
(අංජුල මහික වීරරත්න)
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ තරගාවලියක් කිලිනොච්චියේ දී පැවැත්විණ.
ජාත්‍යන්තර මානුෂ්‍යවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ දිනය නිමිත්තෙන් කිළිනොච්චිය මහ විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවති මෙම වැඩසටහන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය, බිම්වෙඩි පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව මෙය සංවිධානය කළේය.
මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින පිරිස දිරි ගැන්වීම සහ ඔවුන් ඇගයීම මෙහි අරමුණ විය.
සෑම වසරකම අප්‍රේල් මස 04 වනදාට ජාත්‍යන්තර මානුෂ්‍යවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ දිනය යෙදී ඇත.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.