IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


තිස්ස විතාරණ ආණ්ඩුව ගැන කියයි

(විනීතා එම් ගමගේ)

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ගමන ඉදිරි මහ මැතිවරණයෙන් අවසන්  වන බව දන්නා නිසා රජය පවත්වාගෙන යෑම සඳහා  හැම තැනකින්ම ආණ්ඩුව ණය ගන්නේ යැයි ලංකා සම සමාජ පක්ෂයේ  නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේය. 

ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා ගන්නට තැත් කළ ඩොලර් මිලියන 280 ක ණය මුදල ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත්වූ වහාම නවත්වා දැමූ නමුත් වත්මන් රජය යළිත් එය ලබාගැනීමට කටයුතු කර ඇතැයි ද විතාරණ මහතා පැවසීය.

සහශ්‍ර අරමුදලෙන් ඩොලර් මිලියන 400 ක් ද ජයිකා අරමුදලින් තවත් ණයක් ද ඉල්ලා ඇතැයි හෙළි වූ බව ද මහාචාර්යවරයා කීය.

අනාගත පරම්පරා ගණනාවක් ණය කරුවන් කරමින් රටට අවශ්‍ය මුදල් සොයන්නට මේ ආණ්ඩුව කටයුතු කරන්නේ ඔවුන් ඒවා ගෙවීමට බලයේ නොසිටින බව දන්නා නිසා යැයි ද හෙතෙම කියා සිටියේය. 

ඔක්තෝබර් 26 වැනිදා කුමන්ත්‍රණයක් සිදු වූයේ යැයි කියතත් කුමන්ත්‍රණය ආරම්භ වූයේ එදා නොව 2016 සිට යැයි පෙන්වා දුන් විතාරණ මහතා ඇමරිකාව ද ඊට එකතුවී සිටියේ යැයි ද කීය. 

නව ලිබරල්වාදී පාලනය අවසන් කරමින් අපේ කම රැකෙන දේශීය වැඩ පිළිවෙළකට යායුතු යැයි ද එවැනි වැඩ පිළිවෙලක් එජාපයෙන් බලාපොරොත්තු විය නොහැකි යැයි ද හෙතෙම කියා සිටියේය. 

මහාචාර්ය තිස්ස විතාරණ මහතා මේ අදහස් පළ කළේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ අද (24) පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි. 


එම මාධ්‍ය හමුව ඇමතූ සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් රාජා කොල්ලුරේ මහතා පැවැසූයේ ආණ්ඩුවේ සියලු යෝජනා ක්‍රම එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක කරන බවය. බොහෝ එවැනි යෝජනාවන් තම  පාක්ෂිකයන්ට පමණක් බව ඔවුන් ප්‍රසිද්ධියේ කියා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. 

ගම්පෙරළිය තම පාක්ෂිකයන් වෙනුවෙන් බව සඳහන් කර ඇතැයි ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා සෑම ඡන්ද කොට්ඨාසයකටම එජාප සාමාජිකයින්ට රැකියා දහසක් දෙන බව කියා ඇතැයි ද කොල්ලුරේ මහතා පැවැසීය. 

විශේෂයෙන්ම රජය සංවර්ධන කටයුතු නොකරන බව පවසා ඇතැයි පෙන්වා දුන් ඒ මහතා ජනතාවට ලැබෙන්නේ සංවර්ධනයේ ප්‍රතිඵල යැයි ද ආණ්ඩුව හදන්නේ සංවර්ධනය නොකර ආණ්ඩුවේ මුදලින් පාක්ෂිකයන්ට ප්‍රතිලාභ ලබාදී නිහඬවන්නට  යැයි ද සඳහන් කළේය. 

ප්‍රතිලාභ ලබාදීම සඳහා වන ලැයිස්තු යවන්නේ රාජ්‍ය ආයතනයක් වෙත නොව සිරිකොත වෙත වීම මේ පිළිබඳව ඇති හොඳම සාක්ෂි යැයි  කොල්ලුරේ මහතා පැවසීය.



අදහස් (0)

තිස්ස විතාරණ ආණ්ඩුව ගැන කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 282 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2119 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1612 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site