(ඉන්දිකා රාමනායක)
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මන්නාරම පොලිසියේ කණ්ඩායමක් ඊයේ අලුයම මාන්නාරම බස් නැවතුම ආසන්නයේ කාඩ්බෝඩ් පෙට්ටියක් බැද ගමන් ගත් යතුරුපැදි කරුවෙක් පරික්ෂා කිරීමේදී, එම පෙට්ටියේ සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම ජෙලෙග්නයිට් කූරු තොගය සොයා ගත් බව පොලිසිය පවසයි.
සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචි (47) හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd