IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අ’පුර ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ සේවකයෝ වැඩවරති


(දයාරත්න ඇඹෝගම)
 
අඩු ආදායම්ලාභීන්ගේ පවුල්වල අධ්‍යාපන සුදුසුකම් නොමැති පිරිසක් සාත්තු සේවකයන් ලෙස පුහුණු කිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට බඳවා ගැනීමට විරෝධය දක්වමින් එම රෝහලේ කනිෂ්ඨ සේවකයන් අද(09)සේවයෙන් ඉවත්වීම නිසා රෝගීහු විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයකට පත්වුහ.
 
අඩු ආදායම් සහිත පවුල්වල සාමාජිකයන් සදහා රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ තරුණ තරුණියන් 60දෙනෙකු සාත්තු සේවකයන් ලෙස පුහුණු කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහලට බඳවා ගැනිමට විරෝධය දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ සේවකයෝ සේවයෙන් ඉවත්වූහ.මෙම හේතුව නිසා ප්‍රතිකාර ගැනීමට බාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් මෙන්ම සායන සදහා පැමිණි රෝගීහු ද දැඩි දුෂ්කරතාවයකට පත්වූහ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ප්‍රගතිශීලි සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රචාරක ලේකම් තිලක් ක්‍රීශාන්ත කුහාර මහතා මෙසේ පැවසීය.
 
“අඩු ආදායම් සහිත පවුල්වල සාමාජිකයන් 60දෙනෙකු පමණ සාත්තු සේවකයන් ලෙස පුහුණු කිරීමට රෝහලට බඳවාගෙන. මෙම බඳවා ගැනීම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බඳවාගැනීමේ පටිපාටියට බැහැරවයි සිදුකර තිබෙන්නේ. මේක වැරදි ක්‍රියාවක්. මේ අය බඳවා ගෙන තිබෙන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට නොවෙයි.
 
මේ අයට රැකියා දෙනවාට අපේ විරුද්ධතාවයක් නැහැ. එහෙත් ඔවුන්ට ඒ සඳහා සුදුසුකම් නැහැ. මේ නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ සේවකයන් සියලුදෙනා සේවයෙන් ඉවත්වීමට තීරණය කළා. අපි හදිසි සේවාවන්වල රාජකාරි කටයුතු කරනවා. සාමාන්‍ය රාජකාරිවලින් ඉවත්වීමට තිරණය කර තිබෙනවා.
 
මේ සඳහා සාධනීය විසඳුමක් ලබාදෙන ලෙසට වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොවුණහොත් දැඩි වෘත්තියමය ක්‍රියාමාර්ගයකට පිවිසෙනවා” යැයි තිලක් ක්‍රීශාන්ත කුමාර මහතා මෙහිදි පැවසීය.
 



අදහස් (0)

අ’පුර ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ සේවකයෝ වැඩවරති

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site