(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුදල් තොගයක් සමඟ ගෑන්ඩ්පාස් ස්ටේස්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .
සැකකාරිය සමඟ රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා හොරයින් මත්කුඩු ග්‍රෑම් 208 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය චෝදනාවට වැලිකඩ බන්ධනාගාරයේ සිරගත ව සිටින සැකකාරියගේ සැමියා මාර්ගයෙන් මහර බන්ධනාගාරයේ සිටින ජාවාරම්කරු හඳුනාගෙන තිබූ බව කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත
එම ජාවාරම්කරු සැමියාට ජංගම දුරකථන හරහා ලබාදෙන උපදෙස් සැමියා තමන් වෙත ලබාදීමෙන් අනතුරුව. හොරයින් මත්කුඩු ජාවාරම සිදු කරන බව සැකකාරිය ප්‍රකාශ කර ඇත.
කොලොන්නාව වැල්ලම්පිටියේ සාලමුල්ල ග්‍රෑන්ඩ්පාස් හා කොටහේන ආදී ප්‍රදේශ වලට මත්කුඩු තොග වශයෙන් බෙදා හරින බව සැකකාරියගේ වැඩිදුරටත් අනාවරණ වී ඇතත
44 හැවිරිදි සැකකාරිය වැල්ලම්පිටිය මීතොටමුල්ල පදිංචිකාරියකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කුඩු මුදලාලිලා ටික ඔක්කොම කුදලල දුපතකට දාන්න තියෙන එකේ එහෙම කරන්නේ නැත්තේ. නඩුයි බඩුයි ඔක්කොම එක පැත්තේ නිසාද ? රටේම දරුවන් නොමරා මරණ කුඩු කිලෝ 195ක නැවක් එක්ක අල්ලපු උන්ට නිදහස් වෙන්න තරම් අපේ රටේ කළු කොට් , ඒවාට අයිති දෙපාර්තමේන්තු සහ එවයි වැඩ කරන උන්ට ලැබෙන පඬුරු කොච්චර වෙන්න ඕනෙද