව නගරාධිපති කේ ඒ බායිස් මහතා පැවසීය. එවැනි තත්ත්වයක් තුළ පුත්තලම නගර සභාවේ මන්ත්‍රීවරු 5ක් සහ මන්ත්‍රීවරියන් 4ක්  අද (19) පැවති පුත්තලම නගර සභා හතරවන සැසිවාරය වර්ජනය කිරීමට කටයුතු කළ බව මාධ්‍ය හමුවක් පවත්වමින් ඊට සහභාගීවූ මන්ත්‍රීවරු කණ්ඩායම පැවසූහ.

 
කරුණු කිහිපයක් මුල් කර ගනිමින් සභාව වර්ජනය කිරීමට පියවර ගෙන ඇති අතර නගර සභා ආඥා පනතට අණුව සභාව පැවැත්වීමට දින හතරකට පෙර පසුගිය වාර්තාව මන්ත්‍රීවරුන් වෙත ලබාදිය යුතු වුවත් එම වර්තාව සභාව පැවැත්වීමට දින කට පෙර ලබාදීම,
 
සිංහල සහ දෙමළ භාෂාවෙන් ලබාදිය යුතු වාර්තාව සිංහල භාෂාවෙන් පමණක් ලබාදීම , දෙමළ මාධ්‍යයෙන් කළ කතාවන් සිංහල භාෂාවට පරිවර්ථනය කර දෙමළ භාෂාවෙන් ලබා නොදී හිතාමතාම දෙමළ භාෂාව කතා කරන අයට අසාධාරණයක් කිරීම , වර්ජනයට සහභාගී වූ මංත්‍රීවරුන් කරන යෝජනා වාර්තාවට ඇතුළත් නොකිරීම , යන කරුණු වර්ජනය කිරීමට හේතුවූ මුලික කරුණු බව මාධ්‍ය හමුවේදී අනාවරණය වීය.
 
මන්ත්‍රීවරුන් නඟන චෝදනා සම්බන්ධයෙන් පුත්තලම නගර සභාවේ නගරාධිපති කේ ඒ බායිස් මහතා මෙසේ පැවසීය.
 
    ‘‘භාෂා පරිවර්තනය නිතරම ලබා දෙනවා භාෂා පරිවර්තනය කිරීම පිළිබඳව ගැටලුවක් තිබෙනවා. හරියටම ඒක කරන්න පුළුවන් කෙනෙක් තවම අපට නැහැ. මේ සැරේ අපි ඒ දෙමළෙන් පරිවර්තනය කරපු එක හරියට උනේ නෑ.
 
ඒ නිසා අපි ආපහු එක ඒ අයටම නැවත දුන්නා. ඊට ඉස්සෙල්ලා අපි සේරම දෙමළෙන් පරිවර්තනය කරලා දුන්නා. රැස්වීම කැඳවීම දවස් හතරකට ඉස්සෙල්ල දැනුම් දෙන්න කියලා තියෙනවා.
 
නමුත් වාර්තාවක් දෙන්න කියලා එහෙම එකක් නැහැ. පොඩ්ඩක් ප්‍රමාද වුණොත් ඉතින් ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. අනිත් එක කතා කරන සේරම වාර්තා ගත වෙන්න ඕන කියලත් නෑ. අවශ්‍ය දේ විතරක් වාර්තා ගත කරනවා.
 
වාහන අවභාවිතයක් සම්බන්ධවත් ඊට අමතරම අවුරුදු උත්සවයක මුදල් සම්බන්ධව කතා කරපු එක හැන්සාඩ් ගත වෙලා නැහැ කියල කියනවා.කතා කරන හැම එකක්ම ලියන්නෙ නැහැ.

වාහන සම්බන්ධ කතා කරපු එකත් අපි ඒ කාලෙ ලිව්වා. ඒක ප්‍රශ්නය වන උප නගරාධිපති තුමා ටිකක් වැඩියෙන් පාවිච්චි කරයි කියලා. දැන් අපට වාහනවල අඩුපාඩුවක් තියෙනවා.වාහන තුනක් විතර අවශ්‍යයි. සමහර මන්ත්‍රීවරු ගොඩක් අලුත්. ඒ අයට තාම හරියට සභාවේ කතා කරන්න අමාරුයි. ඒ අය පුහුණුවටත් යවනවා.‘‘



අදහස් (0)

පුත්තලම නගර සභාවේ සැසිවාරය මන්ත්‍රීවරු කණ්ඩායමක් වර්ජනය කරති

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site