IMG-LOGO

‘රාජපක්ෂවරු යුද ජයග්‍රහණයේ ගැටලු සහගත තැන් ෆොන්සේකා ඇතුළු රණවිරුවන්ට බැර කරනවා ‘

(නිමල කොඩිතුවක්කු)

යුද්ධ ජයග‍්‍රහණයේ ගෞරවය රාජපක්ෂ අයියා මලෝ බෙදාගනිදී යුද්ධයේ ගැටලූ සහගත අවස්ථා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු රණවිරුවන්ට  බැර කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට රටේ ආරක්ෂාව පිලිබද ඉහළම වගකීම පැවරීමට සජිත් පේ‍්‍රමදාස මහතා තීරණය කර ඇති බැවින්  ජනතාවට ඉදිරියේදී සුරක්ෂිත රටක් හිමිවනු ඇති බවත් මන්ත‍්‍රිවරයා සදහන් කළේය.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද(16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා -
    
‘පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකතුමන් සහ ඔහුගේ  බොඩිගාඩ්ලා සියලූ දෙනත් එක්ක මාධ්‍ය සාකච්ඡාවක් සිදුකිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව ලැබුණා. මේ මාධ්‍ය සාකච්ඡාවේදී  දැක්වූ අදහස් කිහිපයක් පිළිබඳ මුළු රටේම අවධානය යොමු වෙලා තියෙනවා.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක  ගෝඨාභය රාජපක්ෂ මහතාට  ඇයි තනියම මාධ්‍ය සාකච්ඡාවක් කරන්න බැරි  කියා අපි අහනවා. රටේ පාලනය භාරගන්න එන ගෝඨාභය රාජපක්ෂ මහතා  බොඩිගාඞ්ලා දහයක් පහලවක් දාගෙන මාධ්‍ය සාකච්චාවක්  පවත්වන්න අවශ්‍ය නැහැ.  එතුමන්ට  ජනාධිපති වෙන්න සිහිනයක් තියෙනවන් ඔහුට පුලූවන් වෙන්න  ඕන මාධ්‍යයට තනිවම  කතා කරන්න.

පොහොට්ටුවේ අපේක්ෂක  ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේ අපේක්ෂකයා සමග විවාදයකට ආරාධනා කළා. ඒ අවස්තාව සිවිල් සංවිධාන   සලස්වලා දුන්නත් ගෝඨාභය රාජපක්ෂ මහතා බියගුල්ලෙක් සේ ඒ අවස්තව මඟ හැරියා. 

මේ ගැන ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමේදීත් ඔහු පැවසුවේ  විවාද කරනවාට වඩා  ඒ අවශ්‍ය අදහස් ලබා ගන්න එක වැදගත් කියළා ඔහු පැවසුවා. මේ අපේක්ෂකයන්ට  ප‍්‍රශ්ණ ලබා දුන්නම ඒකට ලබා දෙන උත්තර පිළිබද ජනතාව බලාගෙන ඉන්නවා. මේ කටයුත්ත  දියුණු රටවල සිදුවෙනවා. එහෙනම්  ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයන්ටත් කියන්න පුලූවන්  අපිට අදහස් ලැබෙනවා ඒ නිසා විවාද අවශ්‍ය නැහැ කියලා. 

අපි  මේ අවස්තාවේදීත් පොහොට්ටුවේ අපේක්ෂක  ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේ අපේක්ෂකයා සමග විවාදයකට යළිත් ආරාධනා කරනවා. එතුමන්ට තනියම එන්න බැරිනම්  තවත් හතර පස් දෙනෙක් බොඩිගාඞ්ලා හැටියට අරන් ආවට කමක් නැහැ කියලත් අපි කියනවා.

 ඕනම අවස්තාවක, ඔනෑම  තැනක සියලූම මාධ්‍ය ආයතන වලට ආරාධනා කරලා අපි විවාදයක් කරමු. මේ රටේ ජනාධිපති වෙන්න යන පුද්ගළයාට එහෙම කොන්දක් හැකියාවක් තියෙන්න  ඕන. ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් ප‍්‍රශ්න අහනවිට එතුමා සමහර විට ගොලූවෙලා අයියා දිහා බලනවා, අනෙත්  අය දිහා බලනවා සහන ලබා ගන්න. 

මේ යුද්ධය මෙහෙයවූයේ මමවත් අයියවත් නෙමෙයි  යුද්ධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියලා මේ මාධ්‍ය හමුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා. යුද්ධ ජයග‍්‍රහණය කළ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂාව පිළිබඳව ප‍්‍රධානතම වගකීම පවරන බවට සජිත් පේ‍්‍රමදාස මහතා  ඉතා පැහැදිලිවම කියලා තියෙනවා.   ඒ නිසා මේ රටේ ජනතාවට ආරක්ෂාව පිළිබද කිසිම සැකයක් තියා ගන්න අවශ්‍ය නැහැ.

