IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


මත්තලින් රට රැකියාවලට යන අයට වට්ටම්

(තිළිණි ද සිල්වා)
 
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට  ඉදිරියේ දී   වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (17) පැවසීය.
 
මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
 
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේදී ද මත්තල ගුවන්තොටුපළ විශේෂ කාර්යභාරයක් ඉටු කරන බවත්,  ඊයේ(16) වන විට  ගුවන් ගමන්වාර 198 කින් මගීන් 8200 ක් මත්තල ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණ ඇතැයි ද සංචාරක අමාත්‍යවරයා කියා සිටියේය.
 
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යාලේඛන අනුව වාර්ෂිකව දිවයිනෙන් විදේශ රැකියා සදහා පිටව යන සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවන අතර ඉන් 20% පමණ මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිත දිස්ත්‍රික්ක වන ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, බදුල්ල, අම්පාර, රත්නපුර, කල්මුණේ, මඩකලපුව පදිංචිකරුවන් බවද සංචාරක අමාත්‍යවරයා පෙන්වා දේ.
 
මෙම යෝජනාව සදහා කැබිනට් අනුමැතිය හිමි වු බවත් ඒ අනුව අදාළ සාකච්ඡා පැවැත්වෙන බවත් ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
 
කොවිඩ්-19 හේතුවෙන් මේ වන විට ගුවන්තොටුපළ වසා තිබුණ ද නැවත ගුවන්තොටුපළ විවෘත කිරීමත් සමග රැකියා සදහා විදෙස්ගත වීම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමට සඳහා කාලයක් ගත විය හැකි වුවද එලෙස විදෙස්ගත වන ශ්‍රමිකයන් සංඛ්‍යාව යථා තත්ත්වයට පත්වන විට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

මත්තලින් රට රැකියාවලට යන අයට වට්ටම්

ඔබේ අදහස් එවන්න

මාධ්‍ය හමුව

මත්තලින් රට රැකියාවලට යන අයට වට්ටම්
2020 සැප්තැම්බර් මස 17 419 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර


සමගි ජන බලවේගයේ ශාඛා සමිති ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් සතිඅන්තයේදී
2020 සැප්තැම්බර් මස 16 355 0

පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.


‘ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව රටේ නීති රීති වෙනස් කරනවා‘
2020 සැප්තැම්බර් මස 15 320 0

තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට


’විධායකයේ බලතල කප්පාදුවට අත එසවූ පිරිස් 20 ශක්තිමත් කරන්න අත ඔසවනවා’
2020 සැප්තැම්බර් මස 03 1445 7

විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව


‘ආණ්ඩුව ජනතා අභිලාෂයන්ට පයින් ගසලා’
2020 අගෝස්තු මස 24 341 0

තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත


වසර 30 ක සේවය අයගමින් සිහිසුන් රෝගියා ගෙදර එවයි
2020 අගෝස්තු මස 23 261 0

සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 8 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 107 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2159 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site