IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


බලය වෙනුවෙන් විපක්ෂය ගෝත්‍රිකයන් ලෙස ක්‍රියා කරනවා’

(නිමල කොඩිතුවක්කු)

විසිඑක් වන සියවසේ ජීවත්වනවා වෙනුවට  බලය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය ගෝත‍්‍රිකයන් ලෙස කටයුතු කරන බව කොළඹ  දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් මහතා පැවැසීය.

ජාතිවාදය සහ ආගම්වාදය පිලිබඳ කතාකරනවා මිස ඔවුන්ගෙන් රටට බලාපොරොත්තු විය හැකි දෙයක් නොමැති බවත්  මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ   පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් මහතා මෙසේද කීය.

‘‘අපේ රජය ගතවූ වසර හතර තුළ රටේ විශාල සංවර්දන වැඩපිළිවෙළක් ගෙන ගියා. ජනතාවගේ  යටිතල පහසුකම්, සෞඛ්‍ය සේවාව, අධ්‍යාපන සේවය, ගම්වල පාරවල් හදන්න විශාල මුදලක් වෙන් කළා. මේ අවුරුද්දේත්  ගම්පෙරලිය වැඩසටහන මගින් එක ආසනයකට මිලියන තුන්සීක් වෙන් කරලා විශාල වැඩපිලිවලක් කර ගෙන යනවා.

අපේ රජය යටතේ පසුගිය  වසර හතරහමාර තුළ මේ රටේ සංවර්ධනය, දියුණුව,  දේශපාලන ප‍්‍රතිසංස්කරණ, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය  තහවුරු කිරීම, නීතියේ ආධිපත්‍ය  තහවුරු කරමින් අධිකරණයේ  ස්වාධීනත්වය  ඇතිකරමින් ආපු ගමනක් අපි දැක්කා. ඔක්තෝබර්  මාසයේ සිදුවූ ඒ කුමන්ත‍්‍රණයත් එක්ක යම් ප‍්‍රමාණයකින් පස්සට යන්න අපිට සිදුවුණා.  මේ තත්වය නිවැරදි කරමින් අපි ආපු  ගමන පාස්කු ඉරිදා ප‍්‍රහාරයත්  එක්ක නැවත ආපස්සට හැරිලා තියෙනවා.

ඒ ගමන ආපස්සට හරවන්න මේ බෝම්බය පිපිරෙනකම් බලාගෙන හිටපු පිරිසක් අද රටේ ඉන්නවා.  ඒ අය මේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය  නිකං අවුරුද්ද සමරනවා වගේ සමරනවා.  මේ රටේ අහිංසක  ජනතාවගේ මලමිනී  උඩින් ගිහින් තමන්ගෙන් ගිලිහුනු බලය  යලි ලබා ගැනීමේ උත්සාහයක ඔවුන් නිරත වෙලා සිටිනවා.

අද ඔවුන් සංවර්ධනය පිළිබඳ ආණ්ඩුවට චෝදනා එල්ල කරන්නේ නැහැ.  ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආර්ථිකය ගැන ඔවුන් කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්  ජාතිවාදය ආයුධයක් කරගෙන දඟලනවා.

ජාතිවාදය  මගින් බලයට ඒමට අද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සමහර දේශපාලන නායකයො කටයුතු කරනවා. ඒ සදහා ඔවුන් ඉතාම  ගෝත‍්‍රක විදියට මේ රටේ ජනතාව අතර  සැකය වෛරය අවුස්සන්න කටයුතු  කරගෙන යනවා.  ඔවුන් පහුගිය කාලයේ  උතුරේ ආවා කල්ලිය හැදුනම ඒක ලොකූ බිල්ලෙක් මවලා නැවත එල්.ටී. ටී. ඊ සංවිධානය බිහිවුණා කියලා  ජනතාව අතර කාවද්දන්න විශාල උත්සාහයක් දැරුවා.

දවසගානේ මේ රටේ ජනතාව අතර සැකය,  වෛරය, අවිශ්වාසය ඇතිකරන  සඨන්පාඨ නිතරම  ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාවල ඔවුන් කතා කරනවා.  එක්කො ඇවිත් දොස්තර සාෆි ගැන කියනවා,  එක්කො ඇවිත් ජනගහනය ගැන කියනවා.  එහෙම කියලා අපිව බෙදලා වෙන්කරලා අපි  එකෙනිකා අතර සැකයෙන් බලන මානසිකත්වයක්  මේ රටේ ඇති කරන්න  අද ඒකාබද්ද විපක්ෂය උත්සාහ කරනවා.

මේ ඇතිවූ ත‍්‍රස්තවාදී උවදුර අද වනවිට මුළුමනින්ම විනාශ කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ ගැන අපි ආරක්ෂක අංශ වලට ස්තූතිවන්ත විය යුතුයි’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.

 



අදහස් (0)

බලය වෙනුවෙන් විපක්ෂය ගෝත්‍රිකයන් ලෙස ක්‍රියා කරනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 158 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1010 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site