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රකාශයේ ගැටලූවක් තියෙනවා.  එතුමා කියපු කාරණාවේදී   ජීවිත පූජා කරපු රණවිරුවන් පාවා දුන්නා. යුද්ධ ජයග‍්‍රහණයේ ගෞරවය රාජපක්ෂ අයියා මලේ ගනිද්දී  ඒ තුලින් මතුවන ගැටලූවලදී අයියා මල්ලී බේරිලා සරත් ෆොන්සේකා  මහතා ඇතුලූ රණවිරුවන් පාවා දෙනවා.

යුද්ධ ජයග‍්‍රහණයේ වාසිය ලබා ගන්නත් ජාත්‍යන්තර වශයන්  ගැටලූ මතුවෙද්දී ඉන් මඟ හරින්නත් ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ කරනවා. මම හිතන්නේ ඉතාම නිවට කටයුත්තක් තමයි එතුමා සිදු කලේ. යුද්ධයක් කලානම් ඒ යුද්ධයේදී  සිදුවූ ධනාත්මක දේත් සෘණාත්මක දේටත්  මුහුණ දෙන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට  හැකි විය යුතුයි. 

2015 ජනවාරි 8 ට කලින්  අපේ රට  ජාත්‍යන්තර  වශයෙන් මොනවගේ ගැටලූ සහගත තත්වයකද හිටියේ කියලා ඔබට මතක ඇති.  අපේ අල්ලපු රට ඉන්දියාව අපිට විරුද්ධව  ඡන්දය දුන්නා. යුරෝපා සංගමයෙන් අපිට ආර්ථික සම්බාධක පනවලා තිබුනා.  ඇමරිකාවෙන් අපිට විරුද්ධව යෝජනා ගෙනාව. රාජපක්ෂ යුගයේදී මේ වගේ ජාත්‍යන්තරය අපිට  විරුද්ධවයි කටයුතු කළේ.

එදා මහින්ද රාජපක්ෂ මහතා නිතරම විදුලි පුටුවක් ගැන කතා කළා. ඒ තරම්  ලොකු බලපෑමක් ජාත්‍යන්තරයෙන් අපිට එල්ලල වුණා.  අද එහෙම දෙයක් අහන්නවත් නැහැ. අපි රණවිරුවන්වත් කාවවත් පාවා දෙන්නේ නැතුව රට  මේ තත්වයට පත් කලා. 

හැබැයි රාජපක්ෂවරු ගනුදෙනු කරන ආකාරයට  නැවතත් මේ රට ජාත්‍යන්තරය අපිව කොන් කරන ආකාරයට  පත් වීමක් ඉදිරියේදී සිදුවේවී යැයි කියන ඒ සැකය අපිට තියෙනවා. 

කලාතුරකින් ලැබෙන අවස්තාවක් විදියට තමයි මාධ්‍යවේදීන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලූ පිරිසගේ මාධ්‍ය හමුවට ගියේ. රඹුටන් සීසන් එක වගේ කාලෙකට පස්සේ  ලැබෙන මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න මාධ්‍යවේදීන් සහභාගී වුණා.  

අපේ අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා තව ප‍්‍රශ්ණ තියෙනවද කිය කිය තව ප‍්‍රශ්ණ ඉල්ලනවා.නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ට සමහර  ප‍්‍රශ්ණ අහන්න ඉඩ දුන්නේ නැහැ. සමහර ඒවා නතර වුනා. සමහර මයික් වල සද්ධය නතර වුනා.  

සමහර මාධ්‍යවේදීන්ට අහගන්න බැරි වූ ප‍්‍රශ්ණ නාමාවලියක්  මට ලිඛිතව ලබා දුන්නා. යුදධ්‍ය මෙහෙයවූයේ තමාවත්  අයියාවත් නෙමෙයිනම් යුද්ධ ජයග‍්‍රහණය  තම පවුල සතු කරගත්තේ කෙසේද?, හිටපු  හමුදාපති සිරගත කළේ යුද්ධ ජයග‍්‍රහණය තම පවුල  සතු කර ගැනීමටද ආදී ප‍්‍රශ්ණ නාමාවලියක් එහි  තියෙනවා. මේ ප‍්‍රශ්ණ වලටත් පිලිතුරු දෙන්න කියළා අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කරනවා’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.

 

 

 



අදහස් (0)

‘රාජපක්ෂවරු යුද ජයග්‍රහණයේ ගැටලු සහගත තැන් ෆොන්සේකා ඇතුළු රණවිරුවන්ට බැර කරනවා ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site