(ඩයනා උදයංගනී)
නමුත් වත්මන් රජය හඬපටවලට මුවා වී ජනතා ප්රශ්න අමතක කිරීමට උත්සාහ ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසීය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පැමිණියේ පාස්කු ප‍්‍රහාරයට වගකිවයුත්තන්, මහබැංකු වංචාවට සම්බන්ධ වූවන් අල්ලන බව කියමින් වුවත් දැන් සොයන්නේ හඬ පට බව මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා කටයුතු කර ඇති ආකාරය එක්සත් ජාතික පක්‍ෂය අනුමත නොකරන බව කී මන්ත‍්‍රීවරයා ඔහු වරදක් කර ඇත්නම් පරීක්‍ෂණයක් කර දඬුවම් ලබාදිය යුතු බව ද කීවේය.
ජනතාවගේ ජීවන වියදම ආදී ගැටලූ නොවිසදන ආණ්ඩුව රැකියා දස ලක්‍ෂයක් ලබාදෙන බව කියමින් තරුණයින් නොමග යැවීම සිදුකරන බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය. තුෂාර ඉදුනිල් මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඡායාරූපය - ලහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සන් උඩු බුරයි. මේ වගේ අය එක්ක සජිත් මහත්මයාට ගමනක් යන්න පුලුවන්ද? කට අැරියොත් ඉවරයි. වැරදි කරලා එවා එළියට එනකොට බබා පාට් දානවා.
ලොක්කා පොඩ්ඩක් ඉවසන්න. තව මාස 02ක්වත් ගතවුණේ නැහැනේ. මේ හඬපටවලින්ම බැංකු හොරුන්ගේ විස්තරත් එළියට ඒවි. දැනටමත් ස්වාධීන පොලිස් කොමිසමේ සහ ස්වාධීන උසාවියේ තරම එළිවෙලානේ. දැනටමත් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ගන්න ප්‍රමාණය වැඩිකළේ නැහැ. ඒකම කොච්චර දෙයක්ද?